යුරෝපා සංගමයෙන් ජනපතිට ධනාත්මක ප්‍රතිචාර…

June 19, 2020 at 8:40 am | lanka C news
යුරෝපා සංගමයෙන් ජනපතිට ධනාත්මක ප්‍රතිචාර…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේදී යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරු හමුවී කොවිඩ් – 19 අර්බුදයෙන් පසු ආර්ථිකය නැවත ගොඩනැංවීම පිළිබඳව සාකච්ඡා කළේය.

වසංගතය හේතුවෙන් උද්ගත වූ සෞඛ්‍ය අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය සේවාව කඩිනමින් යොදා ගැනීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ බව රාජපක්ෂ මැතිතුමා පැවසීය. පොලීසියේ සහ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නිවැරදිව ආසාදිතයන් පමණක් නොව ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් ද හඳුනා ගැනුණු අතර ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරුණි. ශ්‍රී ලංකාවට වෛරසය සාර්ථකව පාලනය කිරීමට මෙම වැඩපිළිවෙළ ඉවහල් විය.

රට ඉදිරියේ ඇති ඊළඟ අභියෝගය ආර්ථිකය නැවත ගොඩනැංවීම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වත්මන් ආර්ථික වර්ධන වේගය ඉතා පහළ අගයක් ගන්නා බවත් ජාතික ණය ප්‍රමාණය ඉහල ගොස් ඇති බවත් පෙන්වා දුන්නේය.

මේ දුෂ්කර අවස්ථාව ජයගැනීම සඳහා ආනයන දැඩිව පාලනය කළ යුතු වෙයි. එසේ වුවත් ශ්‍රී ලංකාව සංවෘත ආර්ථිකයක් බව මින් අදහස් නොකෙරේ.

දේශීය කර්මාන්ත නඟා සිටුවීමේ තම අභිලාෂය පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මෙහිදී සඳහන් කළේය. බොහෝ ආහාර වර්ග දේශීයව නිෂ්පාදනය කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එබැවින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මෙම ක්ෂේත්‍රයේ නවීකරණය කිරීමයි. කාබනික පොහොර, ගුණාත්මක බීජ සහ දියුණු තාක්ෂණය හඳුන්වා දීමේ ඇති වැදගත්කම පිළිබඳව ද එතුමා පෙන්වා දුන්නේය.

නිසි ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් කෘෂි නිෂ්පාදන වලින් 40%ක් පමණ අපතේ යයි. එබැවින් ටින් කිරීම සහ නැවුම් නිෂ්පාදන වේලීම වැනි ක්‍රමවේද දියුණු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කළේය.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ණය කපාහැරීමක් සිදුවන්නේ නම් එය ශ්‍රී ලංකාවට ප්‍රතිඵලදායක වනු ඇති බව ජනාධිපතිතුමා කීය. තවදුරටත් ණය ගැනීම විකල්පයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ නව ආයෝජන බවයි.

ජනාධිපතිතුමා සූර්ය ශක්තිය සහ සුළං බලය භාවිතයෙන් නිපදවෙන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කෙරෙහි යුරෝපා සංගම් දූත කණ්ඩායමේ අවධානය යොමු කළේය. රටේ තරුණ ප්‍රජාවට නව තාක්ෂණයට දොරගුලු විවර කරදීමේ අවස්ථා පුළුල් කරමින් තොරතුරු පාදක අධ්‍යාපනික ක්‍රමවේදයක් දියුණු කිරීමේ තම අභිලාෂය පිළිබඳව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනයෙහි නිරත වන ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. විශ්වවිද්‍යාල වැඩි සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීමේ අවස්ථාව සලසලමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිය පණත් මේ වනවිට සංශෝධනය කරමින් සිටී.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට ධනාත්මක ලෙස ප්‍රතිචාර දැක්වූ යුරෝපා සංගම් නියෝජිත පිරිස තම රටවලට මෙම ක්ෂේත්‍රයන්හි දී ශ්‍රී ලංකාවට සහාය වීමේ විවිධ ක්‍රම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

377 views

6 Comments to “යුරෝපා සංගමයෙන් ජනපතිට ධනාත්මක ප්‍රතිචාර…”

  1. SL says:

    හර්ෂණ රාජ කරුණාට ප්‍රමුක ගොන්නු ටිකට මේක යවන්න. උන්ට අහාර කිහිපයකට බදු ගහපු එක ප්‍රශ්නයක් ,කර්මාන්ත,කොම්පැනි,SME වලට දෙන ණය පොලි අනුපාත අඩු කරන එකත් ප්‍රශ්නයක්…
    මතක ඇතිව එරං වික්කමසිංහ ටත් යවන්න

  2. eddi says:

    මේ රටේ නිලදාරීන් මොනවද කරන්නේ PHD ගහපු රජයේ නිලදාරීන් කොච්චර් ඉන්නවද රජයේ වියදමින් විබාග pass කරගෙන තනතුරු හදාගෙන ඔහේ නිකන් ඉදන් පඩි අරගෙන ඉන්න එක තමයි කරන්නේ මේ ඔක්කොම යෝජනා කරන්න ඕනේ රටේ ජනාධිපතිද

  3. Chinthana says:

    We need to create such people like President Gotabaya in the future & should be facilitated and make all those provisions to success them. This should be a dream for Sri Lankans which becomes true.

  4. Aurora says:

    මේ රටේ උසස්වීම් දීමේ ක්‍රමවේදය සම්පුර්ණයෙන්ම රට ආපස්සට ගෙනයන ඉතාමත් අසාර්ථක එකක්. නිලධාරීන්ගේ කාර්යසාධනය අමු බොරුවක්. කාර්යසාධනය ගණනය කරන්නේ මහා මෝඩ ක්‍රමවේදයකට අනුවයි. නිලධාරීන් තම ඉලක්ක වලට යාම පිළිබඳව කිසිම සැළකීමක් නැහැ. ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන්ට ඉලක්ක ලබාදෙන්නේ නැහැ, ඒ නිසා පසුවිපරම් කරන්න දෙයකුත් නැහැ. වැඩකරණ එකාට ප්‍රශ්ණ ඇතිකරනවා, විනය පරීක්‍ෂණ, මඩ ප්‍රහාර පමණයි. ඒ අතරේ වැඩනොකර ඊළඟ උසස්වීම ඉලක්කකරගෙන විභාගවලට පාඩම් කරණ නිලධාරීන් සැපට AC එකේ මෙසේ ළඟ ඉඳගෙන විභාගවලට පාඩම් කරනවා. ඔහුට පශ්චාත් උපාධි, උසස්වීම් ලැබෙනවා වැඩකරණ එකාට ලැබෙන්නේ කලකිරීම පමණයි.

  5. Manel says:

    I can believe that Yu Qual Lee, Mohomad Mahatheer and Putin all live in Gota. May the blessings of triple Gem be with our President. A pragmatic character with a correct vision.

  6. දුටුගැමුණු says:

    ජනාධිපති යුරෝපා සංගමය ට කියපු දේ හරියට හරි. ඒත් ඔය යක්කු කවදාවත් ඕක ට උදව් කරන්නේ නත. ඒ වෙනුවට ඔය ඉල්ලීම නොකෙරෙන විදිහට උදව් කරන විදිහට අංචි අදිනවා. ඕකුන් ලංකාව ට තනිව නගිටින්න දෙන්නෙ නත. 1505 සිටම ඕකුන් අපිට කෙලියා . මතක තියාගනිල්ලා !

Main News