‘යුවාන් වැන් 5’ නැවේ කපිතාන් සරත් වීරසේකරට අතට අත දෙන්න බෑ කියයි.. හේතුව මෙන්න..

August 16, 2022 at 10:06 pm | lanka C news
‘යුවාන් වැන් 5’ නැවේ කපිතාන් සරත් වීරසේකරට අතට අත දෙන්න බෑ කියයි.. හේතුව මෙන්න..

අද හම්බන්තොට වරායට පැමිණි ‘යුවාන් වැන් 5’ නෞකාව පිළිගැනීම සඳහා පැමිණියේය කොළඹ සිටින චීන තානාපතිවරයා ද මෙරට දේශපාලනඥයන් පිරිසක් ද ගොස් සිටියේය.

නෞකාව පිලිගැනීම සදහා එහි සුළු උත්සව අවස්ථාවක් ද සංවිධානය කර තිබිණි.

නෞකාව පිළිගැනීම සඳහා එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා නෞකාවේ කපිතාන්වරයාට අතට අත දීමට උත්සහ කළ ද කපිතාන්වරයා එය ප්‍රතික්ෂේප කරමින් අත වනා ආචාර කිරීමක් පමණක් සිදු කලේය.

කොළඹ චීන තානාපති වරයාද කපිතාන්වරයාට අතට අත දීමට උත්සාහ කල නමුත් කපිතාන්වරයා එයද ප්‍රතික්ෂේප කර තිබේ.

ඊට හේතුව ලෙස නපිතාන්වරයා එහිදී දැනුම් දී ඇත්තේ කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් නැවක කපිතාන් ධුරය දරන තමන් අතට අත දීමෙන් වැලකී සිටින බවයි.

206,974 views

28 Comments to “‘යුවාන් වැන් 5’ නැවේ කපිතාන් සරත් වීරසේකරට අතට අත දෙන්න බෑ කියයි.. හේතුව මෙන්න..”

  1. හොඳම කෙනා says:

    ගම්පහ එවුන්ට පබා ගෙනාවා කියලා කින්ඩිය දැම්මට ඔය කොළඹ උගත්තු සෙට් එක මේකාව කොළඹින් පළවෙනියා කරලා සිංහලයන් බේරගන්න ගෙනාවේ. එවුනට දැන් යන්නේ සහරාන්ගේ වාහනේ. මේ රටේ මිනිසුන්ගේ දේශපාලන කියවීම අන්තිමයි. මම හිතනවා දැන්වත් අපි සිංහල දෙමල මුස්ලිම් කියලා බෙදිලා ඉන්නේ නැතුව එකම ශ්‍රී ලාංකික හැගීමේන් එකතු වෙන්න ඕනේ කලේ හරි. දෙමල ඩයස්පෝරාව හතුරෙක් හැටියට දක්කිනේ නැතුව සිංහල ඩයස්පෝරාවත් එකට එකතුවෙලා රට ගොඩදාන වැඩ පිළිවෙලක් ගෙන්න ඕනේ. කුහක දේශපාලකයින් සහ ඔවුන්ගේ මාද්‍ය සගයින් තමයි LTTE පන දෙනවෝ කියලා මිනිසුන් තුල විරසකයක් හදලා එක තුලින් සියුම් ලෙස ජාතිවාදය වපුරලා සිංහල ලේ උණු කරලා තමන්ගේ චන්දය ගොඩ වැඩි කර ගන්නේ. හැබැයි ඉතිං පාස්කු ප්‍රහාරය වගේ එකක් කරලා තහනම ඉවත් කරපු නිසා ගෙනාපු ඩොලර් වලින් තමයි අර දෙමල සංවිධාන ප්‍රහාරය කරේ කියලා මිනිසුන් අන්දලා ලේ මතින් චන්ද ගන්න පුළුවන් පජාත දේශපාලුවන් පිරිසක් තමයි මේ රටේ ඉන්නේ. මිනිසුත් ඒවාට ඉතින් රැවැටෙනවා.

  2. සත්‍යය says:

    මෙතරම් දීන මානසිකත්වයක්…

Main News