යූඑන්පීය මට පහර දෙනවා..- ජනපති

May 21, 2018 at 10:40 am | lanka C news
යූඑන්පීය මට පහර දෙනවා..- ජනපති

තමනට එක්සත් ජාතික පක්‍ෂය විසින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත.

කොතරම් ප‍්‍රහාර එල්ල කලද තමන් ඕනෑම අභියෝගයකට රට වෙනුවෙන් මුහුණ දීමට කමන් සූදානම් යයි ඔහු සදහන් කර ඇත්තේ ශ‍්‍රීලනිප 16 කණ්ඩායම මුණ ගැසුනු අවස්ථාවේදීය.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සම්බන්ධයෙන් තමනට විශ්වාසයක් ඇතැයිද පවසා ඇති ජනාධිපතිවරයා ශ‍්‍රිලනිපය ශක්තිමත් කර ඉදිරියට යාමට ඔවුනගේ සහයෝගය අත්‍යවශ්‍ය යයිද සදහන් කර ඇත.

එජාපය අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති රටට නොගැළපෙන ඒවා යයිද මෙම හමුවේදී සාකච්චා කර තිබේ.

30 views

13 Comments to “යූඑන්පීය මට පහර දෙනවා..- ජනපති”

  1. කුමා says:

    UNP එකේ “පහර දෙන්න” තරම් පුරුෂ ශක්තියක්… පිරිමිකමක් තියෙන් එවුන් නෑ… ඔය නිකං හූරනවා වගේ වෙන්න ඇති… මොනා වුනත් අහිංසකයා…