යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..

April 28, 2022 at 1:20 pm | lanka C news
යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..

පොහොර අලෙවි කරන ඇතැම් වෙළඳසැල් වල යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් හතලිස් දහසකට අලෙවි කිරීමට සිදුව තිබේ.

පොහොර අලෙවිකරුවන් සඳහන් කරන්නේ පොහොර ආනයනය කරන පෞද්ගලික සමාගම් මෙම මිල නියම කිරීම සිදුකර ඇති බවයි.

පොහොර ලැබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් ඒවා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමට සිදුව ඇති බවත් ඔවුන් කියා සිටී.

එමෙන්ම පොහොර සමාගම් විසින් පොහොර ලබාදීම සිදුකරන්නේ අත්පිට මුදලට පමණක් බවද අලෙවිකරුවන් කියති.

ඒ අනුව දැනට පවතින මිල යටතේ යූරියා කිලෝ එකක මිල රුපියල් අටසීයක් පමණ වෙයි.

25,116 views

14 Comments to “යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..”

  1. ධර්මදාස says:

    මේවා අනවශ්‍ය නිවුස් නේ. බඩු ගනන් යන ඒකෙන් අතිගරැ ඡනාධිපතිතුමාට පහර ගහන්න තමා මුන් බලාගෙන ඉන්නේ

  2. අම්මප අපි තමා හොඳටම කෙළියේ says:

    Alapaluවෝ ඉක්කනට අප්‍රිකාවේ ඉඳල වරෙන් මචෝ.
    සාඩින් කකා ඉඳල හරියන්නෙ නෑ මෙහෙ යූරියා මිළ අහසටම නැගලා
    අල ලූනු පස්සේ කමු එව්වා වවාගන්න යූරියා ටික අඩු කරලා දියං මචං උඹේ ඔරකල් ලොක්කට කියලා.

    අම්මප අපි තමා හොඳටම කෙළියේ
    Alpaluwaගේ ලබ්ba එළියේ

Main News