යූරෝපයේ පුරා වෙනම රාජ්‍ය බිහිවීම ඉහළ යයි.. ස්පාඤ්ඤයෙන් කැටලෝනියාව වෙන්වු ආකාරයෙන් ඉතාලිය, ජර්මනිය හා බෙල්ජියමේත්…
October 7, 2017 at 5:30 pm | lanka C news
ඔක්තෝබර් 23 වෙනිදා ඉතාලියේද ප්‍රාන්ත රාජ්‍යක් වන Lombardy and Veneto තුල ජනමතවිචාරයක් පවත්වන බවත් බොහෝ දුරට එහි ප්‍රතිඵලයක් ලෙස ස්පාඤ්ඤන් කැටලෝනියා ප්‍රාන්ත රාජ්‍යය වෙනම ස්වාධීන ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් වූ ආකාරයෙන් ඉතාලියේ ධනවත්ම ප්‍රාන්තය වෙනම රාජ්‍යක් බවට පත්වන බව ඇමරිකානු සුප්‍රසිද්ධ CNBC නාලිකාව වාර්තා කරයි.
විශේෂයෙන්ම යුරෝපයේ ආණ්ඩු විසින් තම පලාත් සභා හා ප්‍රාන්ත සඳහා මේ වනවිට උපරිම බලය බෙදාහැරීමක් භාෂාව හා සංස්කෘතියන් පදනම් කරගෙන විමධ්‍යගත කොට ඇත. එබැවින් ඉතාලිය, ජර්මනිය, බෙල්ජියම වැනි රටවල් වල පිහිටි ප්‍රාන්ත මෙවෙනි කුඩා ස්වාධීන රාජ්‍ය බිහිවීමේ ප්‍රවණතාවය පටන් ගෙන ඇති බවත් මේ නිසා බෙදුම්වාදී කණ්ඩායම්වල උනන්දුව වැඩි වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
මෙම තර්ජනයට මුහුණ දී ඇති ආණ්ඩු එහි මධ්‍යම ආණ්ඩුව විසින් භාෂාව, සංස්කෘතිය පදනම් කරගෙන පලාත් සභා හා ප්‍රාන්ත වෙනුවෙන් අදාළ ජන කොට්ඨාස සඳහා උපරිම බලය විමධ්‍යගත කොට ඇති නිසා එම පලාතේ පවත්වනු ලබන ජනමතවිචාරයක් උපයෝගී කරගෙන වෙනම ස්වාධීන ජනරජයක් ප්‍රකාශ කිරීමට එරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උපක්රමශීලීව යොදා ගැනීමට එම පලාත් සභාවන් ක්‍රියාත්මක වී ඇති බැව් මෑතකදී ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශ කල කැටලෝනීයාව ප්‍රාන්තය සම්බන්ධව ස්පාඤ්ඤ අගමැතිවරයා චෝදනා කොට ඇත.
ස්පාඤ්ඤයන් වෙන් වී වෙනම රාජ්‍යක් බවට පත්වෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමේ අරමුණින් පැවති ජනමතවිචාරණයේදි කැටලෝනියාවට වෙනම රාජ්‍යක් ලෙස පිලිගැනිමට අවශ්‍ය අයිතිය දිනාගත් බවත් ඒ අනුව “ස්වාධීන රාජ්‍යක්, ජනරජයක් පිහිටුවීම සඳහා කැටලෝනියා ජනතාවට අයිතිය ලැබි ඇති බවත් එම ප්‍රාන්තයේ නායක කාල්ස් පුයිජොමොන්ට් ප්‍රකාශ කල බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලේය.
– Link
විග්නේෂ්වරන් හා සම්බන්ධන්ගේ එකම සිහිනයත් ඕක තමයි.
IT WAS A DAY DREAM …IT WILL NEVER HAPPEN ….. TNA JUST DAY DREAMING
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණයත් ඇතුළු කර ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන්නට හේතුව දැනුයි තේරෙන්නේ….1988 ඉදල 2017 වෙනකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාව අතුළෙ තිබ්බෙ ජනතාවගේ පරමාධිපත්‍ය මැතිවරණ 3යි. ඒ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනමතයිචාරණය පමණයි. නමුත් මේ වන විට පළාත් සභා මැතිවරණයත් එයට ඇතුළු කරගන්න බෙදුම්වාදීන් කටයුතු කරගෙන තිබෙන අතර සිංහලයා නැවත ඇන්දී ඇත. සිංහලයා මෝඩයා කැවුම් කන්න යොධයා කියා කියන්නේ ඒ නිසාය. අනේ කාලේ වනේ වාසේ කිව්වලු…..
well done. don’t keep anyone,if they don’t want to stay together.
what happens if same theory is applied to North and east provinces. Seperatist there wants a UN sponsored referendum in North and east provinces.
පගාව ලැබෙනවා නම් ඕනේම විවස්තා වෙනසක් කරන්න ඇමතිලා චන්දෙ දෙනවා.
පාගා දෙන්න රවී හරහා ගෙන්නපු ලක්ෂ 3100ක් මාට්ටු වෙලා. කොහොමද මුන්ගේ වැඩ?
පළාත් සභා විරෝධීන්ගෙ අද රාජකාරිය පළාත් සභා ආරක්ෂා කර ගැනීමයි….