යොහානිට වෙන්නේ රනු මොන්ඩාල්ට වෙච්චදේමයි.. හරිම උද්දච්චයි.. නලින් සිල්වා හරි..- වනවාසී රාහුල හිමි

October 28, 2021 at 10:00 am | lanka C news
යොහානිට වෙන්නේ රනු මොන්ඩාල්ට වෙච්චදේමයි.. හරිම උද්දච්චයි.. නලින් සිල්වා හරි..- වනවාසී රාහුල හිමි

මෑතකදි ජාත්‍යන්තර වශයෙන් ඉතා ජනප‍්‍රියත්වයට පත් වූ යොවුන් ගායිකා යොහානිද සිල්වා සම්බන්ධයෙන් පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.

***

මෙයාට වෙන්නෙත් රනු මොන්ඩාල්ට වෙච්චදේමයි ඔන්න බලාගනිල්ල.

අර මොකක්ද අනුන්ගේ සින්දුවක් කියලා ලෝකයම කතාකරපු යො⁣හානි කෙල්ල ගැන කියන්න තියෙනවා බොලාට. මෙයා ගැන අපේ රටෙි කිසිම කලාකාරයෙක්වත් කතා නොකරන වෙලාවේ මම මෙයා ගැන ලිව්වා බොලාට මතක ඇති.

අනුන්ගේ සින්දුවක් කියලා හරි අපේ රටේ එකියක් ඉදිරියට යනවානම් හොදයිනේ.ඒ හින්දා මම ඒකි ගැන මුහුණුපොතේ ලිව්වා.ඒකට මට ගොඩක් එවුන් බැන්නත් එක්ක.

එකෙන් කමක් නැහැ.මම කෝකටත් කියලා මේ කෙල්ලට සුබපතන්න ඔිනේ කියලා ගත්තා කෝල් එකක්.මෙන්න යකෝ කතාක⁣ළේ මේකිගේ මැනේජර්ද මොකෙක්ද එකෙක්.එයාට කතාකරන්න බැහැ,එයා හමුවෙන්නත් බැහැ, කියලා මු කිව්වා.යකෝ පස්සේ අර මැනෙජරයා කියන ගොබිලා මම දන්න කෙනෙකුට කියලා තියෙනවා අපිට මොකටද හාමුදුරුවරු කියලා.බොල ගොන් ගොබිලෝ තෝ දන්නේ නැ

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.ඔිනේම එකෙකුට ඔිනාවට වඩා ප්‍රසිද්ධිය හමුවුනාට පස්සේ ඒකෙන් පිම්බුනොත් ගිහි හෝ පැවිදි ඔිනේම එකෙක් ඉතා ඉක්මනින් පශ්චාත් බාගේ බිම ඇනගන්නවාමයි බොලව්.මේතරම් උඩින් ඉන්න මේයාට වෙන්නේත් ඔිකමයි.

මුදල් ලැබෙනකොට ඔිනේම එකෙක් වෙනස් වෙනවා.ඉදිමෙනවා.අන්තිමට හුළං බහිනවා.දේශපාලයොත් එහෙමනේ බොලව්.උන්ටත් මුල මතක් වෙන්නේ හුළං බැස්සාමනේ

තොපිට මම අද එකක් කියන්නම්.උඹලට මතකද අර ඉන්දියාවේ පාරේ හිඟා කකා හිටපු රනු මොන්ඩාල්.ඒ ගැනිව නාවල කරලා අරන් ගීත කියන්න ගත්තනේ.රනු මොන්ඩාල්ට මහ ජනප්‍රියත්වයක් හම්බවුනා.සල්ලි හම්බවුනා.අන්තිමට ඒකි පිම්බුනා.ඇඟේ ගෑවුණත් මිනිස්සුන්ට බනිනන් පටන් ගත්තා.උද්දච්චකමක් ආවා.අන්තිමට මොකද වුණේ.ඒකි හිටපු තැනටම ආපහු වැටුණා…මට මේකි ගැන කියන්න තියෙන්නෙත් එච්චරයි බොලව්.

අනික ඔික රැල්ලක්.රැලි එනවා යනවා බොලව්.මටනම් දැන් හිතෙනවා මහාචාර්ය නලින්ද සිල්වා මේ කෙල්ල ගැන කියපු දේවල් හරි කියලා බොලව්.අපේ රටේ කලාකාරයෝ තවමත් මේ කෙල්ල ගැන කිව්වේ නැත්තේ අවසානයේ වෙනදේ දන්න හින්දා වෙන්න ඇති බොලව්.

කටුස්සගෙ කරේ රත්තරන් බැනදාම වෙන්නෙ මොකද කියල කතාවකුත් තියනවනෙ ඒකම තමයි මෙිත්. මම හිතන් හිටියෙ ඉතාම නිහතමානි කමෙන් ඉදිරියට කටයුතු කරගෙන යයි කියල අපෝ …

288,607 views

107 Comments to “යොහානිට වෙන්නේ රනු මොන්ඩාල්ට වෙච්චදේමයි.. හරිම උද්දච්චයි.. නලින් සිල්වා හරි..- වනවාසී රාහුල හිමි”

  1. Jerry Kappa says:

    දෙන දානයක් වලදලා බනක් භාවනාවක් කරගෙන ඉන්නැතිව මොකටද කෙල්ලොන්ට කෝල් කරන්ට යන්නෙ, හොද වැඩේ කිබි සිබාට උනවැඩෙ, මු හිතන්නෙ හැමෝම ඔය උපාසක අම්මලා වගේ කතාකරල මූ ගාවට ගෙන්න ගන්ට පුලුවන් වෙයි කියල, මුගෙ කතාවෙන් තේරෙන්නෙ මූ පට්ට ගොනෙක් කියල

  2. Jerry Kappa says:

    දෙන දානයක් වලදලා බනක් භාවනාවක් කරගෙන ඉන්නැතිව මොකටද කෙල්ලොන්ට කෝල් කරන්ට යන්නෙ, හොද වැඩේ කිබි සිබාට උනවැඩෙ, මු හිතන්නෙ හැමෝම ඔය උපාසක අම්මලා වගේ කතාකරල මූ ගාවට ගෙන්න ගන්ට පුලුවන් වෙයි කියල, මුගෙ කතාවෙන් තේරෙන්නෙ මූ පට්ට ගොනෙක් කියල

  3. Chamil says:

    හාමුදුරු කෙනෙක් නෙමෙයි ඕක.ගොන් හරකෙක්. මං දන්නව. දබුල්ල පැත්තෙ ඉන්නෙ. පිස්සෙක්. බුද්ධසාසනයට කොඩිවිනයක් ඔය වගේ උන්… සිව්‍ර පොරවන්න තේරෙන්නෑ. සිවුරු රෙද්දෙන් කමිසයක් මහගෙන ඉන්නෙ. පිස්ස…..

  4. madawal says:

    you should change the name intend of “wanawasi” change to ” kunuwasi”

    Admin, what do u have to publish this type of useless articles by unknown people wearing a robe ( he is not a monk for sure)

  5. ශ්‍රීමාලි says:

    වල පයයි ගොඩ පයයි තියන් ඉන්නේ චීවරේ දාගත්තේ යම් අරමුනක් ඉටු කරගන්න විනා කෙල්ලො ගැන හොයන්න නෙමෙයිනේ.ලබන සිවුපසයටත් පිනක් වෙන්න ඒ අරමුන ඉටු කරගත්තනම් හොදා යොහානි ගැන කිය යුතුම කෙනෙක් කතාකරා.ඒ ජැක්ශන් මහතා . නොදකින් පිනට කකා මුන්ට ඉන්න බෑ බුදු දහම කන සංගයෝ මේ

  6. Dushantha Dilruk says:

    එකම ප්ප්‍රශ්නෙ වනවාසී ව හිටියත් සමාජ මාධ්‍ය පාවිච්චියට ගන්නවා 🤔 වනවාසී ව ජිවත් වෙනවා නම් මේ සසර ගමන කෙටි කර ගන්න බලන්න … මේවට කැප කරන කාලය 🙄👈

  7. Thilak Edirisinghe says:

    යකෝ එකී උඩ ගියත් බිම ගියත් හාමුදුරුවන් ඔබ ගොන් වහන්සේට මොකද බණ භාවනා ක‍් කරගෙන ඉන්න ඇතිවා හැම මඟුලටm හොට දානවා honndda වැඬේ

  8. ප්‍රියන්ති says:

    වනවාසීනම් බනක් බාවනාවක් කරගෙන හිටහන් මචං මැනිකේ සින්දුවේ අහිදර්මය නැහැ

  9. මරතේනිස් අයියා says:

    හාන්දුරැවනේ……උද්ධච්ඡකම් අපට වැඩක් නැහැ මේ කෙල්ලගේ දක්ෂකම රටට වටිනවා.⁣

  10. Amila says:

    සුභ පතන්න එන හැම කෝල් එක්ටම ආන්සර් කර කර ඉන්න ගියොත් යොහානිට වෙන වැඩක් නැතිවෙයි. හාමුදුරුවෝ ඔය ෆේස් බුක් එකෙන්ම සුභ පැතුවනම් ඉවරනේ ඔය කෙල්ලන්ට කෝල් කරන්න යන්නේ. යොහානි නිසා අපිත් මේ පිටරට ඉන්නේ ආඩම්බරෙන්. හැමතැනම යොහානි.. ඉතින් ඒ කෙල්ල ආඩම්බර වුනාම මොකද..