යෝජනාවවෙන් ඉවත් වෙන්නැයි ජනපතිගේ නියෝගය තුට්ටුවකට නොතකයි.. ජිනීවා මීලග යෝජනාවටත් සම අනුග‍්‍රහය දෙන්න අගමැතිගේ නියෝජිතයන් ජිනීවා වෙත..

March 7, 2019 at 3:50 pm | lanka C news
යෝජනාවවෙන් ඉවත් වෙන්නැයි ජනපතිගේ නියෝගය තුට්ටුවකට නොතකයි.. ජිනීවා මීලග යෝජනාවටත් සම අනුග‍්‍රහය දෙන්න අගමැතිගේ නියෝජිතයන් ජිනීවා වෙත..

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40 ව සැසිවාරය සම්බන්ඳයෙන් ශ්‍රී ලංකා ගෝලීය සංසදය විසින් කරුණු පැහදිලි කිරීමට අද පැවැත්වූ මාධ්‍ය සාකච්චාවෙදී ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය.

මෙම මාර්තු මාසයේ  ජිනීවා වල පැවැත්වෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසි වාරයයි.

පසුගියදා ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කලේ තමා ඒ සැසිවාරයට තමුන්ගේම නියෝජිතයන් තුන් දෙනෙකු යවනා බවයි. ඔවුන්ට පැවරෙන වගකීම වන්නේ ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගසන ලෙස අනෙකුත් රටවලින් ඉල්ලා සිටින අතර 2015 සැප්තැම්බර් වල සම්මත් වූ 30/1 යෝජනාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාතමක් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් නැති බව දැනුම් දීමය.

එහෙත්  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා ඇත්තේ තමා ජනාධිපතිවරයාගේ ස්ථාවරය තුට්ටුවකටවත් මායිම් නොකරන බවයි.

2002 එවකට ජනාධිපතිනිය චන්ද්‍රිකා බන්ඩාරණායකව තුට්ටුවකටවත් නොසලකා ප්‍රභාකරන් සමඟ සාම ගිවිසුමක් අත්සන් කලාක් මෙන් මෙවර සිරිසේන ජනාධිපතිවරයාව  අපහසුතාවයට පත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයෙ 40 වන සැසි වාරයට එක්සත් රාජධානිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත් නව යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දීමටය.

විදේශ අමාත්‍යාංශය් මේ සම්බන්ධයෙන් දැනටමත් නිවේදනයක් නිකුත් කොට ඇත.

එහි කියවෙන්නෙ 2015 සම්මත කල 30/1 යෝජනාවලිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කරනා බවත් 30/1 යෝජ්නාවලිය ක්‍රියාත්මක කිරීමේ කාල සීමාව තවත් අවුරුදු දෙකකින් දීර්ඝ කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරනු ලබන නව යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දෙන බවත්ය.

ජිනීවා 30 /1 යෝජනාවේ දේශපාලන මුහුණුවරක් ගත් රටේ ස්වෛරීත්වයට බලපානා කරුණු රැසක් අඩංගු වේ. ඒ බොහෝමයක් දනටමත් ක්‍රියාත්මක කොට අවසන්ය

*ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ස්වාධීන අධීක්ෂන ක්‍රමවේදයන් හඳුන්වාදීම. පෞද්ගලිකව නඩු පැවරීම, අතුරුදහන් වූවන් පිලිබඳව හා වන්දි ගෙවීම් පිලිබඳව  කාර්යාල ආරම්බ කිරීම

*හමුදාවට අයිති  ඉඩම් හැකිතාක් දුරට සිවිල් වැසියන්ට නිදහස් කිරීමට කටයුතු කිරීම

*ආරක්ෂක අංශ වලින් සිදුවූ අපරාධ සොයාබලා දඩුවම් කිරීම සඳහා ජාත්‍යන්තරයට පිලිගත හැකි වගවීමේ ක්‍රියාවලියක් ආරම්බ කිරීම. ඒ සඳහා  අවශ්‍ය විශේෂ නීති සකස් කිරීම, විශේෂ අධිකරණවල සහ ජාත්‍යන්තර විනිසුරන්ගේ සහාය ලබා ගැනිම

*රජයේ නිලධාරීන් පත්කිරීමේදී  විශේෂ සොයාබැලීම්. මානව හිමිකම් කඩකිරීම් හා මානව හිමිකම් නීති උල්ලංගනය කිරීම් වලට සම්බන්ධ අය රජයේ රැකියා වලින් ඉවත් කිරීම හා යලි බඳවා නොගැනීම.

*ත්‍රස්ථ්වාදය වැලැක්වීමේ පනත අවලංගු කොට ඒ වෙනුවට අන්තර්ජාතිකව පිලිගත හැකි  නව නීති හඳුන්වාදීම

*බලහත්කාරයෙන් අතුරුදහන් කරවිම පිලිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තියට  අත්සන් කිරීම හා එය ලංකාව තුල බලාත්මක කිරීම

*13 වන සංශෝදනයට අනුව පලාත් සභාවලට සම්පූර්ණ බලතල ලබා දීම

*නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් හරහා තවදුරටත්  බලය විමධ්‍යගත කිරීමට කඩිනමින් පියවර ගැනීම

මේ යෝජනාව ඇමෙරිකාව ඉදිරිපත් කල අවස්ථාවේ  ලංකාව මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිදු රටක් නොකල  දීන ක්‍රියාවක් කලේය. ඒ තමුන්ටම එරෙහිව වෙනත් රටක් විසින් ගෙනවිත් තිබූ  යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දීම තුලින් මෙම යෝජනාවට එරෙහි වීමට ලංකාවට මිතුරු රටවලට තිබූ අවස්ථාව අහුරා දැමීමය.තමුන් ජාත්‍යන්තරය ජයගත්තා යැයි අපේ සමහර ලොක්කන් පාරම් බෑවේ මේ පාවා දීම කොටය.  එය හරියට ලංකාවේ පාලනය බ්‍රිතාන්‍යයන්ට පාවා දීමට 1815 උඩරට ගිවිසුම අත්සන් කල ලංකාවේ රදලයන් “මේ ගිවිසුම හරහා අපි බ්‍රිතාන්‍යය ජයගත්තා” කීමක් හා සමානය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව ඒකමතිකව සම්මත වන්නේ යහපාලන රජය කල මේ නිවට නියාලු පාවාදීම නිසාය. අපි සියලුදෙනාම අද එයට වන්දි ගෙවමින් සිටිමු.

දැන් ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලය තුල නැත. පසුගිය වසරේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් ඔවුන් ඉන් ඉවත් විය. ඒ නිසා දැන් පෙරට ඇවිත් සිටින්නේ එක්සත් රාජධානිය හෙවත් මහා බ්‍රිතාන්‍යයයි.

මෙවර සැසිවාරයට  ශ්‍රී ලංකාව තුල සහජීවනය, වගවීම හා මානව හිමිකම් සුරක්ෂාව සඳහා එක්සත් රාජධානිය විසින් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.  එම යෝජනාවේ ප්‍රධාන වශයෙන් අඩංගු වනවා යැයි කියන කරුණු 4 ක් ඇත

  1. Takes note with appreciation of the comprehensive report presented by the United Nations High Commissioner for Human Rights to the Human Rights Council at its fortieth session, as requested by the Council in its resolution 34/1, and requests the Government of Sri Lanka to implement fully the measures identified by the Council in its resolution 30/1 that are outstanding;

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය  විසින් 34/1 යෝජනාව හරහා ඉල්ලා සිටි පරිදි  එම කවුන්සිලයේ 40 වන සැසිවාරයට මානව හිමිකම් කොමසාරිස් විසින් ඉදිරිපත් කරනා ලද වාර්ථාව අගය කරනා අතර මින් පෙර සම්මත කරගන්නා ලද 30/1 යෝජනාවේ මෙතෙක් ක්‍රියාත්මක වී නැති සියලු යෝජනාද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීමු.

  1. Welcomes the positive engagement of the Government of Sri Lanka with the High Commissioner and the Office of the High Commissioner since October 2015, and with relevant special procedure mandate holders, and encourages the continuation of that engagement in the promotion and protection of human rights and truth, justice, reconciliation and accountability in Sri Lanka;

ශ්‍රී ලංකාවේ රජය 2015 ඔක්තෝබර් මස සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරයා ,  ඔහුගේ කාර්යාලය  හා අනෙකුත් අදාල බලධාරීන් සමඟ සමීපව කටයුතු කරනා අකාරය අගය කරනා  අතර එම සමීප සම්බන්දතාව දිගටම පවත්වාගෙන ‍යාම මගින් ශ්‍රී ලංකාව තුල  මානව හිමිකම් ආරක්ෂාව, සත්‍යය ගවේෂනය සාධාරණත්වය, සහජීවනය හා වගවීම තහවුරු කරනා ලෙස උනන්දු කරමු

  1. Requests the Office of the High Commissioner and relevant special procedure mandate holders, in consultation with and with the concurrence of the Government of Sri Lanka, to continue to strengthen their advice and technical assistance on the promotion and protection of human rights and truth, justice, reconciliation and accountability in Sri Lanka;

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරයා  හා අනෙකුත් අදාල බලධාරීන් විසින් ශ්‍රී ලංකා රජයේද එකඟතාවය ඇතුව ශ්‍රී ලංකාව තුල  මානව හිමිකම් ආරක්ෂාව, සත්‍යය, සාධාරණත්වය, සහජීවනය හා වගවීම තහවුරු කිරීම සඳහා ලබාදෙන උපදෙස් හා තාක්ෂනික සහාය තවදුරටත් ශක්තිමත්ව ලබාදෙන ලෙස ඉල්ලමු.

  1. Requests the Office of the High Commissioner to continue to assess progress on the implementation of its recommendations and other relevant processes related to reconciliation, accountability and human rights in Sri Lanka, and to present a written update to the Human Rights Council at its forty-third session, and a comprehensive report, followed by a discussion on the implementation of Council resolution 30/1, at its forty-sixth session.

ශ්‍රී ලංකාව තුල සහජීවනය හා වගවීම හා මානව හිමිකම් ආරක්ෂාව සම්බන්ඳයෙන් වූ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ  යෝජනා ක්‍රියාතමක කිරීම හරියාකාරව කෙරෙනවාදයි සොයාබලා  ඒ පිලිබඳව ලිඛිත වාර්ථාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයටද, 30/1 යෝජනාව හරියාකාරව ක්‍රියාත්මක වූවාද යන්න ගැන සාකච්චා කිරීම සඳහා පූර්ණ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයටද ඉදිරිපත් කරනාමෙන් මානව හිමිකම් කොමසාරිස්ගෙන් ඉල්ලා සිටිමු.

තානාපති සේවාවල භාවිත වන සුන්දර  වචන වලින් වසා මේ එන්නේ තවත් නියෝග මාලාවකි

මෙසේ අපට නියෝග දෙන්නට අප උන්ගේ වහල්ලුද ?

අප බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව සිට නිදහස ලැබුවේ 1948 දීය. 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වූවාට පසු අපි බ්‍රිතාන්‍යයෙන් පූර්ණ නිදහස ලැබුවෙමු. එහෙත් දෙශ ද්‍රෝහී, නිවට නියාලු පරගැති යහපාලන රජය බලයට පත්වූවාට පසු එකසත් රාජධනිය පමනක් නොව අනෙකුත් බටහිර රටවල්ද හැසිරෙන්නේ ශ්‍රී ලංකාව යලිත් ඔවුන්ගේ කොලනියක් බවට පත්ව ඇත්තාක් මෙනි.

2015 ජිනීවා 30/1 යෝජනාවලිය සමකල හැක්කේ යටත් විජිත පාලකයන් විසින් තම යටත් විජිතයකට දුන් නියෝග මාලාවකටය. මන්ද එ යෝජනා හරහා ශ්‍රී ලංකාවේ  ස්වෛරීත්වය  අමු අමුවේ උල්ලංඝනය කර තිබුන නිසාය. එහෙත් එදා ලංකාව නියෝජනයකල  විදේශ ඇමති වරයා මේ යෝජනාවට එකඟවූවා පමනක් නොව එයට සම අනුග්‍රාහකත්වය ලබා දීමට තරම් දේශ ද්‍රෝහී මානසිකත්වයකින් සිටියෙක් විය.

30/1 යෝජනාවේ දැනට ක්‍රියාත්මක් කිරීමට ඉතුරුව තිබෙන්නේ රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම පමනි. අන් සියලු යෝජනා මෙ වන විට යහපාලන රජය විසින් ක්‍රියාත්මක කොට හෝ ක්‍රියාත්මක කිරීම අරඹා ඇත.  30/1 යෝජනාව බලාත්මකවන්නේ වසර 3 කට පමනක් නිසා මේ වසර වන විට එහි වලංගු කාලය අවසන්ය.  මෙතනින් ඔබ්ඹට එම යෝජනාව සම්බන්ධයෙන් අපේ බැඳීමක් නැත. නමුත් බ්‍රිතාන්‍ය ප්‍රමුක බටහිර රටවල් මේ උත්සාහ කරන්නේ 30/1 යෝජනාවේ කාලය දිගු කර ගැනීමටය. ඔවුන් ඉටුකරන්නේ ලොව පුරා දේශපාලනඥයින් වෙනුවෙන් අත දිග හැර මුදල් වියදම් කරණා අන්තවාදී දෙමල ඩයස්පෝරාවේ අවශ්‍යතාවයයි.

ආත්ම ගරුත්වයක් ඇති ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස අප කියන්නේ ශ්‍රී ලංකා රජය මේ නව යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කල යුතු බවය.

එහෙත් ආත්ම ගරුත්වයක් නැති වත්මන් දුර්වල පාලකයන්ගෙන් එය බලපොරොත්තු නොහැක

35,753 Viewers

4 Comments to “යෝජනාවවෙන් ඉවත් වෙන්නැයි ජනපතිගේ නියෝගය තුට්ටුවකට නොතකයි.. ජිනීවා මීලග යෝජනාවටත් සම අනුග‍්‍රහය දෙන්න අගමැතිගේ නියෝජිතයන් ජිනීවා වෙත..”

  1. Pachaya says:

    President should take over the foreign ministry temporarily until unhcr session is over and push his agenda

  2. Kadiya says:

    ශ්‍රී ලාංකීය ජාතිය ම්ලේඡ කොටි ත්‍රස්තවාදයේ ජාත්‍යන්තර ශාඛාව වන දෙමල බෙදුම්වාදය වෙත පාවාදී ඒකෙ හිලව්වට ආණ්ඩු බලය ලබාගත් කාලකන්නි රනිල් වික්‍රමසිංහ රජයෙන් පාවාදීම හැර කිසිවක් බලාපොරොත්තු විය නොහැකිය. නමුත් UNP රජය තුල සිටින රටට යම් ආදරයක් තිබෙන මන්ත්‍රීවරු මේ අයවැයේදී යමපාලන රජයට එරෙහිව චන්දය පාවිච්චිකර තමන් මෙතෙක් කල පව් සමාකරගැනීමට ඇති අවසාන අවස්ථාව යොදාගන්න. නැතිනම් UNP යේ හෙරොයින් බලමුළුව සමඟ එක්ව ජනාධිපති වයශීර්ෂය පරාද කරන්න.

  3. sunil attanayaka says:

    Mathaka thiyaa ganillaa aayema kisima kisi dinaka eka UNP pakayekuta Chande Nodenna…..!!! Okkoma 225 Iwara karala Aluth ratata Jaathiyata aadare Konda pana thiyena ekek saha Pirisak path kara gamu….!!! Me jaathi Drohi…Desha Drohi ballan iwarayak karamu…!!!

Main News