යෝද මාළුවෙක් තලෙයිමන්නාරමට ගොඩගසයි..

August 11, 2020 at 2:02 am | lanka C news
යෝද මාළුවෙක් තලෙයිමන්නාරමට ගොඩගසයි..

තලෙයිමන්නාරම ප්‍රධාන ජැටිය වූ ආදම්ගේ පලම ස්ථානයට ආසන්නයේ පිහිටි මුහුදු වෙරලට කිලෝ 700 ක් පමණ බරින් යුත් මත්සයෙකුගේ මළ සිරුරක් ගොඩගසා තිබියදී හමු වූ බවට මන්නාරම් වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

අදාල මත්සයා මීටර් 3.3 ක පමණ දිගින් යුක්ත වන අතර වඳවී යාමේ තර්ජනයකට ලක්ව සිටින මුහුදු උරා නැමති මත්ස්‍ය විශේෂය බවට සැක පල කරන්නේ යැයි වනජීවි නිලධාරීන් පැවසූහ.

මත්සයා වෙරලට ගොඩගසා ඇති අතර ධීවරයෙකු විසින් මන්නාරම් වනජීවි නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව එම ස්ථානයට ගොස් මත්සයා මිය යාම සම්බන්ධයෙන් පරික්ෂයක් ආරම්භ කොට ඇත.

අදාල මත්සයා මිය යාමට හේතුව නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර මත්සයාගේ අවසන් කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවටද මන්නරම් වනජීවි නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,825 views

One Comment to “යෝද මාළුවෙක් තලෙයිමන්නාරමට ගොඩගසයි..”

  1. lotus says:

    Result of 2/3 minority power .

Main News