යෝෂිත නාවුක හමුදාවෙන් ඉල්ලා අස්වේ…

October 20, 2020 at 2:10 pm | lanka C news
යෝෂිත නාවුක හමුදාවෙන් ඉල්ලා අස්වේ…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා සේවයෙන් ඉල්ලා අස් වී ඇති බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම ඔක්තෝබර් මස 10 වැනිදා සිට බලපවත්වන පරිදි සිදු වී ඇතැයි එම වාර්තාවේ දැක්වෙයි.

යෝෂිත රාජපක්ෂ මහතා 2006 වසරේ නාවික හමුදාවට බැඳුනේය.

ඩේලි මිරර් පුවත්පත විසින් කළ විමසීමකට ඒ මහතා සඳහන් කර ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධාන තනතුර භාර ගන්නා ලෙස කළ ඉල්ලීම අනුව නාවික හමුදාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.

මේ අතර අද දිනයේ මාධ්‍ය අමතමින් යෝෂිත රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර භාර ගෙන තවම සතියක් වත් ගත නොවූ නිසා තමන් වැඩ කරන ආකාරය දෙස අවුරුද්දක් බලා සිට චෝදනා කරන්න ලෙසයි.

78,687 views

19 Comments to “යෝෂිත නාවුක හමුදාවෙන් ඉල්ලා අස්වේ…”

  1. Siyaluma wiyadam apasu great aswenna ugathkamath aduyine

    • samitha himi says:

      prof. sampoorana etta, O.L weda hayak ekawara nethiwa neethi wirodeewa navy banda gatta katawath nethi waraprasada deela koti ganna ape salli weya kala, rata eriya usasweem dunna
      ema mudal kamburanne nethiwa APASU GEWA ASWIYA YUTUYI ,,,,MEYATA AMUTHU NEETHIYAK NEWATHAT.BIM PANUWO WELA IPADEYI

  2. nuwan says:

    ශ්‍රි ලන්කා නාවික හමුදාවට ලොකු පාඩුවක් උනේ.

  3. වෙද පප්පා says:

    දන්නැති නිසා අහන්නෙ. එතකොට මෙයා මෙච්චර කල් නේවි එකේද වැඩ කෙළේ.

    • RED BULL says:

      ඔව් බං නේවි එකේ රගර් ගැහුව​,උඹ දන්නෙ නැද්ද​?කොහෙද මෙච්චර කල් උන්නෙ?

      • වෙද පප්පා says:

        නේවි රගර් ගහන උන් ඔක්කොම නේවි නෙවෙයි මැට්ටො. නාවික හමුදා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන වෘත්තීය ක්‍රීඩකයො. දන්න මඟුලක් කතා කරපන්. උඹ රගර් ගැන දන්නවද?

        • RED BULL says:

          නේවි එකේ නෙමෙයි නම් නේවි එකෙන් ඉල්ලා අස් වෙන්නෙ මොකටද මැට්ටො?

          • වෙද පප්පා says:

            උඹල වගේ ගොං මැට්ටො රවට්ටන්නනෙ මැට්ටො.

      • ranga says:

        අනේ බං නේවි එකට සෙල්ලම් කරන සියලු දෙනා නේවි අයම නෙමේ කියල දන්නෙ නැද්ද?

        • RED BULL says:

          නේවි එකේ නෙමෙයි නම් නේවි එකෙන් ඉල්ලා අස් වෙන්නෙ මොකටද මැට්ටො?

  4. himali says:

    වැදගත් මහත්මයෙක් ආණ්ඩුවේ ආයතන දෙකකින් එකවර පඩි ගන්න යන්නේ නැහැ

  5. Alapaluwa says:

    බොට රට ගිහින් පුහුණු වෙන්න වියදම් කරපු කෝටි ගනන් මහජන මුදල් ආපහු ගෙවපන් ගල් මූසලයා.

    • saman says:

      මෙයා වියදම් කලෙ තාත්තගේ සල්ලි, ආපහු දෙන්න දෙයක් නෑ

      • Saman says:

        ගොන් බයියෝ කියන්නෙ නිකන්ද? නේවි එකේ විදෙස් පුහුණුවලට තාත්තලගෙන් සල්ලි ඉල්ලගන්නෙ 😀 😀 😀

  6. රොක්සෑන් ඩි ලා මොට් says:

    මූ පැන්ෂන් එක හදාගනි, අනේ දෙන්න නම් එපා.

  7. අන්ද්රෝව් says:

    ළක්ෂ 217 වඩා මු වියදම් කලා, මුගේ පිටරට සවාරි වලට. ලංකාවේ පිටරට සේවයට යන අයට නැවත ලංකාවේ එම ආයතන ට වැඩ කිරීමට ගිවිසුමක් අත. මම අවුරුදු 2 කාලයකට ලංකාවේ අවුරුදු 7 හ මාරක් සේවය කලා. එම ආයතන යේ. බයියට සැපද දැන්

    • සුවාදීන මැකෝ says:

      ගවපාලුවො එලවපු එකනම් දාහකින් සැපයි.

  8. sunil says:

    malli mahansiwela hoyagana kapan. .ahinsaka ape salli kala labana athme ballo wela ipadene nathiwa

Main News