යෝෂිත රාජපක්ෂ තාප්පවල චිත‍්‍ර අදින්න එක්වෙයි..

December 23, 2019 at 12:40 pm | lanka C news
යෝෂිත රාජපක්ෂ තාප්පවල චිත‍්‍ර අදින්න එක්වෙයි..

යාපනයේ ආගමික සිද්ධස්ථාන වැදපුදාගැනීම හා නත්තල් සමයේදී කතෝලික දේවස්ථානයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (22) දින සංචාරයක නිරත වූ යෝෂිත රාජපක්ෂ මහතා යාපනයේ නගර අලංකාරණයේ නිරත තරුණ පිරිස්ද හමු වීය.

නත්තල් සමය වෙනුවෙන් යාපනයේ කතෝලික දේවස්ථානයන්හි ආරක්ෂාව පිළිබඳව යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශ් හිමිපාණන් හමු වී යෝෂිත රාජපක්ෂ මහතා සාකච්ඡාවක නිරත විය.

අනතුරුව යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ යාපනයේ පිහිටි බෞද්ධ , හින්දු, කතෝලික ආගමික ස්ථාන වැඳපුදා ගැනීමෙන් පසුව යාපනයේ නගර අලංකාරයේ යෙදී සිටි තරුණ පිරිස් හමු වීමට ගිය අවස්ථාවේදී එම දෙපලට ඉහල ප්‍රතිචාරයක් ලැබී ඇති අතර ඔවුන් සමග පැයකට වැඩි කාලයක් ගත කිරීමටද යෝෂිත රාජපක්ෂ මහතා පියවර ගනු ලැබීය.

නගර අලංකාරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් පියවර ඉතා සාර්ථක බවටත් යාපනයේ මෙන්ම උතුරේ තරුණ තරුණයින්ගේ දැඩි උනන්දුවක් නගර අලංකාරය වෙනුවෙන් දැක ගත හැකි බවටද මෙහිදී යාපනයේ චිත්‍ර අඳින තරුණ තරුණයින් යෝෂිත රාජපක්ෂ මහතාට පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,105 views

13 Comments to “යෝෂිත රාජපක්ෂ තාප්පවල චිත‍්‍ර අදින්න එක්වෙයි..”

  1. Modapala says:

    වැඩක් නෑ යාළුව.රටේ තියන ප්‍රධාන ප්‍රශ්නයත් ඕක නෙවෙයි.ප්‍රධාන ආර්ථික ක්‍රියා දාමයත් ඕක නෙවෙයි.කට බඩ පිරෙන්න කන්න බොන්න, හොඳට ඉන්න හිටින්න, තියන අයට ඇඟ දිරවන්න හොඳා.

    • Flying fox says:

      gUNP mentality.

    • jsk says:

      කුහකයෙක් වෙන්න එපා බං. හොඳ දෙයක් දැක්කත් උඹලා නොදැනීම හිතෙන් විඳවනවා. ඒක උඹලගෙ අවාසනාව. රටට ජාතියට ආදරේ ඇති මිනිහෙක් වෙන්න බලපං.

  2. cobra says:

    මොකද්ද මේ ජාතිවාදී ඊළම් දෙමළ ජනතාව ගැන ඇති විශේෂත්වය ? පාස්කු බෝම්මය ගැන ඔබේ කිසිම කණගාටුවක් අප දුටුවේ නැහැ ….

  3. මාරයා says:

    ආරක්ෂාව ගැන හොයලා බලන්න එයාට තියන නිල බලය කුමක්ද

    • Dp says:

      කලින් මුන් තාත්තාව කෑවා..දැන් බාප්පාව කන්න හදනවා .

  4. Hari says:

    May Boru Pada ShowWWWWWWWW

  5. CAT says:

    ආරක්ෂාව ගැන හොයලා බලන්න එයාට තියන නිල බලය කුමක්ද?
    WHAT A JOKE ? යෝෂිත මොකද්ද මේ නටන නාඩගම ? උතුර ගැන මොකක්ද මේ තරම් ආරක්ෂාවක් හොයන්නේ ? දකුණේ නේද කතෝලිකයන්ට බෝම්බ දැම්මේ ?
    අපේ රටට අවශ්‍ය එක ප්‍රතිපත්තියක් ඇති රට ජාතිය ආගමට ආදරය කරන තරුණයන් ..සර්වආගමික මෝඩයෝ නොවේ

  6. DOG says: says:

    True. CAT is correct.

  7. හිටන්ගෙදර අප්පුහාමි says:

    මහින්ද නැතිකළා වගේ ගෝටාභයවත් නැතිකරන්න එපා. බාප්පට රට හදන්න දීලා තමුන්ට අයිති, තමුන්ගේ නිලයට ගැලපෙන රාජකාරියක් කරගෙන ඉන්න.

  8. SLFP yer says:

    LOKU LOONU DAN KEEYADA

Main News