රංගනගෙන් මනරම් රංගනයක්.. අසමසම ලෝක වාර්තාවක් තියයි..
March 11, 2017 at 1:20 pm | lanka C news
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක වමත් පාදග පන්දු යවන රංගන හේරත් බංග්ලාදේශය හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
මෙතෙක් පාදග පන්දු යවන්නෙකු විසින් වාර්තා කල වැඩිම කඩුළු ප්රමාණයේ වාර්තා අද දිනයේ රංගන හේරත් තමන් සතු කර ගත්තේය.
කඩුළු 362ක් දවා ගනිමින් ඩැනියෙල් විටෝරි මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේය.