රංගන හේරත් සද්ගුණවත් වැඩක.. පුද්ගලික ධනයෙන් වව්නියාවේ අසරණ පවුල් වෙනුවෙන් නිවාස හදයි..

May 28, 2019 at 1:20 pm | lanka C news
රංගන හේරත් සද්ගුණවත් වැඩක.. පුද්ගලික ධනයෙන් වව්නියාවේ අසරණ පවුල් වෙනුවෙන් නිවාස හදයි..

වව්නියාව දිස්ත්‍රීක්කයේ නැවත පදිංචිව අඩු ආදායම්ලාබී පවුල් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ස්ථීර නිවාස සාදා දීමේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායයමේ ටෙස්ට් නායකයෙකුද වූ රංගන හේරත් මහතා විසින්ද නිවසක් ලබා දීමට පියවර ගෙන ඇත.

මේ අනුව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස්මත 21 වන සේනාංක බල ප්‍රදේශයේ සහ 56 සේනාංක බල ප්‍රදේශයේ නැවත පදිංචි අඩුආදායම්ලාබී පවුල් දෙකක් වෙනුවෙන් අංග සම්පූරණ නිවාස දෙකක් සැදීම සඳහා මුල ගල තැබීම සිදු විය.

එහිදී එක් නිවසක් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මහතා මූල්‍යමය දායකත්වය දරන අතර අනෙක් නිවස වෙනුවෙන් පෞද්ගලික බැංකුවක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල මහතා විසින් මූල්‍ය දායකත්වය දරනු ලබයි.

මෙසේ ඉදිකරුනු ලබන නව නිවාස වෙනුවෙන් ශ්‍රම දායකත්වයෙ ලබා දෙන්නේ 2වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 7වන ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් විසිනි.

නව නිවාස වෙනුවෙන් මුල්ගල තබන අවස්ථාව සදහා 211 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් ලාල් විජේතුංග, 561 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් ආර්.ඒ.එන්.කේ රත්නායක, ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් පීරිස්, ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් ජානක රත්වත්ත, සිවිල් සම්බන්ධිකරණනිළධාරිලුතිතන් කර්නල් කිත්සිරි ඇතුලුව නිවාසලාභින් සහ ගම්වාසීන් පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

25,680 Viewers

7 Comments to “රංගන හේරත් සද්ගුණවත් වැඩක.. පුද්ගලික ධනයෙන් වව්නියාවේ අසරණ පවුල් වෙනුවෙන් නිවාස හදයි..”

  1. Nuwan says:

    Niyamayi

  2. LION says:

    ඔබට බුදුසරණයි අසරණ සිංහලයන් වෙනුවෙන් පෙනීසිටීම ගැන

  3. ny motors kurunegala says:

    Great Act !
    ( Politics ?????)

  4. Ajith says:

    Where is SUPER HOME Sangakkara? Might be eating noodles with kids.

  5. වකුගඩු රෝගයටත් පිළිසරණක් වෙනවා නම් ඉතාම අගනේය says:

    හමුදාව වගකීමක් අරගෙන අසරණ සිංහල මිනිසුන්ගේ වකුගඩු රෝගයටත් පිළිසරණක් වෙනවා නම් ඉතාම අගනේය ,,ඒ වෙනුවෙන් බැංකු account එකක් ප්‍රසිද්දියට පත් කලොත් අනිවරෙන්ම මිනිස්සු උදව් කරයි ..

  6. චුටි බබා says:

    රංගන හේරත් ඇතකොට මාලිංග සිංහලයන්ට උතුරේ ගෙවල් හදනවා. සංගක්කාරයා, මුරලි දකුණු ඉන්දියාවේ දෙමළුන්ට කරනවා. ඒ නිසා ඒ දෙන්නට මුළු ලොවම ආසයි. ඕකයි වෙනස.

  7. Nim says:

    ” GOOD BOY “

Main News