රංගිරි දඹුලු විහාරයේ විහාරාධිපති ඇමති අකිල විරාජ්…

June 28, 2017 at 10:00 am | lanka C news
රංගිරි දඹුලු විහාරයේ විහාරාධිපති ඇමති අකිල විරාජ්…

අද වන විට රංගිරි දඹුලු රජ මහා විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කරන්නේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා බව එම විහාරස්ථානයේ විහාරාධිපති අස්ගිරි පාර්ශවයේ ජ්‍යේෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම ශ‍්‍රී මංගල හිමියෝ පවසති.

මාධ්‍ය හමුවක් කැදවමින් උන් වහන්සේ කියා සිටියේ රංගිරි දඹුලු විහාරස්ථානයට එරෙහිව අධ්‍යාපන ඇමතිවරයා හා පුරාවිද්‍යා කොමසාරිස්වරයා නගන චෝදනා පිලිගත නොහැකි බවයි.

ඔවුන් විසින් මෙසේ අපහාස කරමින් සිටින්නේ අස්ගිරි මහා විහාරයට බවද උන් වහන්සේ එහිදී සදහන් කලහ.

රංගිරි දඹුලු විහාරයට එරෙහිව රජයේ ඇමතිවරුන් මෙසේ අසත්‍ය චෝදනා එල්ල කරන්නේ අස්ගිරි මහ නාහිමි ඇතුළු කාරක සංඝ සභාව විසින් රජය වෙත නිකුත් කල නිවේදනයට උරණ වී බවද උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටිති.

142 views
Main News