රංගෙ බණ්ඩාරගේ තගරියට ජනගංගාව නොසැලේ.. ආණමඩුව සමුපකාරයෙන් පොහොට්ටුව 180යි.. එජාප 18යි.. ශ‍්‍රිලනිප 0යි..

March 31, 2017 at 9:20 am | lanka C news
රංගෙ බණ්ඩාරගේ තගරියට ජනගංගාව නොසැලේ.. ආණමඩුව සමුපකාරයෙන් පොහොට්ටුව 180යි.. එජාප 18යි.. ශ‍්‍රිලනිප 0යි..

ආණමඩුව විවිධ සේවා සමූපකාරයට සභිකයින් 198ක් තෝරා ගැනීම වෙනුවෙන් ඊයේ පැවති ඡන්ද විමසීමේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කල කණ්ඩායම සභික ධුර 180ක් දිනා ගනිමින් විශිෂ්ඨ ජයක් හිමි කර ගනු ලැබීය.

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කල කණ්ඩායමට දිනා ගත හැකි වූයේ සභික ධුර 18ක් පමණි. ශ‍්‍රිලනිපය හෝ ජවිපෙ කිසිදු නියෝජිතයෙක් සභික ධුරයකට පත් නොවීම විශේෂත්වයකි.

මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අරතුරදී එම ස්ථානයේදී රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර හා සන්ධාන මන්ත‍්‍රී සනත් නිශාන්ත අතර ඇතිවන්නට ගිය ගැටුමක් වැලැක්වූයේ ප‍්‍රභූ ආරක්‍ෂකයින්ගේ මැදිහත්වීමෙනි.

79 views
Main News