රංගෙ බණ්ඩාර පුත්‍රයා බීමතින් රජයේ වාහනයක් අවභාවිත කර හප්පයි.. සිවු දෙනෙක් රෝහලේ…
June 6, 2018 at 8:40 am | lanka C news
පාලිත රංග බණ්ඩාර රාජ්‍ය ඇමතිවරයාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර විසින් පදවන ලද කැබ් රථයක් අනතුරට පත් වීමෙන් ඔහුද ඇතුළුව පුද්ගලයින් සිවු දෙනෙකු දෙනෙකු තුවාල ලබා ඇත.
රථයේ වේගය පාලනය කරගත නොහැකිය මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මන්සන්ධියේදී අනතුර සිදුව ඇත්තේ අලුයම 12.45 පමණය.
නිවසකට මෙන්ම ඒ වටා තිබු තාප්පයකට කැබ් රථය ගැටීමෙන් දැඩි හානි වී ඇත.
අනතුරට ලක්ව ඇති කැබ් රථය නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයට අයත් එකක් බවත් අනතුරු සිදු වෙද්දී ඇමති පුත්‍රයා බීමතින් සිට ඇති බවත් හෙලිව ඇතැයිද වාර්තා වෙයි.
මේවා හොද වැඩ. පෙරහැර වලට වාහන දෙනවා වගේ නෙවෙයි,
පාලිත රංග බණ්ඩාර දෙන කථාවල හැටියට ඌ හොඳ එකා. අනිත් ඔක්කොම උන් බොරු කාරයන් හොරු . රංග බණ්ඩාර කියන්නෙ ලැජ්ජාවක් නැතිව, ඇට නැති දිව ඕනම අතකට හරවමින් හිරිකිතයක් නැතුව වාචාල කතා, හිස් වචන දෙසන අයෙක්. රාජ්‍ය ඇමතිවරයාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර බීමතින් අලුයම 12.45 පමණ බයිට් සමග විස්කිත්, කඩු, පොලූ රැගෙන අසරණ මහජනතාවගේ දුක සැප බලන්න යන්න ඇති.මේවා දුප්පත් ජනතාවගේ බදු සල්ලි වලින් ගත්තු වාහන. දරුවන්ට ආදර්ශයක් දෙන්න තාත්තා ආදර්ශමත් විය යුතුය.. තාත්තා අඹුවන් තුනක්ම ගත්තම දරුවන්ට ආදර්ශයක් දෙන්නෙ කොහොමද. මුන්ට නීතියක් නෑ. හිතන්නෙ ගොඩක් මිනිස්සු මෝඩයෝ කියල. දුප්පත් මහජනතාවගේ බදු මුදල් වලින් කාලා තෙල් මන්ද ආරලා අහිංසක මිනිස්සුන්ගෙ ගෙවල් කඩල. තොපිට හෙන ගහනවා යකෝ….