රංගෙ බණ්ඩාර ශ‍්‍රිලනිප ඇමතිට එරෙහි බර අවි ඔසවයි..

December 10, 2016 at 7:05 am | lanka C news
රංගෙ බණ්ඩාර ශ‍්‍රිලනිප ඇමතිට එරෙහි බර අවි ඔසවයි..

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය හෙවත් නයිටා ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස විෂමාචාර චෝදනා එල්ල වූ පුද්ගලයෙකු පත්කිරිමේ සූදානමක් පිළිබඳ තොරතුරු අණාවරණ වී තිබේ.

සුමේධ ජයසිංහ නැමැති ඔහු නයිටා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් බරපතල විෂමාචාරයන් සිදු කර ඇති බව විගණන වාර්ථාව මගින්ද පැහැදිලි කර ඇති මෙහොතක එම පුද්ගලයාට උසස්වීමක් ලබා දීම සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ආයතන ප්‍රධානීන්ගෙන් කරුණු විමසීමට ද පියවර ගෙන තිබේ.

යහපාලනයේ අර්ථය සුණුවිසුනු කර දමන මෙවැනි තත්වයන්ට එරෙහිව තමන් නොබියව හා නොපැකිලිව පෙනී සිටින බවත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි.

ජර්මන් ටෙක් ආයතනයට ද නීති වරෝධි ලෙස සභාපතිවරයෙකු පත් කරමින් එම ආයතනයේ නොකිළිටි ඉතිහාසයට අවමන් කරමින් කටයුතු සිදුවීම පිලිබඳ ද තමන් කරුණු හෙළිදරව් කළ බවත් පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ සිදුවන අක්‍රමිකතා වංචා හා දූෂණ පැහැදිලිව පෙනෙන්නට තිබියදී ඒවා සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ කණගාටුවට පත්වන බවයි.

රට ජාතිය ශක්තිමත් කරමින් තරුණ පරපුර බලවත් නැණවත් හා කාර්යශූර බලකායක් බවට පත් කිරිමේ අනිවාර්ය අවශ්‍යතාව ඉටු කිරිම පසෙකට විසි කරමින් ස්වකීය අවශ්‍යතා වෙනුවෙන් කටයුතු සිදු කිරිම පිළිබද ජනතාව කෙදිනක හෝ කරුණු විමසනු ඇති බවද පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

මාධ්‍ය ඒකකය
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යාංශය

58 views

One Comment to “රංගෙ බණ්ඩාර ශ‍්‍රිලනිප ඇමතිට එරෙහි බර අවි ඔසවයි..”

  1. daham says:

    rangeta therenawada me aanduwa yanne wenama agenda ekak misak janathawa thamunnahela path karana kota apeksha kala deval itu karanna nemeyi kiyala. ohela nikamma nikam pendo welaa neda dan. lajjawak thiyenawanam saha janatha waramata garu karanawanam ohe wage aya karanna one aanduwata kuda gaha ganna kiyala gihin vipakshe waadi wena eka. ehema nathiwa thamange anga bera ganna me wage sobana krana eka nemeyi.

Main News