රංගේ බණ්ඩාර මුං අස්වනු නෙළයි…

January 6, 2018 at 6:27 am | lanka C news
රංගේ බණ්ඩාර මුං අස්වනු  නෙළයි…

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ සමගිපුර විහාරස්ථානයේ සුළු පරිමාණ ලෙසින් වගා කර තිබු මුං අස්වනු නෙලීමේ උත්සවය (05) වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ සහභාගිත්වයෙන් සංවිධානය වී තිබුණි.

වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථාන අතුරින් අති දුෂ්කර විහාරස්ථානයක් වන ශ්‍රි ධර්මාරාජ විහාරස්ථානයේ වැඩ වාසි පූජ්‍ය කලාඔයේ විනීත හිමිපාණ්ගේ නව සංකල්පයක් පෙර දැරි කර ගිනිමින් මෙම මුං බීජ රෝපනය සිදුකර එහි අස්වනු නෙලීම අද දින මෙලෙස රාජ්‍ය අමාත්‍ය වරයාගේ සහභාගිත්වෙන් සිදුවිය.

මේ සදහා කෘෂිකර්ම දෙපාර්ත්තුමේන්තුව නියෝජනය කරමින් වනාතවිල්ලුව සහ පුත්තලම ගොවිජන සේවා කාර්යාල නිළධාරින් කිහිප දෙනෙකු සහභාගි වී සිටි අතර, මේ අවස්ථාවට ප්‍රදේශවාසි දායක දායිකාවන් සියලු දෙනාගේ නොමද සහය ලැබුණි.

ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන සංකල්පයෙන් ඔබ්බට දිවයන නූතන කෘෂිකර්මාන්තය පසු පස හබායන රසායනික පොහොර භාවිතය පිලිබද මෙහිදී වැඩි සැලකිල්ලක් යොමුකල යුතු බවත්, රටේ පතින උග්‍ර නියගයට විසදුම් සොයමින් වැස්ස වලාහක දෙවියන් යදින පිරිසට වර්ෂාවද දේශපාඥයින්ගේ පොරොන්දුවක් බවට පත් වෙමින් ජනතාවට බලපා ඇති නියගය සුළු පටු නොවන බැවින් අපතේ යන ජලය නිසි ප්‍රයෝජනයට ගන්නේ නම් මෙවැනි වගා බිම් සස්රික කිරීමට හැකිව ඇති බැවින් ඒසදහා රාජ්‍ය අමාත්‍ය වරයා අමතිමින් කලාඔයේ විනීත හිමයන් පෙන්වා දුන්නේ කලාඔය, මී ඔය ජල දහර කිසිවෙකුගේ ප්‍රයෝජනයකට නතු වෙමින් නිස්රාව කලපුවට ගලා බසින් බවත්, ඒවාට විනිවිද ක්‍රියා මාර්ගයක් ලබා දෙන්නේනම් ආහර හිගයට පවා කඩිනම් විසදුම් සෙවිය හැකි බවයි.

– පුත්තලම කේ.ප්‍රියංකර

46 views

One Comment to “රංගේ බණ්ඩාර මුං අස්වනු නෙළයි…”

  1. Gayantha says:

    Honda sinhala nayakayek api mona deshapalana mathaya dairuwath. Baya naithi nayakayek. Methumata boru chodana ella kara ara ananda sagara kiyana koti dollar ngo karaya.

Main News