රංජිත් සොයිසාගේ මන්ත‍්‍රී ධුරය බෙදාගන්න ගැටුම්.. එජාපයෙන්ද ඉල්ලයි..

December 5, 2019 at 10:00 am | lanka C news
රංජිත් සොයිසාගේ මන්ත‍්‍රී ධුරය බෙදාගන්න ගැටුම්.. එජාපයෙන්ද ඉල්ලයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වී තිබෙන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිමිවිය යුත්තේ තමාට බව සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා සඳහන් කරයි.

අවසන් වරට පැවති මහ මැතිවරණයේ මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා තමන් නිසා අනුපිළිවෙල අනුව එම මන්ත්‍රීධුරය තමාට හිමිවිය යුතු බව ද ඔහු පැවසීය.

ඉදිරියේදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් තමන්ගේ නම කතානායකවරයාට දැනුම් දෙනු ඇති බවටද ඔහු විශ්වාසය පල කළේය.

තමන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී කටයුතු කරන බව පැවසූ ලියනගේ මහතා නිවිතිගල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකයා වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසීය.

කෙසේ වෙතත් තමනට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලැබුණද එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට කිසිදු අදහසක් නොමැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙම මන්ත්‍රී ධුරය තමන්ට හිමිවිය යුතු බව රත්නපුර දිස්ත්‍රික් සන්ධාන ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා වන සනී රෝහණ කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

වරැණ ලියනගේ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කරන නිසා සන්ධානයේ මන්ත්‍රී ධුරය තමන්ට හිමි විය යුතු බව ඔහු සදහන් කර ඇත.

75 views

11 Comments to “රංජිත් සොයිසාගේ මන්ත‍්‍රී ධුරය බෙදාගන්න ගැටුම්.. එජාපයෙන්ද ඉල්ලයි..”

  1. Patta says:

    His position must be given to his son. If his son is too young to hold the position give it to his wife until his son can take over the responsibilities.

    • Upul says:

      It has to go to the next eligible person whoever he or she is. Please do not promote family rule, which is a big problem in SL.

  2. UD says:

    තණ්හා ආශා….
    කවදාද මිනිසුන් බන්ධන වලින් නිදහස් වෙන්නේ..?

  3. David Milli-banda says:

    Appoint a suitable person from the Viyath Maga to ratnapura.
    Its not necessary to fill this void in parliament.

  4. RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

    haaa haaa ,, moda bayyo .. AKD is the best

  5. රට වැනසූ ගුඑන්පී අධමයින් තම වාග් බල මහිමයෙන් සමද නිහඩ කල ,පොහොට්ටුවේ ජීව ගුණයට සද සවියක් වූ රන්ජිත් මැතිදුනි!
    ඔබතුමන්ට සකල ලාංකීය හුදී ජනතා ආචාරය හා චතුරාර්ය සත්‍යවබෝධය කෙලවර අජරාමර නිවන් සුව පතමු!

  6. වෙසමුණි says:

    මන්ත්‍රී ධුර හා නොයෙකුත් වරප්‍රසාද වලට පොරකන එවුන් මතක තබාගෙන එන චන්දෙන් සෙත්ත පෝච්චි කරන්න.

  7. Rata Wenuwen says:

    නිදහස පිණිස රණබිම වැද සටන් කොට
    ලද දළ වෙහෙස සුර පවනින් මුදන්නට,
    අද දින අපව හැර ගියමුත් සුරපුරට,
    පුද පෙරහර පවත්වමු ඔබ නමින් හෙට.
    රන්ජිත් මැ තිතුමනි ඔබට අජරාමර නිවන් සුව !!

  8. Kevin says:

    නීතියට අනුව නම් ලිස්ට් එකේ ඊලගට ඉන්න කෙනාට තමා ලැබෙන්නේ.

  9. සුහද කොකා says:

    මගේ කොක්ත් එහෙනම් ඇතුලේ.😂

Main News