රක්ෂණ සමාගමක කලමණාකාර වරයෙකුට තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කෙරේ….
March 6, 2019 at 5:30 pm | lanka C news
මුහුණු ආවරණය කරගනිමින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් කිලිනොච්චිය උදයනගර් ප්රදේශයේදී රක්ෂණ සමාගමක කළමනාකරවරයකු තියුණු ආයුධවලින් පහදී ඝාතනය කර ඇති බව කිලිනොච්චිය පොලිසිය කියයි.
අදාල කළමනාකරවරයා සිය නේවාසිකාගාරයෙන් මිතුරකු සමඟ සේවාස්ථානයට යෑම සඳහා යතුරු පැදියකින් පිටත් වූ අවස්ථාවේදී අතරමගිදී මෙම පහරදීම කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
අදාල පහරදීමෙන් මියගොස් ඇත්තේ කිලිනොච්චිය සමූපකාර රක්ෂණ සමාගමේ කළමනාකාරවරයා වූ වවුනියාව වේප්පන්කුලම් පදිංචි කන්දලිංගම් රාමනාදන් නමැති 33 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය අනාවරනය කොට ගෙන ඇත.
පහර දීමට පැමිණි පිරිස් වලින් බේරීම සඳහා අදාල කලමණාකරු අසළ නිවසකට ගියද එම නිවසටද පැමිණි පිරිස් විසින් ඔහුට පහරදී ඇති බව පොලිසිය තොරතුරු අනාවරනය වී ඇත.
පහරදීමෙන් බරපතල තුවාල ලබාසිටි කළමනාකරවරයා ප්රදේශවාසීන් විසින් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
අදාල පහරදීම පුද්ගලික ආරවුලක් බවට සැකපල කර සිටින බවටත් මේ වන තුරුත් පහරදීම සමබන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති වුවද සැකකරුවන් හැකි ඉක්මිනින් අත්අඩංගුවට ගැනීම සඳහා පුලුල් පරික්සණයක් අරඹා ඇති බවටද කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පවසයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Nice
කරදරයකදි nice කියන්න එපා !.
වචනේ තේරුම දන්නේ නැතුව ඇති Saman lamaya…….