රක්ෂිතයකින් අනවසරයෙන් කෝමාරිකා තොගයක් ගලවා ප්රවාහනය කල අයෙක් අත්අඩංගුවට..
April 21, 2019 at 2:15 am | lanka C news
මන්නාරම ඊරුක්කලම්පිඩ්ඩි ප්රදේශයේදී රක්ෂිතයකින් අනවසරයෙන් කෝමාරිකා ගස් 650ද ක් ගලවා ප්රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව මන්නාරම, ඊරුක්කලම්පීඩ්ඩී ප්රදේශයේ සිදු කල වැටලිමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මන්නාරමේ රක්ෂිතයකට අයත් කොමාරිකා පැළ 6500 ක් අනවසරයෙන් ගලවා පොහොරඋර 15 ක් තුළ බහා ලොරි රථයක් මඟින් ප්රවාහනය කරමින් සිටියදි මෙලෙස සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 49 ක් වන කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර සැකකරු හා කොමාරිකා පැළ තොගය සහ ලොරි රථය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මඩු, වන සංරක්ෂණ කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් කටයුතු කරනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
රටේ ජනතාව බෝම්බ ගසා මරා දැමීම ,රටේ බදු වංචා කිරීම ,රටට කුඩු ගෙන එම ,රටට ලැබියයුතු මුදල් කවරහෝ ක්රමයකින් වංචා කිරීම ,රටේ වනාන්තර කපා විකිණීම ,රටේ වනසත්වයන් මරා විකිණීම හා දල කපා ගැනීම ,රටේ පුරාවස්තු විනාශ කිරීම ආදී මෙකි නොකී රටට විනාස කාරී ක්රියා කරන ජඩයන් කවුද ?