රක්ෂිතයක හදීසියේම ගින්නක්.. අක්කර ගාණක් විනාශයි.. යුද හමුදාව ක්‍රියාත්මකයි…

April 22, 2018 at 12:40 pm | lanka C news
රක්ෂිතයක හදීසියේම ගින්නක්.. අක්කර ගාණක් විනාශයි.. යුද හමුදාව ක්‍රියාත්මකයි…

මුලතිව් කේපාපිලව් රක්ෂිතයේ ඊයේ (21) සවස හදීසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් අක්කර 50 ක් පමණ ගින්නේන් විනාශ වූ අතරම මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන්ගේ මැදිහත් වම හේතුවෙන් ගින්න සම්පූරණයෙන්ම මැඩපැවත්වීමට හැකි වී ඇත.

කේපාපිලව් නැවත පදිංචි ගම්මානය ආසන්නයේ පිහිටි තේක්ක රක්ෂිතයට ගින්න ඇවිලී ඇති අතර මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව්.ඒ.ඩී.බී. රාජගුරු මහතාගේ උපදෙස් පරිදි බ්‍රිෙග්ඩියර් ඩබ්ලිව්.ඩී.සී.කේ. කොස්තා මහතාගේ මෙහෙයවීමෙන් 12 වන ශ්‍රීලංකා පාබල හමුදා සෙබලුන් 100 කට ආසන්න පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් ගිනි නීවිඹ වෙනුවෙන් ජල බවුසරද යොදාගෙන ඇති වූ ගින්න නිවීමට පියවර ගෙන තිබුණි.

රක්ෂිතයේ ඇති වූයේ ලැව් ගින්නක් බවට සැක කෙරෙන අතරම ගින්න මැඩ පැවත්වීඹට පියවර නොගත්තේ නම් කේපාපිලව් ගම්මානයේ නැවත පදිංචි වූවන්ගේ වගාවන්ද විනාශ වී මට ඉඩ තිබූ අතරම ප්‍රදේශයේ පවතින වියලි කාල ගුණය හේතුවෙන් ඉදිරියටද මෙවැනි ලැව් ගිනි ඇති වීමට ඉඩ ඇති හෙයින් එවැනි ගින්නක් ඇති වුව හොත් ඉතා ඉක්මනින් යුද හමුදාව දැනුවත් කරන ලෙසටද අවට ගම්මාන වල ජනතාව දැනුවත් කිරීමටද මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14 views

4 Comments to “රක්ෂිතයක හදීසියේම ගින්නක්.. අක්කර ගාණක් විනාශයි.. යුද හමුදාව ක්‍රියාත්මකයි…”

  1. samuvel says:

    රාජා බවතු දම්මිකෝ….

  2. Kolitha says:

    gini thibba kiyala kata hollanna eps….eeka sanhidiyawata saha theerasaara sanwardhanayata bhadawak wenawa…..

  3. Love nature says:

    මුස්‌ලිම් වැසියන් පදිංචි කරවීම පිණිස මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් අක්‌කර දහසක්‌ ලබාදෙන මෙන් අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් රජයෙන් ඉල්ලා ඇත

    මේ අදහසට වනය කෝප වෙලා

  4. Love nature says:

    රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා ජාතික සම්පතක් වූ විල්පත්තු වනාන්තරය විනාශකරමින් තමාගේ ජනවර්ගයා පදිංචි කිරීම සිදුකර ඇති අතර එම මහා වන සංහාරය සුළුපටු නොවේ. ඊට එරෙහිව අතිදැවැන්ත විරෝධයක් සිව්දෙසින්ම පවතී.

    එවැනි වට පිටාවක් තුළ රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් මෙලෙස මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් අක්‌කර දහසක්‌ ඉල්ලීම දැඩි සැකයක් මතුකරයි. කෙසේ හෝ රිෂාර්ඩ් බදියුදීන් වැන්නෙකුට කැලෑබද ඉඩම් ලබා නොදීම ජාතික වගකීමක් බව පරිසර ක්‍රියාකාරිකයින් පවසති.

Main News