රක්ෂිතයේ අක්කර 50 ක් ගිනි ගනී…
July 16, 2018 at 8:03 am | lanka C news
වව්නියාව,කුරුදුපිටිය රක්ෂිත සීමාවේ ඇති වු ගින්නකින් අක්කර 50 කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇති බව වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පැවසීය.
පොලීසිය පැවසූවේ කිසියම් පුද්ගලයෙකු හේන් වගා කිරීමට කැළැවකට ගිනි තැබීම හේතුවෙන් රක්ෂිත ප්‍රදේශය ව්‍යාප්ත වී ගිනිගෙන කැළැව විනාශ වි ඇති බවටයි.
මේ දිනව පවතින වියළි හා සුළං කාළගුණ තත්වය හේතුවෙන් ගින්න ශිඝ්‍රයෙන් ව්‍යාප්තව වි ගොස් ඇති අතර ගින්න සම්බන්ධයෙන් වව්නියාව ගිනි නගර සභා ගිනී නිවීමේ ඒකකයට දැනුවත් කිරීමෙන් අනතුරුව වව්නියාව නගර සභා ගිනි නිවීමේ ඒකකයේ සහයෝගය හා පොලිස් ජල බවුසර යොදා ගින්න නිවා දැමීමට කටයුතු කළ බවද පොලීසිය පැවසීය.
ගින්න තැබීම සිදුකළ පිරිස සොයා පරීක්ෂණ පවත්වන බවද පොලීසිය ප්‍රකාශ කළ අතර, වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මුසල්මානුවන් රක්ෂිතයේ ඉඩම් අල්ලා ගැනීමට කරන අලුත්ම ක්‍රමය
අද වන විට වව්නියාව, මුලතිව් හා මන්නාරම යන දිස්ති‍්‍රක්ක තුනෙහි වන රක්ෂිත හයකට හා රජයේ වනාන්තර බිම් අටකට අයත් වනාන්තර අක්කර 10438 ක් එළි පෙහෙළි කරමින් අමාත්‍ය රිශාඞ්ගේ සෘජු මෙහෙයවීම මත අලූතින් ජනාවාස පිහිටුවීම සිදු කරනු ලැබේ. මේ අතුරින් පසුගිය කාලය තුළ දී මහත් ආන්දෝලනයකට ලක් වූයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර බිම් වල නීතී විරෝධීව ජනතාව පදිංචි කිරීමය. මෙම වනාන්තර බිම් කල් ආරු ඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ ලෙස සැලකෙන කල් ආරු වනාන්තරය නැතහොත් මරිච්චික්කඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයට අයත් ය. එහි වනාන්තර අක්කර 3000 ක් පමණ නීති විරෝධී ලෙස එළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීම හා රිශාඞ් විසින් පෞද්ගලිකව වනාන්තර බිම් අත්පත් කර ගැනීම සිදු විය.
රිශාඞ් අමාත්‍යවරයාගේ ආධාරකරුවන් විසින් මුලතිව් දිස්ති‍්‍රක්කයේ මඩු වන රක්ෂිතයේ, කොන්ඩියාකුප්පම් ප්‍රදේශයේ අක්කර 600 ක් එළි පෙහෙළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීමට එරෙහිව දෙමල ජාතික සංධානයේ නියෝජිතයින් පිරිසක් විසින් දැඩි බලපෑමක් එල්ල කර තිබේ. එහිදී ඔවුන් අතර ගැටුම් පවා හට ගෙන ඇත. මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බව අප අවබෝධ කර ගෙන මීට ප්‍රථම මෙම කි‍්‍රයාවලිය නතර කිරීමට නීතිය කි‍්‍රයාත්මක කවන ලෙසට අදාළ අංශ දැනුම්වත් කළ ද ඔවුන් කි‍්‍රයා නොකිරීමේ ප්‍රතිඵල අද වන විට අහිතකර ලෙස මතු වෙමින් පවතී.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ‘‘මාස 60 කින් අලූත් රටක් හදන පංච විධ කි‍්‍රයාවලිය’’ ලෙස එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයේ 18 වන පිටුවේ තිරසර සංවර්ධනය කොටසෙහි සඳහන් කර ඇත්තේ රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කිරීමට කටයුතු කරන බවය. නමුත් මේ සියල්ල ප්‍රතිපත්ති ප්‍රකාශන වල වගන්ති වලට පමණක් සීමා වී ඇති බව පෙනෙන්නට තිබේ. එ්වා යතාර්ථයක් බවට පත් කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට නොමැත.
දුම්බර අඩවියේ පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයිති ඉඩම් හා ඇල්කඩුව වැවිලි සමාගම මගින් පාලනය වන අක්කර 21,000 ඉඩමි විවිධ ව්‍යාපෘති ක්රීයාත්මක කිරීම සදහා ලක්ෂ්මන් කිරිඇල්ල හා කබීරි හෂිම් යන දේශපාඥයින් දෙදෙනා විසින් තමන්ගේ නෑ හිත මිත්‍රයින්ට බෙදාදී ඇති බවත් මෙම දුම්බර ඉඩම් මංකොල්ලය සමිබන්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත්වන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.