රක්ෂිත වනය දෙවන වතාවටත් ගිනි ගනී.. අක්කර ගාණක් විනාශයි..

April 26, 2018 at 5:30 pm | lanka C news
රක්ෂිත වනය දෙවන වතාවටත් ගිනි ගනී.. අක්කර ගාණක් විනාශයි..

මුලතිව් කේපාපිලව් රක්ෂිතය ඊයේ (25) දින දෙවන වතාවටත් ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන් අක්කර 25 ක් පමණ ගිනි ගෙන විනාශ වූ අතර යුද හමුදාවගේ මැදිහත් වීමෙන් ගින්න මැඩ පවත්වා ඇත.

කේපාපිලව් මාර්ගය ආසන්නයේ පිහිටි රක්ෂිත කැලෑව මෙසේ ගිනිගෙන ඇති අතර ප්‍රදේශවාසීන් විසින් එම අවස්ථාවේදීම මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය දැනුවත් කොට ඇති අතර මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව්.ඒ.ඩී.බී. රාජගුරු මහතාගේ උපදෙස් පරිදි සෙබලුන් 50 කගේ පමණ හා ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ගින්න මැපැවත්වීමට පියවර ගෙන ඇත.

පසුගිය 22 වනදාද කේපාපිලව් රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 50 කට ආසන්න ප්‍රමාණයක් ගිනිගත් අතර එයද යුද හමුදා ශ්‍රමයෙන් නිවා දැමුනු අතර ප්‍රදේශයේ පවතින වියලි කාල ගුණ තත්වයන් හේතුවෙන් මෙසේ ලැව් ගිනි ඇතිවිය හැකි බවට යුද හමුදාව කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18 views

One Comment to “රක්ෂිත වනය දෙවන වතාවටත් ගිනි ගනී.. අක්කර ගාණක් විනාශයි..”

  1. David Milli-banda says:

    Ginigath hariya 50 acres ithin North eke untama bedala daapan.

    Oya paththe inne 1977 Amirthalingam ge liyum walin wathu karayen pamina padinchchi una aya ida laba ganna.
    Udde gahagena thiyenne wathu karaye ewun ekke.
    Welllala ewun ratin panala giya or Colomata aawa..

Main News