රක්‍ෂණ සංස්ථාව පුද්ගලීකරණයට..?

December 15, 2020 at 6:32 am | lanka C news
රක්‍ෂණ සංස්ථාව පුද්ගලීකරණයට..?

රක්ෂණයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ වන විට ලාභ ලබන ආයතන අතලොස්සෙන් ඉහලම සිටින ආයතනයකි. කොරෝනා වසංගතය රට වෙලාගෙන සිටින මොහොතක මෙහි පාලන අධිකාරිය හොර රහසේ රක්ෂණ සංස්ථාව දෙකඩ කර සුළු පිරිසක් සතුටු කිරිමේ කාර්යක නිරතවෙමින් සිටින බවත්, මෙහි යටි අරමුණ රක්ෂණ සංස්ථාව පෞද්ගලිකරණය කිරිමේ වැඩ පිළිවෙලකට යාමදැයයි සැකයක් පවතින බව රක්ෂණ සේවක එකමුතුවේ විධායක කමිටු සාමාජික දිවාකර මහතා 14 දින ප්‍රකාශ කරන ලදි.

වැඩි දුරටත් අදහස් දක්වමින් “ රටේ ලාභ ලබන ආයතනයක් වන රක්ෂණ සංස්ථාව පෞද්ගලික අංශයට විකුණන්න මිට කලින් පැවති රජයන්ද පිඹුරුපත් සැකසුවා. හැබැයි අපි එදත් සංස්ථාවේ සියලුම සේවකයින් එකට එක්ව එයට විරුද්ධව පෙළ ගැස්සුවා. ඒකෙන් ඒ කරන්න හදපු විනාශය පසු ගිය රජය හකුලා ගත්තා “ යැයි පැවසිය. රක්ෂණ සංස්ථාව එක රජයක් විකුන්නා. අපේ සේවකයෝ සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අධිනිතිඥ ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර ඇමතිතුමා, අධිනිතිඥ ගරු සුමන්තිරම් මන්ත්‍රීතුමන්ලා එක්ව නඩුදාලා නැවත රජයට ගත්තේ මේ ආයතනය.

නමුත් මෙවර ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට මෙම ආයතනය විනාශ කිරිමේ වැඩ පිළිවෙළ සකසා ඇත. එනම් 1960 අංක 02 දරණ පනතින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ස්ථාපිත කළදා පටන් මේ දක්වා සාමන්‍ය රක්ෂණ සහ ජිවිත රක්ෂණ යන අංශ දෙකට එකට පැවැතියද,  කාටත් හොර රහසේ පාලන අධිකාරිය මෙය අංශ දෙකක් ලෙස වෙනම ආයතන ස්ථාපිත කිරිමට දැන් කටයුතු කරමින් පවති. අපි මෙයට විරුද්ධයි. ඒකට හේතුව තමයි මෙය විශාල මුදල් නාස්තියක් බැවිනි. මේ තුලින් වෙනම අධ්‍යක්ෂ මණ්ඩල, වෙනම ප්‍රධාන විධායක නිළධාරියා සිට ඉහල කළමණාකාරිත්වය විශාල ලෙස අලුතින් තනතුරු ස්ථාපිත කරමින් වැඩි වැටුප් ලබාදි රක්ෂණ සංස්ථාව බංකොලොත් කිරිමට කටයුතු කිරිමය.

ඇයි මේ  හදිසියේ මෙවැනි දේ කරන්න හදන්නේ ? සේවකයින්ට කාර්යාලයට එන්න බැරි මොහොතක හොර රහසේ මෙවැනි දේ කිරිමට හදන්නේ සේවකයින්ගේ නැගිටිම යටපත් කරමින්, මේ සදහා සේවකයින් විරුද්ධ නැති නිසා සේවක විරෝධතා නැතැයි කියා දේශපාලන අධිකාරියට ඒත්තු ගැනිවිමටද ?

මෙවැනි ආකාරයට ආයතනයේ මුල්‍ය ශක්තිය විනාශ කිරිම තුලින් වාර්ෂිකව බදු මුදල් හැර මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන රුපියල් බිලියන 3 කට වැඩි මුදල් ගෙවිමට හැකියාව ලැබේ දැයි අපි රජයෙන් විමසනවා. 2009   වසරේදී ද මෙලෙස රක්ෂණ සංස්ථාව බෙදිමට යාමේදි එවකට මුදල් අමාත්‍යංශ ලේකම් පි.බි. ජයසුන්දර මහතා අප වෙත ලිඛිතව ලබාදුන් ලිපියේ දන්වා ඇත්තේ “ කිසිදා රක්ෂණ සංස්ථාව විකිණිමට හෝ මෙලෙස බෙදා නොදමන බවය යැයි විධායක කමිටු සාමාජික දිවාකර මහතා පැවසිය.

මෙලෙස ආයතන දෙකක් ලෙස පැවතිම තුල සාමාන්‍ය රක්ෂණ අංශය ලාභය අවමයැයි පවසා පෞද්ගලික අංශයට ලබාදිමේ වැඩ පිළිවෙලකට මග විවෘත කරනවා දැයි අප හට සැකයක් පවති. රක්ෂණ සංස්ථාවෙන් ඉවත් කළ සුරක්ෂා රක්ෂණය පෞද්ගලික ආයතනයකට ලබාදි සිදු කළ විපාකය අප දැක්කා. අවසානයේ එය නිසි කළමණාකාරිත්වයක්   හා වගකිමක්  එම  ආයතන  නොදැරිම  නිසා  පාසැල්  දරුවන්ට  ගෙවිමට  තිබු වන්දි මුදල්  ගෙවිමද පැහැර හැර නැවත  අප රක්ෂණ සංස්ථාවටම එම  වගකිම් දැරිමට සිදුවිය.  එලෙස අපට කිරිමට  ශක්තිය වුයේ මෙය රජය සතු ආයතනයක් වු බැවිනි. නමුත් මෙලෙස රක්ෂණ සංස්ථාව දෙකඩ කිරිමේ යටි අරමුණ පෞද්ගලිකරණයට අත වැනිමක් නම් මෙහි සේවයකයින්ටට මෙන්ම රටේ ජනතාවගේ අභාග්‍යකි.

රක්ෂණ සංස්ථාවේ මුළු සේවක ගණන 2500  කට ආසන්නය. මෙහි අලෙවි නියෝජිතවරු 10,000 ක් පමණ සිටියි. සුලුතරයකගේ ඕනෑම කමට මෙම සේවක රැකියා අනතුරට පත්කරමින් කොමිස් මුදල්වලින් තම සාක්කු පුරවන්නට පාලන අධිකාරිය හීන මැවිම සියලු සේවකයින් වෙනුවෙන් අප රක්ෂණ සේවක එකමුත්ව ඉතා පිළිකුලින් යුක්තව හෙළා දකින බවත්,  අප දිවිහිමියෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආරක්ෂා කිරිමට බැදි සිටින බව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.  ඉදිරියේදි අතිගරු ජනාධිපතිතුමන් හා අගමැතිතුමන්, විෂයභාර ඇමතිවරයා සහ විපක්ෂ නායකතුමන් වෙත කරුණු දැක්විමට බලාපොරොත්තු වන බව පවසා සිටියහ. මෙම  අවස්ථාවට  විධායක කමිටු සාමාජික කාවින්ද චතුරංග  මහතාද සහභාගි විය.

– ආර්.වයි. ලියනආරච්චි

37,270 views

17 Comments to “රක්‍ෂණ සංස්ථාව පුද්ගලීකරණයට..?”

  1. Deshapremi says:

    Jaya Wewa…

    • රාජගුරු says:

      Thank You Sir
      Respect Sir
      Excellent Sir
      Well-done Sir
      Please sell the Total Country Sir
      පටන් ගෙන අවුරුද්දක් ඉවර උනේ නෑ රටින් බාගයක් විකුණලා ඉවරයි
      වාරයේ ජැටිය වික්කා , දැන් රක්ෂණ සමාගම , මෙහෙම ගියොත් රට සව්බග්‍ය
      වීම කෙසේවෙතත් , රට උගස් කරනවා සිකුරට

    • comedyking says:

      Competitors like Ceylinco, Union Assurance etc. can be funding these ignitions of conflict

  2. පොඩි එකා says:

    ඇයි රක්සෙන සංස්තාවට රක්සෙනෙයක් නැද්ද?
    ඉක්මනට දාගනිංකො.
    එතකොට වන්දි මුදල් හම්බෙයි නෙ.
    අපට කියන්නා වගෙ

  3. MD says:

    රට විරුවන්ට ද බරපතල හානියක්.විශේෂයෙන් විදේශගත දරුවන් ඥාතීන් හිතවතුන් බැලීමට යන අයටද විශාල වියදමක් රක්ෂණය සඳහා දරන්න වෙයි.සමහර නිලධාරීන්ගේ යටි අරමුණුවලට රට බිල්ලට යාමට ඉඩ නොදී වගබලා ගැනීම මැති ඇමතිවරු සතු වගකීමකි.

    • ක්‍රිමිනල් says:

      මෝඩ පහේ බෛයන්ට ඇප නෙමෙයි ඇඩ්‍රසුත් නෑ , කොහොමද රට ජාතිය බේරගන්න ආපූ ස’කියුලර් , රටට කෙලින කෙලිල්ල ? තනි සිංහල බෞද්ධ පාණ්ඩු හදන්න ඇවිල්ලා ,රටම හළාල් කරලා , ගිය පාණ්ඩුවෙන් බදු දුන්න දේවල් පවරගන්නවා කියලා ,වරායවල් ඉන්දියාවට දිලා දානවා , ,රක්ශණසංස්ථා ප්‍රතිවියුහගත කරනවා ,ඊ.ටී.එෆ් ,ඊ.පීඑෆ් වලට කෙලිනවා , ගජමිතුරන්ට ආතල් එකේ බිස්නස් කරන්න ඉඩ දෙනවා , හොරු ,මිනීමරුවො නිදොස්කොට නිදහස් කරනවා, එව්වා ගැන ලියනවුන්ව අල්ලලා හිරේ දානවා , පී.සී.ආර් ඉල්ලන හිරකාරයන්ව වෙඩිතියලා මරලා දානවා , බෛයො තාමත් රෙදි නැතුව කඩේ යනවා . ඇයි බං උබලා මෙහෙම?

    • Criminal says:

      alimankada kiyala paamankada giya rata wiruwo neda? 😀

  4. පොට්ටුවේ පඩිතකය says:

    ආ… මේ ප්‍රතිව්‍යුහගත කරණය නේ. කවුද කියන්නේ පුද්ගලීකරණය කියලා. එහෙම කළා කියලා මේක ඉතින් පාඩු වෙනවයේ ? නැද්ද මම කියන්නේ. දැන් ඉතින් ආණ්ඩුව සල්ලි හොයන්නෙ හරියට සති ගානකින් කුඩු නැතුව පිස්සු හැදිච්ච කුඩ්ඩෙක් වගේ. දකින දකින හැම එකම හොරකම් කරලා විකුණනවා. හෙට අනිද්දට පාරේ යනකොට ඇදන් ඉන්න රෙද්ද ගලවලා ඉල්ලොවොත් මම නම් දෙනවා. අපි ඉතින් තුනෙන් දෙකයි විස්ස්සයි දුන්නේ මේ රජය පණ වගේ රකින්න තමා

  5. බූරු පුතාණෝ සජියා says:

    දැන් ෂැපද….!!!. 20 පාස් කරගත්තෙ ඕවට අත තියන්න තමයි.

  6. kamal says:

    well done

  7. ක්‍රිමිනල් says:

    හැබෑටම කෝ බං දේශප්‍රේමී බෛයො ? හැංගිලාවත්ද ? ආහ් ! උන් කතාකරන්නේ ධම්මික පැණිය ගැන විතරද බන් ? 😏

    • banda says:

      ඉස්සර හි්ටය පරයෝ හිටියනම් මීට වඩා විනාශයි. හිතුවේ රටට යහපතක් වෙයි කියලා.ඒත් එකනම් අහලකත නැහැ

      • ක්‍රිමිනල් says:

        එහෙමවත් කියලා හිතහදා ගමු නේද බන් ! මේ පාණ්ඩුව හරියට කරන එක දෙයක් කියහං ගජමිතුරො ගොඩදාලා ,පවුලත් ගොඩ ඇරලා ,කෛයිවාරූ පම්පෝරී ගහනවා ඇරෙන්න.

    • ක්‍රිමිනල් says:

      Ape Sajtih sir ge Pakanil saha Anura Sir ge Kerala Gawa Moothra ganath kathaa karanna 😏.

  8. Saman says:

    All insurance Companies should have two separate portfolios as per the rule that was brought about 4-5 years ago. Likewise all the other companies either merged with big companies or seperated ‘General’ and ‘life’.
    Only those who don’t know cannot understand this. Even though, by law they are required to do this, the government still be the owner. It’s only appointing two separate boards that will have to be done here.

  9. අයියෝ says:

    අයියෝ රටේ කැලැ ටිකත් දෙසපාලුවන්ට පවරලා දුන්න.. මේවා රට කන වැඩ.

Main News