රක්‍ෂිතයක් ගිනිගනී..

January 17, 2022 at 2:10 am | lanka C news
රක්‍ෂිතයක් ගිනිගනී..

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය අසල පිහිටි තෙත් බිම් කලාපයේ රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර දෙකක් පමණ ගිනිගෙන විනාශ වි ඇත.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් වත්තේ තෙත් බිම් කලාපයේ පිහිටි රක්ෂිතයකුයි මෙසේ ගිනිගෙන විනාශ වි ඇත්තේ.

(15) දින පස්වරු 5 ට පමණ හටගත් ගින්න රාත්‍රි 7 පමණ වන තෙක් පැවති බවත්, එම රක්ෂිතය සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ විමෙන් අනතුරුව ගින්න නතර වු බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

බගවන්තලාව ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය සමග කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට ප්‍රදේශවාසින් පවසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

4,298 views

One Comment to “රක්‍ෂිතයක් ගිනිගනී..”

  1. Monarch says:

    වනාන්තර ගිනී තියෙන එක නිතර වෙන එකක්. මේක පුරුද්දක් විදිහට කරන එකක්. මේවා නතර කරන වැඩ පිළිවලක් වගේම රක්‍ෂිත ගිනි තියන අය හඳුනාගැනීම, රක්‍ෂිත ගිනි නිවීමට ක්‍රමවත් වැඩපිළිවලක් තියෙන්න ඕනේ. උපකරණ නෑ කියන එක පිළිතුරක් නොවේ.

    5 ට පමණ හටගත් ගින්න රාත්‍රි 7 පමණ වන තෙක් පැවති බව කියනවා. මොකද අදාල ආයතන ක්‍රියාත්මක වෙලානැත්තේ හොයල බලන්න ඕනේ වැඩක්…

    මෙහෙම රැල්ලක් යනවා හැම වසරකම මට මතක විදිහට

Main News