රක්‍ෂිතයේ මහපරිමාණ ඉඩම් කොල්ලයක්.. අක්කර 100 ක් එලි කරන්න අවසර දීලා.. දැනටත් 05ක් එලි කරලා…

July 28, 2020 at 3:50 pm | lanka C news
රක්‍ෂිතයේ මහපරිමාණ ඉඩම් කොල්ලයක්.. අක්කර 100 ක් එලි කරන්න අවසර දීලා.. දැනටත් 05ක් එලි කරලා…

මන්නාරම මඩු කීරිසුඩ්ඩාන් රක්ෂිතය අනවසරයෙන් නීථිවිරෝධීව එලිපෙහෙලි කරමින් තිබූ වැඩසටහනක් වහාම ක්‍රියාතමක වන පරිදි නවතා දැමීමට පියවර ගත් බව මඩු වනසංරක්ෂණ නිලධාරී කාර්යාලය පවසයි.

කීරිසුඩ්ඩාන් රක්ෂිත ප්‍රදේශයේ බැකෝ යන්ත්‍රයක් යොදාගෙන රක්ෂිතය එලිපෙහෙලි කරන බවට මඩු අඩවිවන නිලධාරී කාර්යාලයට තොරතුරු ලැබීමෙන් පසුව එහි නිලධාරීන් විසින් පරයානන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් එහි නිලධාරීන්ගේද සහය ඇතිව අදාල එලි පෙහෙලි කරමින් සිටි රක්ෂිත භූමියේ වැටලීමක් සිදු කරන ලදි.

එහිදී රක්ෂිතය පස්කපන යන්ත්‍රයකින් එලිපෙහෙලි කරමින් සිටි අයෙකු පස්කපන යන්ත්‍රය දමා පලා යාමෙන් පසුව එම පස්කපන යන්ත්‍රය අත්අඩංගුවට ගෙන ඊයේ (27) දින බී වාර්ථාවක් මගින් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කල බවට මඩු අඩවිවන නිලධාරී කාර්යාලය පවසයි.

මේ පිළිබඳව මඩුපාර අඩවිවන නිලධාරී අශෝක ප්‍රේමරත්න මහතා පවසා සිටියේ

‘මේ ප්‍රදේශය 2012 දී ගැසට් කරල තියෙන්නේ රක්ෂිත භූමියක් විදහට එහෙම තියෙන විට කිසිවෙකුටවත් අනවසරයෙන් ඇතුල් වෙන්නත් බැහැ එහෙම වාතාවරනයක අක්කර 5 ක් පමණ මේ වන විට එලි පෙහෙලි කරලා අපිට ලැබුනු තොරතුරු වලට අනුව මෙහි අක්කර 100 ක් පමණ එලි පෙහෙලි කරන්න සූදානමක් තිබිලා තියනවා ඒකට අවසරය දීලා තියෙන්නේ මඩු සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය එතුමියට එහෙම රක්ෂිත භූමියක් එලිපෙහෙලි කරන්න අවසර දෙන්න බැහැ අපිට දැනට ලැබිල තියෙන තොරතුරු වලට අනුව මේ භූමිය එලි පෙහෙලි කරන්න ප්‍රදේශයේ ගොවි සංවිධාන වෙතට මුදල් දීමටත් පියවර අරන් තියනවා කියලයි.

මේ පිළිබඳව මඩු සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගෙන් විමසීමේදී ඇය පවසා ඇත්තේ අදාල ඉඩම් ඇතුලු භූමිය යුද්දයට පෙර 1980 වසරවලදී සිට සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් හා කුඹුරු පැවති ප්‍රදේශයක් බැවින් එම භූමිය එලිපෙහෙලි කිරීමට අවසරය ලබා දුන් බවටය.

නමුත් මේ පිළිබඳව මඩු අඩවිවන නිලධාරී වරයා පවසා සිටියේ 2012 මේ ඉඩම් රක්ෂිතවලට ගැසට කිරීමට පෙර ඉඩම්වල මායිම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට එවල සීමා තහවුරු කරාට පසුව තමයි ගැසට් කරන්නේ දැන් රක්ෂිතයක් වෙලා ඉවරයි මේ භූමිය නමුත් ඒ භූමි ඒ අය කියන විදිහට කුඹුරු ඉඩම්නම් නිදහස් කරගන්න ක්‍රමවේදයක් තියනවා ඒ මේ ඉඩම්වල පූර්ණ වාර්ථාවක් වනසංරක්ෂණ කාර්යාලයට භාර දීලා ඒ පිළිබඳව සොයාබැලීමෙන් පසුව වනසංරක්ෂණයෙන් තමයි මේ භූමිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙන්න ඕන ඊට පස්සේ තමයි කරන දෙයක් කරන්න පුලුවන් නමුත් දැන් වෙලා තියෙන්නේ මඩු සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගේ තනි තීරණයකට මේ ඉඩම් එලි පෙහෙලි කරපු වගක් මේ පිළිබඳව මන්නාරම් අධිකරණයට අපි දැනුම් දීලා තියෙන්නේ යනුවෙනි.

මන්නාරම දිසා වන නිලධාරී නුවන් කැකුලන්දර මහතාගේ උපදෙස් මත මඩුපාර අඩවිවන නිලධාරී අශෝක ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් අතිරේක අඩවි වන නිලධාරී පී.පී. මල්සාන්ත, බීට්ටු වනනිලධාරී වරුන් වන ධනුක වනසිංහ, ජී.එන්. මධුසංක, වන සේස්ත්‍ර සහකාර නජිත් ප්‍රසන්න, එල්. විජේරත්න, එල්. සුරංග, රියදුරු නිශ්ශංක යන අයගේ සහභාගීත්වයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී තුමන්ගේ උපදෙස් මත යාපනය කලාප අණදෙන නිලධාරී තුමන්ගේ මෙහෙයවීමෙන් වව්නියාව ප්‍රාදේශීය අණදෙන නිලධාරී තුමන්ගේ සහ පරයානංකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙම රක්ෂිතයේ ඉඩම් එලිපෙහෙලි කිරීම හෙලිදරව් කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

336 views

19 Comments to “රක්‍ෂිතයේ මහපරිමාණ ඉඩම් කොල්ලයක්.. අක්කර 100 ක් එලි කරන්න අවසර දීලා.. දැනටත් 05ක් එලි කරලා…”

  1. ක්‍රිමිනල් says:

    රට රකින අපේ විරුවා ! කෝ එන්න තාලෙට කියන්න…

    • Darshana abayakoon says:

      මේව බල බල නම් තවත් ඉන්න බෑ. කොහොම හරි ස ට 2/3 හදල දෙන්න ඔනේ.

      • Truth says:

        දෙමු දෙමු. 🤣🤣🤣🤣🤣

        • CAT says:

          මඩු සහකාර ප්‍රාදේශීය ලේකම් වරියට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි . රක්ෂිත ඉඩම් විනාශකිරීම වහාම නතර කිරීමට දැඩි නීතිමය පියවර ගත යුතුයි ම්මේ සම්බන්ද සියලුම දෙනාව අත්අඩංගුවට ගත යුතුයි

          • Leo says:

            මුන්ව ආන්ඩු කරන්න කොන්ද පන තියෙන නායකත්වයක් ඕන. ගෝඨාභය සර් ට 2/3ක් තියෙන පාර්ලිමේන්තුවක් දෙන්න ඕන.

      • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

        ඔවු ඔවු.…… ජෙපොත් එක්ක එකට යහපාලන ආණ්ඩුවේ නිදාගත්ත බදුරුදීන් විල්පත්තුව කකපපු එකේ ඕක මොකද්ද?

        • රවුෆ් says:

          ජෙප්පා යනු මුදල් සඳහා ඕනෑම කෙනෙකු සමග නිදිවදින සතෙකි

      • AK47 says:

        වනාන්තරය කපු හොරුන් ඇල්ලුවාට අපගේ ප්‍රණාමය. ජය වේවා.

    • kamal says:

      ක්‍රිමිනල් PODA PO PO

    • UNP GAL IBBA says:

      දොන් ක්‍රිමිනල් අලගුඩ්ඩා 2/3 හඹෞනාට පස්සේ විරුවාගේ වැඩ බලපන්??????

    • පකනිල් says:

      උබට හරි ආසයි නේ

  2. Kgs basnayake says:

    Good work. Take legal action and find the perpetrators

  3. ශිරෝමී වත්සලා says:

    එයා බස් ගනුදෙනුවේ හොරුන්ව හෙළිදරවු කල රජීව් ජයවීර මිනීමැරුම ගැන කිස්වෙක් කථා නැත්තේ මන්ද? නිදහස් චතුරශ්රු භූමියේ ටයි කෝට් ඇඳන් දිවිනසා ගන්න එතුමාට අවශ්ය් නැහැ, විශාල ගෙයක තනිව ජීවත් වුනේ. නිදහස් චතුරශ්රය භූමියේ cctv ඕෆ් කලේ මිනීමරුවා වහගන්න. නුතන ලසන්ත වික්‍රමතුංග = රජීව් විජේවීර.

    • Jayantha kamani says:

      If you’re so sure, why don’t you make a complaint to the police in your real name?

      ශිරෝමී වත්සලා=kimbul Raajitha

  4. හර්ජන් අලෙක්සැන්ඩර් says:

    “මේ පිළිබඳව මඩු සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගෙන් විමසීමේදී ඇය පවසා ඇත්තේ අදාල ඉඩම් ඇතුලු භූමිය යුද්දයට පෙර 1980 වසරවලදී සිට සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් හා කුඹුරු පැවති ප්‍රදේශයක් බැවින් එම භූමිය එලිපෙහෙලි කිරීමට අවසරය ලබා දුන් බවටය.”

    කොහොමද කොටි හිතාගන ඉන්න විදිය? සජිය එහෙම ජනාධිපති වෙලා හිටියනම් මේ ගෑණි රජයේ
    ඉඩම්ටික ඔක්කම කට්ටි කරල උන්ගෙ මහවිරු පවුල්වලට බෙදල දෙනව.
     

    • ජලා says:

      බූරු පුතා ඒ ඉඩම් වල ගවල් හදල දෙයි
      උගෙ බූදලේ සල්ලි වලින්ද බොල

      නෑ අපෙන් එකතු කරන සල්ලි වලින්

  5. Kgs basnayake says:

    Should be zero tolerance for this type of illegal activities

Main News