රක්‍ෂිතය වනසා මහ පරිමාණ දැව ජාවාරමක්..

November 16, 2018 at 2:07 am | lanka C news
රක්‍ෂිතය වනසා මහ පරිමාණ දැව ජාවාරමක්..

මන්නාරම් මඩු රක්ෂිතයේ ඉතා රහසිගතව සිදු කරගෙන ගිය දැව ජාවාරමක් වටලා දැව ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් හා කැබ් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මඩු වනසංරක්ෂණ නිලධාරීන් කියා සිටියේය.

මඩු අඩවිවන නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව පූවර්සන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ද සමග සිදු කරන ලද ඒකාබද්ද සෝදිසි වැටලීමකදී අදාල දැව ජාවාරම් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

වැටලීම සිදු කරන ලද අවස්ථාවේදී මඩු රක්ෂිතයෙන් කපන ලද බුරුත ගස් ඉරා එම දැව තොගයන් කැබ් රථයකින් හා ට්‍රැක්ටරයනික් මඩු රක්ෂිතය තුලදී ප්‍රවාහනය කරමින් සිටියදී දැව තොගයද සමග ට්‍රැක්ටරය සහ කැබ් රථය පැදවූ සැකකරුවන් දෙදෙනා  අත්අඩංගුවට ගෙන ඇත.

මඩු රක්ෂිතයෙන් රහසිගතව කපන ලද දැව ඉතා සූක්ෂමව වවුනියාව ,මන්නාරම හා යාපනය යන දිස්ත්‍රීක්කවලට ප්‍රවාහනය කිරීමට දැව ජාවාරම් කරුවන් සැලසුම් කොට තිබූ බවටද මඩු අඩවිවන නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.

3 views
Main News