රජදවසින් පසු යෝධ සංවර්ධන වික්‍රමය මොරගහකන්දයි.. කුලසිංහ සහ මා එය සාකච්චා කලේ 1994දීයි.. වෙන කාටවක් ඒකට උප්පැන්න දෙන්න බෑ..- ජනපති
July 24, 2018 at 11:20 am | lanka C news
මොරගහන්කද ජලාශය සැලසුම් කිරීම සදහා 1994දී ඉංජිනේරු කුලසිංහ සමග කැලයේ ඇවිදිද්දී අද එම ජලාශයට උප්පැන්න දෙන්න හදන කිසිවෙකු ඒ ගැන දන්නේවත් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මොරගහකන්ද කලුගග ජලාශයට ජලය මුදා හැරීමේ උත්සවය අමතමිනි.
2007දී මෙම ව්‍යාපෘතිය සදහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සමග මෙම ව්‍යාපෘතිය සදහා මුල්ගල් තැබුවත් 2011 දක්වා මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට එහි නමවත් ගෑවුවේ නැති බවත් ඔහු කියා සිටියේය.
පෙර රජ දවසින් පසු මෙරට ක්‍රියාත්මක යෝධතම ව්‍යාපෘතිය මොරගහකන්ද කළුගග ව්‍යාපෘතිය යයිද ජනාධිපතිරවයා පැවසීය.
මාධ්‍යවල පල කරන්නේ අවශ්‍ය දේ නොව කටින් පිටවන අනවශ්‍ය දේවල් බවත් ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කලේය.