රජයට රට භාර දී ඇති තාවකාලිකවයි.. බූදල් සේ විකිණීමට අවසර දී නෑ.. විරුද්දව නැගී සිටින්න..- අගරදගුරුගෙන් දැඩි ප‍්‍රහාරයක්…

January 7, 2021 at 10:02 pm | lanka C news
රජයට රට භාර දී ඇති තාවකාලිකවයි.. බූදල් සේ විකිණීමට අවසර දී නෑ.. විරුද්දව නැගී සිටින්න..- අගරදගුරුගෙන් දැඩි ප‍්‍රහාරයක්…

මහා ලොකුවට ඔලුව උඩ තියාගෙන සිටියද සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ සෙතක් නැතැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කරති.

සංචාරකයන් ගෙන්වා ගැනීමට වඩා රටේ සිටින ජනතාවගේ ඕනෑ එපාකම් පිරිමහ ගැනීම රජයේ වගකීම විය යුතු යැයි ද උන්වහන්සේ කියා සිටිති.

එසේ නැතුව පිට රට වල මිනිසුන් ගෙනැවිත් හැමතැනම පිරවීම් ඉතාමත් පටු චේතනාවක් යයිද උන්වහන්සේ චෝදනා කරති.

මේ රට රජයට භාර දී ඇති තාවකාලික බවත් කැමති දෙයක් කරන්න බූදලයක් සේ අයිතිය ලබාදී නැතැයිද උන්වහන්සේ කියති.

පෞද්ගලික බූදල් සේ විකිණීමට බදු දීමට කිසිවෙකුට අවසර නැතැයිද රදගුරුතුමන් කීහ.

වනජීවී පුවරු ගලවා දමා පුද්ගලික සමාගම් ලෙස පුවරු සමි කර ඇති ඉඩම් නැවත රජයෙ ගන්නා ලෙසද කී උන්වහන්සේ එය නොකරන්නේ නම් ඊට විරුද්ධව නැගී සිටින ලෙසද ඉල්ලා ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මෙම අදහස් පල කලහ.

44,633 views

30 Comments to “රජයට රට භාර දී ඇති තාවකාලිකවයි.. බූදල් සේ විකිණීමට අවසර දී නෑ.. විරුද්දව නැගී සිටින්න..- අගරදගුරුගෙන් දැඩි ප‍්‍රහාරයක්…”

  1. කාදිනල්තුමනී ඔයා ආගම ගැන කතාකරන්න. ඕවා කතාකරන්න ලංකාවේ ඕනෑවටවත් වඩා දේශපාලුවෝ ඉන්නවා.දේශපාලනය කතාකරලා ආගමට අගෞරවය කරන්න එපා.

    • අලී මදිවට කොටි

    • Van says:

      රජයේ වැරදි දේ විවේචනය කිරීම දේශපාලනය නෙමෙයි. බුදු රජාණන්වහන්සේත් රජවරුන්ට උපදෙස් දීල තියෙන වා. හැම දේටම දේශපාලනය ගාව ගන්නෙ තමුන් වගේ දේශපාලන වහල්ලු තමයි .

      • අවුරුදු 72ක් ඔය ලංකාවේ සියලූ ආගම් දේශපාලුවන්ට උපදෙස් දීලා අපේ රට සුකිත මුදිත වෙලා. සෞභාග්‍ය දෝරේ ගලනවා.

    • kamal says:

      Stupid comment. what කාදිනල්තුම said is correct & timely.

      • Angelo Nugera saha Van kiyana buru yakku denna danna deyak neha Sanchara Industry ekaa gena. Kalakanni, buru, thuppahi Dollar $$$ walata kedara ewun ahapan. Lankawata Tourists, sancharakayo enne mehe thiyana kandui, m$$$ deela yanda neemi ban. Oya sancharakayingen, Tourinsts lagen godak ma enne Ape podi kollo, kello tika Vinasakarala, kudu Drugs mehe labeta ganda puluwan hinda unge vikurthi ashawan sansidawaganda. Mema karuna kelinma, Directly kiyan nethuwai ape Cardinal itha nuwana ethi , Intelligent pujaka thuma wata ravumen kivwe anduwata.

  2. Love nature says:

    රජයට රට භාර දී ඇති තාවකාලිකවයි.

    මිහිඳු මාහිමි දෙවනපෑතිස්‌ රජුට එය මනා සේ ඉඳුරාම දේශනා කළ සේක. ඒ,
    “මහරජ, ඔබ මේ වනයේ අයිතිකරු නොවේ. භාරකරු පමණි”
    යනුවෙනි. මිනිසාට පමණක්‌ නොව සතා සිවුපාවටත් සොබාදහමටත් නිදහසේ ජීවත් වීමේ සම අයිතියක්‌ ඇති බව මින් ගම්‍යමාන වේ.

  3. huzain says:

    කුබුරුගොඩකර සන්වර්ධනය කලයුතුයි රට දියුනු කිරිමට

  4. MD says:

    අගරදගුරු තුමනි සියලු ප්‍රකාශයන්ගෙන් සංචාරක ව්‍යාපාරයෙන් රටට සෙතක් වී නොමැති ප්‍රකාශයෙන් අන්ද මන්ද විය.ඵහි සත්‍යය පැහැදිලි නොමැත.ඔබට ආශිර්වාද වේවා!

  5. Saradiel says:

    ඔබ තුමාට අපේ ප්‍රණාමය.

  6. එතකොට ලොකුඋන්නැහ අර උතුරේ ඉන්න කොටි අවතාර වලට රටෙන් කෑල්ලක් දෙන්න ට්‍රයි කරන ඔබ තුමාගේ වන්ධි භට්ටයන් ගැන මොකුත් කියන්නේ නැද්ද . ඒවා තලගොයි මේවා කබර .

    • නයා says:

      මම උඹත් ඒක්ක සීයට දෙසීයක් ඒකගයි මචෝ

    • Saman says:

      වාසු සහෝදරය එහෙම රටෙන් කෑලි දෙන්න කියල නෑ එතුම කියන්නෙ බලය බෙදන්න කියල.

  7. On The Spot says:

    අගරද ගුරු තුමනි,කථාව ඇත්ත​.ඒත් කොටි රායප්පු ජෝශප්ල සසුනෙ ඉඳන් රට කනකොට ඔබ වහන්සෙ මීක් කිව්වෙ නැහැනෙ.

  8. tomiya says:

    කරුණාකර මුතුරාජවෙල තවදුරටත් වගාවට නුසුදුසු නම් එය රටේ ආර්ථික දායකත්වට කල යුතු දේ සඳහන් කරන්න. කොම්පැනියට භාරදී ඇත්තේ නිවාස තට්ටු සෑදීමට නම් ඒ එහි කොටසක නම් එයින් රටට වෙන පාඩුව මිනිසුන්ට කියා දෙන්න.

  9. ආගමික ශබ්ද දූෂණය එපා says:

    දුස්සීල චීවරධාරීන් උදේ සවස මහ හයියෙන් ලවුඩ්ස්පීකර්දාලා අහල පහල ගෙවල්වල මිනිසුන්ගේ කන් බෙර පලනවා පියතුමනි

  10. Bandara says:

    ඔබ තුමාට අපේ ප්‍රණාමය.ඔබට ආශිර්වාද වේවා!

Main News