රජයට වංචා කල සැම්සුන් සභාපති වසර පහකට හිරේ දමයි.. බැදුම්කර හොරුන්ටත් විශාල අනතුරු ඇගවීමක්..

August 30, 2017 at 4:40 pm | lanka C news
රජයට වංචා කල සැම්සුන් සභාපති වසර පහකට හිරේ දමයි.. බැදුම්කර හොරුන්ටත් විශාල අනතුරු ඇගවීමක්..

ලෝකයේ සුපිරි සමාගම් අතර ලෝකයේ 15 විශාලතම සමාගම වනුයේ කොරියාවේ සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගමයි. එහි වෙළෙඳ වටිනාකම ඇ.ඩොලර් බිලියන 254 කි. එනම් ශ්‍රීලංකාවේ වාර්ෂික දල ජාතික ආදායම මෙන් තුන් ගුණයිකි. වාර්ෂික වෙළෙඳාම ඇ.ඩොලර් බිලියන 174 කි. එනම් අපේ වාර්ෂික අපනයනය මෙන් 17 ගුණයක් බව ලෝ සුපතල ෆෝබ්ස් වාර්තා කරයි. Link

මෙම සාමාගමේ කොරියානු රජයට වංචා කරමින් තම සමාගමට වාසියක් ලබාගැනීමට එරෙහිව එරටේ අධිකරණය ඉදිරියේදී දූෂණ නඩුවක් විභාග වු අතර එම නඩුවේදී සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගමේ සභාපතිවරයා වරදකරු බවට තීරණය කරමින් වසර 5 ක් බන්ධනාගාර ගත කලේය. Link

ඉහත නඩුව ඉතා වැදගත් වනුයේ කොරියානු ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයූ ලෝකයේ 15 විශාලතම වානිජ වටිනාකමක් සහිත සමාගමේ සභාපති ජේ වයි ලී Jay Y. Lee කොරියානු ආණ්ඩුවට වංචා කොට ඒ හරහා තම සමාගමේ ලාභදායිත්වය වැඩිකර ගැනීමට ආණ්ඩුව පෙලබවීම යටතේ වසර 5 කට බන්ධනාගාර ගත කලේ නම් ශ්‍රී ලංකාවේ ආර්ථික විනාශ කරමින් රටේ සමස්ථ පොලි අනුපාතය හරි අඩකටත් වඩා වැඩි වීමට හේතු වු මහා බැංකුවේ බැදුම්කර මගඩීයේ දායකත්වය සැපයු පර්පෙචුවෙල් ට්‍රෙර්සරිස් ඇතුළු එයය සහභාගි වූ නිලධාරින් සහ දේශපාලඥයන් ටද අනිවාර්යයෙන්ම මතු දවසක හෝ මෙරටේ අධිකරණය මගින් දඩුවම් ලැබෙනු ඇතයි ජනතාව අපේක්ෂාවෙන් සිටි.

75 views