රජයට සහාය ලබා දීමෙන් ඉවත් වුනා.. අගමැති වෙන්න අපට බැරිද..- තොණ්ඩමන්

May 1, 2022 at 6:23 pm | lanka C news
රජයට සහාය ලබා දීමෙන් ඉවත් වුනා.. අගමැති වෙන්න අපට බැරිද..- තොණ්ඩමන්

ජනතාවට මෙතරම් පිඩාවක් ගෙනදුන් වත්මන් රජයේ සිටිමින් තමන්ට තනතුරු දරන්න අවශ්‍යතාවයක් නොමැති නිසා රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් විමට ලංකා කම්කරු කොන්ග්‍රසය තිරණය කල බව පක්ෂ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ (01) දිනට යෙදි ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින සැමරුම් උත්සවයක් එම පක්ෂයේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති රැළිය අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ

අපිත් ඔබත් මේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙරෙහි පුර්ණ විශ්වාසයක් තබලා තමයි කටයුතු කරේ.

නමුත් එම විශ්වාසය මේ වන විට සම්පුර්ණයෙන්ම බිද වැටිලා තියෙද්දි අපි කොහොමද  රජයට සහයෝගය දක්වන්නේ?

වරදක් කරාම එයට සමාව ලබාදෙන්න පුළුවන් , එම වරදම අවස්තා කිහිපයකදි සිදු කරනවා නම් එවාට සමාව දෙන්නේ කොහොමද?

වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනිම වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය ගත වු වසර කිහිපය තුල කටයුතු කරලා තියෙනවා.

වතුකරය වෙනුවෙන් කොටගල ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයක් ඉදි කරන්න මම ජනාධිපතිතුමාගෙන් ඉඩම් කැබැල්ලක් ඉල්ලුවා , එම ඉඩම ලබාදෙන්න  ජනාධිපතිවරයා අපට සහයෝගය ලබාදුන්නේ නැ.

අද රටේ සමස්ත ජනතාව වගේම වතුකරයේ ජනතාවත් දැඩි ලෙස පිඩාවට පත් වෙලා ඉන්නවා , එහෙම පිඩාවට පත් වෙලා ඉන්න අවස්තාවක මම තනතුරු ගැන නොසිතා ඔබ ගැන පමණක් සිතා තනතුරුවලින් සහ රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් විමට තිරණය කලා.

අද සමහරුන් අපිට විවේචනය කරනවා , අපි මේ රජය පත් කරන්න කටයුතු කරපු අය කියලා.

විවේචන කර කර ඉදලා වැඩක් නැ , අපි සියළු දෙනා එකට එකතු වෙලා කටයුතු කලොත් තමයි වතුකරයේ ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබාදෙන්න පුළුවන්.

අද විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා කියනවා , පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 120 දෙනෙකු ඔහුන්ට සහයෝගය දක්වනවා කියලා.

ආණ්ඩු පක්ෂය කියනවා රජයට සහයෝගය දක්වන මන්ත්‍රිවරුන් 120 අත්සන් කරලා තියෙනවා කියලා.

පාර්ලිමේන්තුවෙන් ඉන්නේ මන්ත්‍රිවරුන් 225 දෙනෙයි , ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියන විදිහට පාර්ලිමේන්තුව තුල මන්ත්‍රිවරුන් 240 ක් ඉන්න ඕනි.

පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න අය රටේ ජනතාවට පෙන්න ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය රණ්ඩු කර ගන්නවා, ඒ කැමරාවට පෙන්න ,කැමරාව නැති තැන එයාලා ඔක්කෝම එකට ඉන්නේ.

මේකයි ඇත්ත , දැනවත් අපි ඒක තේරුම් ගන්න ඕනි , රටේ ජනතාව හැමදාම රවට්ටන්න බැ , අද තරුණයන් පෙරමුණට ඇවිල්ලා තියෙනවා , ඒක හොද දෙයක්, මමත් තරුණයෙක් විදිහට එයට සහයෝගය  දක්වනවා.

ඕනැම රජයක් බලයට පත්වුණාම , අපට දෙන්නේ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය හෝ නැත්නම් පශු සම්පත් අමාත්‍යංශය.

ඇයි අපිට මේ රටේ අගමැති වෙන්න බැරිද? අපිට අධයාපන ඇමති වෙන්න බැරි ? ආරක්ෂක ඇමතිකම අපිට සුදුසු නැද්ද?

අද අපේ වතුකරයේ ඉන්න ඇතැම් දේශපාලඥයෝ අහනවා අපි රජයක් පිහිටු විමට සහයෝගය ලබාදෙන්නම් මොනවද අපිට ලබාදෙන තනතුරු කියලා.

තනතුරු බලාගෙන තමයි ඒ අය වැඩ කරන්නේ , ලංකා කම්කරු කොන්ග්‍රසය තනතුරු බලාගෙන වැඩ කරන පක්ෂයක් නෙවෙයි.

ලංකා කම්කරු කොන්ග්‍රසය හැමදාම වතුකරයේ ජනතාව වෙනුවෙන් වැඩ කරපු පක්ෂයක්.

ඉදිරියටත් එහෙමයි , මට ලොකු සිහිනයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා,  ඒ තමයි වතුකරය සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න ඕනි කියන එක, ඒක මගේ නායක දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාටත් තිබුණා.

රංජිත් රාජපක්ෂ

25,677 views

19 Comments to “රජයට සහාය ලබා දීමෙන් ඉවත් වුනා.. අගමැති වෙන්න අපට බැරිද..- තොණ්ඩමන්”

  1. හෙළයා says:

    කල්ලතෝනියෝ.. ගමේ ගෙවල් වල ඔය කොහේ හරි ඉඳලා ඇවිල්ලා වැටිලා ඉන්න වල් බලු කුක්කන්ට අපි අනුකම්පා කරලා මස් කටු දුන්නාට මස් දෙන්නේ නැහැ බොල. මේක හෙළයන්ගේ රට. මේ රටේ අයිතිය තියෙන්නේ අපිට. ඒක දැනගෙන ජීවත් වෙයව්. නැතිනම් තොපේ කල්ලතෝනි රැලත් එක්කම පලයව් තමිල්නාඩුවටම. සුද්දන්ගේ වතු වල වැඩට ගෙන්නලා පස්සේ බලෙන්ම වගේ මෙහේ බින්න බැහැලා දැන් තොපි එනවද මෙතන රජ පුටුවත් ඉල්ලන්න? ඇඟිල්ලේ තරමට ඉදිමියව්. නැතිනම් අර එකෙක් නන්දිකඩාල් කලපුවේදි ඉගෙන ගත්තු පාඩම අපට උඹටත් ඉක්මනටම කියලා දෙන්න සිද්ධ වෙයි. තොපි වගේ උන්ට ඇමතිකම් දීපු එක තමයි අපි කරපු ලොකුම වැරැද්ද. අන්තිමට වුනේ කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ දෙයක්.

    • cobra says:

      තොණ්ඩමන් රජවීමට සිහින මවන්නේ .තේවතු දමිල ජනතාවත් නොමග යවමින් ඒබව ගෝල්ෆේස් ගෝටගොගම දී ඊයේ කතාකරපු තේ වතු දමිළ පුද්ගලයාගේ කථාව ඇසූ ඕනෑම කෙනෙකුට තේවතු දමිලයින්ගේ අදහස් තේරුම් ගත හැක ..ඔහු පැවසුවේ ගෝඨාභයගේ ලේ බිලා මරලා මුහුදට දමන බවයි .ඇත්තෙන්ම ඒ කතාව අපි පිළිකුලෙන් හෙලා දකිනවා ..ඒ දමිළ ජාතිකයා ප්‍රකාශ කලේ සිංහල මහා ජාතිය කෙරෙහි ඇති වෛරය යි….මෙය තේවතු දමිළ ජනතාවට පමණක් නොවේ මුළු රටටම බලපාන දුෂ්කර අවස්ථාවක් .. ඔහු සුළු ජාතිකයෙක් ,පුරවැසිකම දුන්නේ සිංහලයෝ ..ඔහුට කිසිම අයිතියක් නැහැ සිංහල පාලකයකුට කොතරම් වැරදි තිබුනත් එතරම් පහත් මෙලෙච්චේද විදිහට අවමන් කිරීමට ..ඔහුට එවැනි කතාවක් කිරීමට තරම් බලයක් ලැබුනේ කෙසේද ?ඒ අවස්ථාවේ ඒ පහත් කතාව කිරීමට ඉඩ දුන්” ගෝල්ෆේස් ගෝටගෝගම ”අරගලයේ සංවිධාකයින්ට අපේ විරුද්ධතාවය ,පළකරමු ..මෙය සාමයෙන් කරන අරගලයක් මිස මිනීමැරීමට කරන අරගලයක් නොවේ ..අප‍ට අවශ්‍ය දුෂිත පාලකයින් ඉවත් කිරීමයි …මෙවැනි දමිළ ජාතිවාදීන්ට ,ජාතිවාදය පැතිරවීමට ඉඩ නොදිය යුතුයි ..ඒ ගැන සියලු දෙනාගේම අවධානය යොමුවේවා ..
      ජනතා අරගලයට ජය වේවා

  2. Sirisena Yatawara says:

    We all majority Sri Lankans are treat every persons equally basis, but “Tamils” attempted undermined an Independence, Sovereignty of nation, Territorial Integrity as well as principle of Democracy of Island Democratic Sodalist of Republic of Sri Lanka. Which is do NOT permitted by that political agenda of Tamil chauvinism against unitary state of Island.

  3. Sirisena Yatawara says:

    We all majority Sri Lankans are treat every persons equally basis, but “Tamils” attempted undermined an Independence, Sovereignty of nation, Territorial Integrity as well as principle of Democracy of Island Democratic Sodalist of Republic of Sri Lanka. Which is do NOT permitted by that political agenda of Tamil chauvinism against unitary state of Island. As country we were build own civilization very roots of Sinhalese language and teaching of Buddhist school of thought last 2600 years. These are historical FACTS undeniable annals of Ours civilization. Western civilization of that Christer an norms do not realized that historical truth. Even Tamils denied that our existence of civilization by Tamil separatism.

  4. Sirisena Yatawara says:

    We all majority Sri Lankans are treat every persons equally basis, but “Tamils” attempted undermined an Independence, Sovereignty of nation, Territorial Integrity as well as principle of Democracy of Island Democratic Sodalist of Republic of Sri Lanka. Which is do NOT permitted by that political agenda of Tamil chauvinism against unitary state of Island.
    As country we were build own civilization very roots of Sinhalese language and teaching of Buddhist school of thought last 2600 years. These are historical undeniable Facts annals of Ours civilization. Western civilization of that Christine Teaching that norms do not realized that historical truth by White race . An Even Tamils of living in Island denied that ours existence of civilization by political road map of that Tamil separatism.

Main News