රජයම අඩපණයි… රජයේ විධායක නිලධාරීන් 15,000ක් වර්ජනයේ..

February 27, 2019 at 8:40 am | lanka C news
රජයම අඩපණයි… රජයේ විධායක නිලධාරීන් 15,000ක් වර්ජනයේ..

රාජ්‍ය ආයතනයන්හි සේවයේ නියුතු විධායක නිලධාරීන් අද දිනයේ සංඛේත වැඩ වර්ජනයත් ආරම්භ කර ඇත.

රජයේ විධායක නිළධාරින්ගේ ඒකාබද්ධ කමිටුව සදහන් කරන්නේ විධායක නිලධාරීන්ගේ සේවාවන් ගණනාවක තිබෙන වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු කාරණා නිහිපයක් මත මෙම වර්ජනයේ නිරත වන බවයි.

වෘත්තීය සමිති 13ක් නියෝජනය කරන රජයේ විධායක නිලධාරීන් 15,000ක පිරිසක් මෙම විරෝධතාවයට එක්වන බව සංගමයේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා කියා සිටී.

අද වර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතන රැුසක කටයුතු අඩපන වනු ඇති බවත් එහි වගකීම රජය විසින් බාගත යුතුව ඇති බවත් ඔහු සදහන් කරයි.

105 views