රජයේ ආයතන 15ක පාඩුව කෝටි එකොස්දාහයි.. කෝප් වාර්තාවෙන් හෙලිවේ..
February 8, 2017 at 3:00 pm | lanka C news
2016 මැයි 01 වැනිදා සිට අගෝස්තු 15 වැනිදා දක්වා වූ කාලය තුළදී රාජ්ය ආයතන 15ක් සම්බන්ධයෙන් වූ කෝප් වාර්තාව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිප්ත කරනු ලැබීය.
මෙය මෙම කෝප් කමිටුවේ තුන්වන වාර්තාව වන අතර අදාල ආයතන 15 හි එම කාලය තුල පාඩුව බිලියන 110ක් ලෙස ගණනය කර ඇති බව සභාපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.
මෙම වාර්තාවේ සදහන් වන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය, වරාය අධිකාරිය, ශ්රී ලංකා ක්රිකට් ආයතනය, රූපවාහිනි සංස්ථාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු රාජ්ය ආයතන 15ක විමර්ශණයි.