රජයේ ඉඩම් අක්කර 50,000ක් හිතවතුන්ට බෙදා දීලා.. මළවුන්ටත් බෙදලා…

September 20, 2021 at 3:20 am | lanka C news
රජයේ ඉඩම් අක්කර 50,000ක් හිතවතුන්ට බෙදා දීලා.. මළවුන්ටත් බෙදලා…

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම් අක්කර පනස් දහසක් හිතුමතේ දේශපාලනික හා ව්‍යාපාරික සම්බන්ධතා මත ලබා දෙමින් සිටින බවට කරුණු අනාවරණය වෙමින් තිබේ. ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ (එල්.ආර්.සී.) ඉඩම් රජයේ ඉඩම් වෙයි. මෙම ඉඩම් දේශපාලනික හෝ ව්‍යාපාරික සම්බන්ධතා මත අල්ලසට, ලාභ ප‍්‍රයෝජනවලට කුණු කොල්ලයට බදුදීම හෝ විකිණීම සිදුකර ඇතැයිද හෙළිවී තිබේ.

මෙම කොමිසම විසින් විශාල ඉඩම් පවරාගත් පවුල්වලට අක්කර 50ක සීමාව යටතේ 1000කට වැඩි පිරිසකට ඉඩම් ලබාදීමට නියමිතව තිබියදී එය පසෙකලා ඉඩම් ජාවාරම සිදුකරන බව වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පැවසීය.

මෙම ආයතනය රජයේ අවශ්‍යතා සඳහා ඉල්ලා ඇති ඉඩම් ලබාදීම පසෙකලා වෙනත් පාර්ශ්වවලට ඉඩම් ලබාදීම සිදුකරන බවත් ඇතැම් ඉඩම් සඳහා මියගිය අයගේ නම්වලටද ව්‍යාජ ඔප්පු සකස් කර ඇති බවත් එම කොමිසමේ අභ්‍යන්තර විගණන අංශය අනාවරණය කරගෙන තිබෙන බව ද හෙතෙම පැවසීය.

ඉඩම් ජාවාරම සිදුකරන මෙම ආයතන සතුවන ඉඩම් ප‍්‍රමාණය කොපමණද යන්න කිසිම අවස්ථාවක හෙළි නොකරන බවත් යම් ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් විමසීමක් කළහොත් එම ඉඩම් එල්. ආර්. සී. ආයතනයට අයත්ද? නැද්ද යන්න ප‍්‍රකාශ කර සිදුකර ඇති වංචාව යටපත් කරන බවත් විජේසිංහ මහතා කීය.

මේ වනවිට මඩකලපුව උප්පාරුවත්තේ ඉඩම් කැබලි විකිණීමේදී සිදු වූ වංචාව, කන්තලේ ලෝ ලෑන්ඞ් වත්තේ ඉඩම් කැබලි විකිණීමේදී සිදුවූ වංචාව, ත‍්‍රිකුණාමලයේ මුතූර් අක්කර 175ක රජයේ ඉඩම් ෆිනෑන්ස් ආයතනයකට කූට ලේඛන සකසා සින්නක්කර විකිණීම ඇතුළු වංචාවන් රැුසක් සම්බන්ධයෙන් තොරතුරු පවතින බව ද ඒ මහතා පැවසීය.

මෙම වංවාවන් සිදුකිරීම සඳහා එම කොමිසමේම ඇතැම් නිලධාරීන් සම්බන්ධ බවට කොමිසමේ රටට හිතැති පිරිස් තොරතුරු ලබාදී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් විගණකාධිපති, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව, කෝපා කමිටුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව ඇතුළු වගකිවයුතු ආයතන රැසකටම දැනුම්දී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් අක‍්‍රමිකතා සිදුවී ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා පැවසීය.

මේ වනවිට එවැනි අක‍්‍රමිකතා කිහිපයක් හඳුනා ගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා කීය.

1972 වර්ෂයේ මෙම කොමිසමට ඉඩම් පවරා ගැනීමේදී මැනුම් කටයුතුවලින් තොරව සිදුකර ඇති නිසා කොපමණ ඉඩම් ප‍්‍රමාණයක් තිබෙනවා ද යන්න නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බව ද හෙතෙම පැවසීය.

මියගිය අයට ද ඉඩම් ලබාදී ඇතැයි කියන සිද්ධියක් ද වාර්තා වී ඇති බවත් එහිදී දිස්ති‍්‍රක් කාර්යාලවලින් එවන නම්වලට සහ ලිපිනයන්වලට ඔප්පු සකස් කරන නිසා එහිදී යම් වැරදීමක් සිදුවී ඇති ද යන්න සොයා බලන බව ද විජේසිංහ මහතා කීය.

මේ ආකාරයෙන් චෝදනා එල්ල වී ඇති ඉඩම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අක‍්‍රමිකතා සිදුවී ඇත්නම් එයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කොමිසම කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
– divaina

26,668 views

17 Comments to “රජයේ ඉඩම් අක්කර 50,000ක් හිතවතුන්ට බෙදා දීලා.. මළවුන්ටත් බෙදලා…”

  1. බයියන්ගේ ගැලවුම් වාක්‍ය says:

    ආණ්ඩුවේ කාර්යක්ෂම වැඩපිළිවෙලට අනුගතවෙන්න බැරිනම් ඒ නිලධාරීන් අස්වෙලා ගියානම් තමා හොඳ.

  2. සජිත් ප්‍රේමදාස says:

    නීතිමය පියවර අරගෙන උසාවියේ වැරදිකරුවන් ලෙස ඔප්පු කොරල හිරේ දැම්මට පස්සේ ඇවිත් තෝ තොගේ වැඩේ නියමෙටම කොරා කියලා මාද්‍යයට ඇවිල්ල කියපන්. ඔය,මොකුත්ම නොකර මාද්‍යය කාරයෝ ඉස්සරහ තප්පුලන්නේ නැතුව. මහා බැංකුව කඩල හම්බයන්ට බෝම්බ පුපුරවල මිණී මරන්න ඉඩ දීලා බලන් ඉඳපු යහපාලන කාලකන්ණි පිංගුත්තර නඩේ බලයට ආවේ ඔයවගේම දේවල් කියලා අපිව රවට්ටලා. එකම බොරුවට දෙසැරයක් රැවටෙන්නේ අමු ගොන්නු..

    • කැපුවත් පොහොට්ටුවට says:

      රජයේ ඉඩම් බෙදන එක තමා වෙන්න ඕන. ඒවා ඉවසගන්න බැරි ටෙලිපොන් කබ්බන්ට කඩේ යන බොරු පරිසරවේදින්ට.

  3. ගෙදර කන්න නැතිකමට දරුවන් පන්සලට භාරදෙන්න එපා ! says:

    ලවුඩ්ස්පීකර් බැල්ලිගේපුතාලා උදෙන්ම ලවුඩ්ස්පීකර්දාලා… කණක් ඇහෙන්න නෑ..

    • පල්ලියට දෙන්නද says:

      පස් පාරක් හඳට අඬනවා නේද?

    • ඇබිත්තයා says:

      සද්දේ වැඩි නං තොගේ ඇට දෙක උඩට ඇදල අරං තොගේ කන් දෙකේ ඔබා ගනින්. බැරිනං ගෙවල් අත ඇරලා සද්දේ නැති තැනකට මක බෑවියන් අහල පහළ උන් තොට ගහල පන්නන්න කලින්. තෝ ඇට දෙක නැති පොන්නයෙක් නං තොට අරින එකාගේ ඇට දෙක ගලවලා අරං තොගේ කන් දෙකේ ඔබා ගනින් පන්සල ළඟ පදිංචියට ආවා නං.

  4. saman says:

    විනය ගරුක රටක්, එක රටක් එකම නීතියක් උනාම එහෙම තමයි.

  5. Ajith says:

    මියගිය අයට ලැබිලා තියෙනවානම් ඒ මිය ගිය අය කරුණාකර එම ඉඩම් නැවත ලබාදෙන්න. නැත්නම් අත්අඩංගුවට ගනීද මන්දා

  6. සකු says:

    මේ රටේ දේශපාලනය කරන කට්ටිය රජයෙ සේවකයන් විතරක් ඉතුරු වෙයි වගේ

  7. ගෞම් ඊයාරාජ් says:

    ඇත්තටම මේ රටේ ඉන්නවා තමන්ට කියලා ඉඩමක් නැති , රටට වැඩක් කරන්න පුලුවන් බොහොමයක් පිරිස , මේ රටේ ඉන්නවා නව ගමනක් ආරම්භයට , තමන්ගේ ලේ දහදිය වගුරන්න පුලුවන් ආත්මශක්තියක් ඇති උදවිය , මේ ඉඩම් අර ඉහත කී රටවැසියන්ට බෙදලා දෙන්න බැරි ඇයි ? උබලට , උබලගේ වගේ මේ රටේ ඉඩකඩං ටික බෙදලා දෙන්න පුලුවන් කොමිස් කාලා බහුජාතික සමාගම් හා දේශපාලන හෙන්චයියන්ට විතරද ? යකො රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න පුලුවන් කොටස් හදුනාගෙන දීපල්ලා උන්ට ඔය ඉඩං කට්ටි කරලා . කාලකන්නි හැතිකරේ..

    • හී හී says:

      තමන්ට ඉඩමක් නැති රටට වැඩක් කරන්න පුළුවන්???
      උඹ වගේ කාගෙ හරි කිරිපල්ලක් අතගාලා කීයක් හරි හොයාගන්න පුළුවන් උනත් වෙන කිසිම වැඩක් බැරි, ජාතියක් ජම්මයක් රටක් ආගමක් අම්මෙක් අප්පෙක් නැති, නපුංසකයොද? රටට වැඩක් කරන එකෙකුට පිනට ඉඩම් ඕනෙ නෑ. උනට ඒව හම්බකරගන්න පුළුවන්. උඹලා වගේ නිකං ඉඳන් ගේමක් ගහලා ගොඩ යන්න හීන දකින එවුන්ට රජයෙ ඉඩම් දෙන්නෙ නෑ. කනත්තෙන් අඩි 3-6 වලක් දෙන්නම්.

      • ගෞම් ඊයාරාජ් says:

        ඇත්තටම මේ රටට කෙලවන්නේ මේන්න මේ වගේ මරිමෝඩ , පහලම ස්ථරයේ ඉන්න ගොපයියො , ඇත්තටම උබලා අමූ කුප්ප කුහකයො , උබලා වගේ එවුන් තමයි දියුණු වෙන්න කැමති එකාට අත දෙනවා වෙනුවට වල කපන්නේ , උබලා වගේ එවුන් තමයි සමුර්දිය අන්ත දිළිදු පවුල් වලට දෙන එකට විරුද්ධවෙලා , රජ පවුල් ඉතාලියේ ෆන් ගන්න යනකොට හුරේ දාන්නේ , උබලා ඇවිල්ලා අමූ උම්මාද ගොං බෛයි වහල්ලූ , මේ රටේ ඉන්නවා දෛර්‍ය උත්සාහය තිබ්බත් , මුල්‍යමය ප්‍රතිපාදන හිග මිනිස්සු , එ මිනිසුන් ගැන හොයලා බලලා අඩුපාඩූ සපුරන්න තමයි , මිනිස්සු විසින් රජයක් පත් කරගන්නේ , තොපේ සුට්ටං මොල ගොං බෛයි මොළ වලට හිතන්නේ , රජයක් තියේන්නේ බදු මුදල් වලින් උන්ට ෆන් ගන්න ,ගජමිතුරන් ආතල් දෙන්න සහ රට කෑලී වලට කඩලා විදේශිකයන්ට විකුනන්න කියලා නං , උබ ඒ විදියට හිතාගනිං.. 😂😂😂

    • සජිත් ප්‍රේමදාස says:

      බොල ගොන් මැට්ටෝ, තොගේ දෙක විකාගෙන මෙතන බෙරිහන් දෙන එකෙන් තොට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ. තෝ සැබවින්ම තෝ ඔය අපිට පෙන්නන්න හදන සබැ රටට ජනතාවට ආදරේ පොරක් නං, සාක්ෂි පෙන්නලා උසාවියේ වැරදිකරුවන් ලෙස ඔප්පු කොරල තොපි ඔය හොරු හොරු හොරු කිය කියා මෙතන මැරෙන්න හදන රොත්තම අවුරුදු ගානකට එලියට එන්න බැරිවෙන්න හිරේ දාපන්. තොට ඒක කොරන්න බැරි නං මෙතන මර ලතෝනි දිදී වෙලාව නාස්ති නොකර එල්ලිලා මැරියන්. නහයෙන් අඬන මූසලයා.

  8. 3% ට බය බයියා. says:

    ඒක තමයි ඉඩම් කාර්යාල ලොක්ඩවුන් වලින් ඉවත් කලේ.

  9. Baමුනා says:

    එහෙන් විල්පත්තුව ගැසට් ගහලා පවරලා දුන්නා.. දැන් මේවා. කට ඇරියොත් දේසප්‍රෙමය රෙද්ද පල්ලේ බේරෙනවා…

  10. babahukun says:

    Komarika wawanna 100,000 acres Aura lanka buwatat dunne……….

Main News