රජයේ ඉඩම් කොල්ල කන කල්ලියක්..

October 3, 2020 at 12:00 pm | lanka C news
රජයේ ඉඩම් කොල්ල කන කල්ලියක්..

රජය සහ පෞද්ගලික අංශය සතු ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට ‍දේශපාලනඥයන් සහ රාජ්‍යය නිලධාරීන් ඇතුළු පිරිස් විසින් කටයුතු කිරීම ගැන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සහ ඉඩම් වංචා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ ආරම්භ කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට දන්වා තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පරීක්ෂණ කටයුතු ආරක්ෂක ලේකම්වරයා විසින් පවරා ඇත.

7,151 views

One Comment to “රජයේ ඉඩම් කොල්ල කන කල්ලියක්..”

  1. අසංඛ්‍ය says:

    එහෙනම් පළවෙනියාට අංගොඩ මායිමේ කොහිළවත්ත ග්‍රාමයේ සිංහල බෞද්ධ පොදු සුසාන භූමිය මුස්ලිම් පල්ලියක් හදන්න විකුණපු සහාගහන අපරාධය පිළිබදව වහම සොයන්න. සෞදි අරාබියාවේ ආධාර රු. කෝටි 500ක් පමණ මුදලින් ප්‍රදේශයේ ඉඩම් සහ වගුරු බිම් අත්පත් කරගෙන කොළණියක් හදන්න සෘජුව කටයුතු කර ඇත්තේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවයි. ඊට අමතරව ප්‍රදේශයේ පාතාල පවුල් කීපයක් ද මේ මහා ජාතික අපරාධයට කෙලින්ම සම්භන්ධයි. ඉඩම් වලට හොර ඔප්පු හදා විකුණු පවුල් ගැන සියලු තොරාතුරු අප සතුයි. එම පොදු සුසාන භූමිය පිහිටි භූමිය සිංහලයාට නැවත ලබා දෙන්න!

Main News