රජයේ තීරණය නිසා රට තුල මහා ජන සංහාරයක් වේ යයි පුරෝකතන….

May 17, 2021 at 10:02 pm | lanka C news
රජයේ තීරණය නිසා රට තුල මහා ජන සංහාරයක් වේ යයි පුරෝකතන….

රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් නිවාස තුළ රඳවා ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබෙන තීරණය හේතුවෙන් ඉදිරියේදී රට තුළ සාමූහික ජනසංහාරයක් සිදුවීම වැලැක්විය නොහැකි යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. හේවාගමගේ සඳහන් කරයි.

දිවයින පුරා ආයුර්වේද රෝහල් 117ක් තුළ ඇඳන් 5000ක් තිබියදී කොවිඩ් ආසාදිත රෝගීන් නිවෙස් තුළ රැඳවීම මගින් තවත් බොහෝ පිරිසකට රෝගය ආසාදනය වීමේ බරපතළ අනතුරක් රට තුළ නිර්මාණය කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ වෑයම වන්නේද යන්න සැක මතුකරන්නක් බව ඔහු පවසයි.

ඇතැම් සෞඛ්‍ය බලධාරීන් එංගලන්ත මානසිකත්වයේ සිට ගනු ලබන ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් අහිංසක රටවැසියන් දහස් ගණනින් මේ රෝගයට ගොදුරුව මියයෑමේ බරපතළ අනතුරකට රට මුහුණ පා ඇතැයි වෛද්‍ය හේවාගමගේ අවධාරණය කරයි.

අප රටේ වැඩි ජන කොටසකට ඇත්තේ එක් කාමරයක් හෝ දෙකකින් සමන් විත නිවාස බවත් ආසාදිත රෝගියෙකු එවැනි නිවාසයක් තුළ සිටියහොත් අනෙක් පුද්ගලයින්ටද රෝගය ආසාදනය වීම වැලැක්විය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලැබූ සහ වැටුප් ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සිටියදී ඔවුන්ගෙන් නියම ප්‍රයෝජන ගැනීම මේ මොහොතේදී අත්‍යවශ්‍ය කරුණක් වන බවත් එසේ ප්‍රයෝජන නොගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් කටයුතු කිරීමෙන් රටේ ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිකරමින් සිටින බවද වෛද්‍ය හේවාගමගේ සඳහන් කරයි.

මෙය නිවැරදි කිරීමට ජනාධිපතිවරයා , අගමැතිවරයා ප්‍රමුඛ සියලුම මැති ඇමැතිවරුන් අවධානය යොමු කළ යුතු බවත්, මෙම තීන්දු තීරණ නිවැරදි නොවන්නේ නම් අපේ රටේ දිනකට සිදුවන කොවිඩ් මරණ ඉදිරියේදී ඉන්දියාවේ සිදුවන මරණ ගණනට සමාන වීම වැලැක්විය නොහැකි බවත් ඔහු පැවැසීය.

ශ්‍රියානි විජේසිංහ
– Aruna

43,089 views

8 Comments to “රජයේ තීරණය නිසා රට තුල මහා ජන සංහාරයක් වේ යයි පුරෝකතන….”

  1. dev says:

    gon tharka noda indapan

    mokunda me

  2. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    අම්මගේ රෙද්ද 😂😂😂😂😂

  3. Dilan says:

    ඌට 5000 ක් තියනවලු.

    5000 දවස් දෙකෙන් ඉවරයි කියල මූට තේරෙන්නේ නැද්ද?

  4. maharisi says:

    මේ වගේ ගොන් කතා දැක්කම ආයුර්වෙද බෙහෙත් ගන්න කැමති අයත් බය වෙනව​. ආයුර්වෙද වෛද්‍යවරු කියන්නෙ මේ වගේ බුද්ධි හීනයන් නොවන බව කරුණාවෙන් සලකන්න​.

  5. NuwanJ says:

    ගෙදර තියන්න කියන ඉල්ලිිම කාලෙක ඉදල කරන්නෙ වෛද්‍යවරැයි.

    දේශිය රෝහල්වලට ඒ වගකිම ගන්න පුලුවන් නම්
    පක්ෂ විපක්ෂ සෙටි දෙකම එකට තිවල ඒ ඉල්ලිම කරන්න.
    එහෙම නැතිව හරායන්නෙ නැ
    හැකියාව තියාගන නිහඩව ඉන්න ඇයි.

  6. Vesamuni says:

    ‘සාමූහික ජනසංහාරයක්’ kiyanne loku gananak minisun maradaemeema, ghatanaya kireema, “mass murder” nohoth “mass slaughter”. sinhala basawa metharam venas welada, naeththam me liyana kiyana un sinhala danne naedda?

  7. 3% ට බය බයියා. says:

    රට රකින අපේ විරුවා ට කොරෝනා බයයි නේද අපේ හාන්දුරුවනේ ?

  8. සංචාරක බුබුලා says:

    අර ” මිනුවන්ගොඩ සංචාරක බුබුලා “ඉන්දියන් කොරෝනා කාරයන් ගෙන්නද්දි සද්ද නැතිව හිටියෙ ..
    ෂුවර් එකට මේ ආයුර්වේදේ මිනිහත් මිනුවන්ගොඩ එකෙක් වෙන්න ඇති…

Main News