රජයේ නිලධාරීන්ට කල්ලමරේ.. පූර්ණ බදු රහිතව වාහන ගෙන්වන්න අවසර.. ලක්‍ෂ 50ක බදු සහන..

February 23, 2018 at 12:40 pm | lanka C news
රජයේ නිලධාරීන්ට කල්ලමරේ.. පූර්ණ බදු රහිතව වාහන ගෙන්වන්න අවසර.. ලක්‍ෂ 50ක බදු සහන..

රජයේ නිලධාරීන්ට වාහන ආනයනයේදී තව දුරටත් බදු සහන ලබ දෙමින් මුදල් අමාත්‍යංශය විසින් නව චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව රජයේ ඉහල නිලධාරීනට සම්පූර්ණ බදු නිදහසකින් යුතුව වාහන ගෙන්වීමට අවසර ලබා දී ඇත.

පූර්ණ ලෙස බදු නිදහස් කර වාහන ගෙන්වීමට අවස්තාව ලබා දී ඇත්තේ පළමු වතාවටයි.

එසේ ලැබෙන උපරිම බදු සහනය රුපියල් ලක්‍ෂ 50ක් වන අතර ඊට වැඩි වන්නේ නම් බදු මුදල ගෙවිය යුතුය.

මෙසේ ගෙන්වන ලද වාහනටේ හිමිකාරීත්වය සම්පූර්ණයෙන් පැවරිය හැකි වන අතර
එන්ජින් ධාරිතාව සීමා කිරීමක්ද සිදු කර නැත.

අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය මෙතනින්

139 views

18 Comments to “රජයේ නිලධාරීන්ට කල්ලමරේ.. පූර්ණ බදු රහිතව වාහන ගෙන්වන්න අවසර.. ලක්‍ෂ 50ක බදු සහන..”

  1. bas vala yannaa says:

    මේකට විරුද්ධ විය යුත්තෙ පෞද්ගලික අංශයෙ අය විතරක් නෙමෙයි . මේ හතර මහ නිධානෙ පහල වෙන්නෙ රජයේ සේවයෙ 28000 කට. රජයේ සේවයෙ ලක්ෂ 14 ක් ඉන්නවා. විධායක නොවන රජයේ සේවකයන් හා පෞද්ගලික අංශය මේකට විරුද්ධ වෙන්න ඕන. මේක නම් ඡන්ද කැඩෙන වැඩක්

  2. gajabahu says:

    Govt prepared to drain out more SL funds abroad by this measure.

    but we expat workers who earn the highest foreign income to Srilanka gets nothing ?

    Expats please STOP remitting money to Srilanka

  3. Power says:

    රජයේ නිළධාරීන්ටයි, දවසකට ලක්ෂ ගාණන පඩි ගන්න ඈයන්ට තවත් නොමිලේම දීපල්ලා..එදා වේල හොයාගන්න අන්ත දුක් විඳින මිනිහට බයික් එකක්, රෝද තුනක් ගන්න තියන අවස්ථාවත් තව තවත් සිහිනයක් බවටම පත් කරපල්ලා.

  4. Tan days says:

    විදේශ රැකියා කරල විනිමය සොයා දෙන අපිට කැකිරිද..වරෙල්ලකො දෙන්න ං
    චංදෙ…..වාසූලා !!!

  5. මේ ප්‍රවෘත්තිය ඇත්තනම් රජය ගත්ත තවත් ගොන් තීරණයක්. රජයෙ ආයතනවල කාර්යක්ෂමතාව, පාරිභෝගික සේවාව අන්තිමයි. පගාව නොදී මොකුත්ම කරගන්න බෑ.ඒ දේවල් හරියාකාරව නොකර මුන්ට සලකලා රජය තවත් ජනතාව අතර අප්‍රසාදයට පත්වෙනවා.

  6. Jayasingha says:

    The more the govt loses at elections more the benefits for govt employees and more inefficiency.

  7. duminda says:

    heta gana nosithana baala theerana………….

Main News