රජයේ පඩි ගෙවන්න, රජයේ තෙල් ගහන්න සල්ලි නෑ.. චීනයෙන් බිලියනයක් ණය ගන්න යනවා.. අද රතුළුණු මංකොල්ල කනවා..

January 18, 2020 at 5:30 pm | lanka C news
රජයේ පඩි ගෙවන්න, රජයේ තෙල් ගහන්න සල්ලි නෑ.. චීනයෙන් බිලියනයක් ණය ගන්න යනවා.. අද රතුළුණු මංකොල්ල කනවා..

අද වන විට රට විශාල මූල්‍ය අර්බුදයකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

රජයේ සේවකයන්ගේ වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයටත් රාජ්‍ය ආයතන වල ඉන්ධන වියදම ද සොයාගැනීමට නොහැකි තත්ත්වයට අද පත්ව ඇතැයිද ඔහු පවසයි.

මේවා පියවා ගැනීම සඳහා චීන රජයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක ණය මුදලක් ලබාගැනීමට සූදානම් වන බවද ඔහු කියා සිටියේය.

කොහෙන් හෝ මුදල් ගෙනැවිත් වැඩ කරන ලෙසත් නමුත් ජනතාව ණය නොකරන ලෙසත් ඉල්ලා සිටි ඔහු තෙල් මිල වැඩි නොකරන ලෙසද රජයේ සේවකයන්ගේ වැටුප් කප්පාදු නොකරන ලෙසද ඉල්ලා සිටියේය.

අද වන විට ලංකාව රතුලූනු මංකොල්ල කන රටක් බවට පත්ව ඇතැයිද කී ඔහු 69 ලක්ෂයක් පැතූ වෙනස මේ දැයි ප්‍රශ්න කළේය.

167 views

38 Comments to “රජයේ පඩි ගෙවන්න, රජයේ තෙල් ගහන්න සල්ලි නෑ.. චීනයෙන් බිලියනයක් ණය ගන්න යනවා.. අද රතුළුණු මංකොල්ල කනවා..”

  1. MD says:

    MAHA BANKUWEN RANIL HORAKAN KARAPU SALLI TIKA LABUNOTH API GODA HARIN.OYALA NIDAGENADA HITIYE.OYA BALOON PUMBALA UDA GIYA WADI WUNA NEDA?

  2. Ratama nathi kalla dan enawa kaiwaru kelinna.69 laksaya dannawa okkoma api kohoma hari bada ginne indala hari rata godagannawa. Api kanna balagana nowei chandaya dunne Ape rata gana hithalai rata beragana nidahas niwahal jathiyak hatiyata jeewath wenna

Main News