රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජනවාරි මස සිට වෙනස් කරයි..

December 6, 2016 at 5:30 pm | lanka C news
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජනවාරි මස සිට වෙනස් කරයි..

බොරැල්ල කාසල් කාන්තා රෝහලේ නොෙමිරූ ළදරු ඒකකය සදහා කෘත‍්‍රීම ශ්වසන යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීෙමි උත්සවයක් අද (06) පෙරවරුෙවි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි.

වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වන පී.එචි.ඩි වෛද්‍යතිලක මහතා විසින් රුපියල් ලක්ෂ 26 ක වටිනාකමකින් යුත් මෙම කෘත‍්‍රීම ශ්වසන යන්ත‍්‍රය රෝහලට පරිත්‍යාග කරන ලදි.

ශ‍්‍රි ලංකාෙවි වසරකට දරු උපත් ලක්ෂ 3 1/2 ක් සිදුවන අතර, ඉන් සියයට 10 ක් නොෙමිරූ ළදරුවන් බව සෞඛ්‍ය සංඛ්‍යා ලේඛණ අනාවරණය කරයි. බොරැල්ල කාසල් කාන්තා රෝහලේ මසකට දරු උපත් 1200 ක් සිදු වෙයි. ඉන් දරුවන් 40 ක් පමණ නොෙමිරූ ළදරුවන් බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ගාමිණී සෙනවිරත්න මහතා පවසයි.

මෙහිදී අදහස් දැක් වූ සේඛය අමාත්‍යවරයා,

‘මෙම රෝහලේ නොෙමිරූ ළදරු ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා වෛද්‍ය වගකීම ඉටු කරමින් නොෙමිරූ ළදරුවන්ගේ ජිවිත ෙබිරා ගනිමින් කටයුතු කරනවා. ඇතැම් වෛද්‍යවරු නොතේරෙන නිසා වැඩවර්ජනවල නිරතවන රටක් තමයි අපට තිබෙන්නේ. විදේශීය රටවලට ගොස් අධ්‍යාපනය ලබා තම උපන් රටේ සේවය කිරීම උදාර කර්තව්‍යයක්. එම සේවාව අඛණ්ඩව ලංකාවට ලබාදිය යුතුයි.

මෙවැනි කෘත‍්‍රීම ශ්වසන යන්ත‍්‍ර සියළුම දරු උපත් සිදුවන රෝහල්වලට ලබාදිය යුතුයි. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රසම්පාදන ක‍්‍රීයාවලිය තුල ඊට මාස 09 ක් ගත වෙනවා.අමාත්‍ය මණ්ඩලයට මම ෙමි පිළිබද කරුණු ඉදිරිපත් කළා. ඒ අනුව රජයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය ජනවාරි මාසයේ සිට සංශෝධනය කිරිමට අපි තීරණය කළා. ක්ෂණිකව අවශ්‍ය උපකරණ සති 02 ක් තුළ ද, අනෙක් උපකරණ මාස 2 1/2 ක් තුළ ද අවසන් කිරීමට නියමිතයි. පවතින ක‍්‍රමෙවිද වෙනස් නොකර රට සංවර්ධනය කිරීමට නොහැකියි.

කාසල් රෝහල ද සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. එය මාතෘ රෝහලක් ලෙස සියළු පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට නියමිතයි. වසර 25 ක ඉදිරිය දෙස බලා සංවර්ධන කටයුතු කළ යුතුයි. ඇතැම් අය රෝහල්වලට පරිත්‍යාග සිදු කරන්නේ නම ප‍්‍රසිද්ධ කර ගැනීමටයි. නමුත් කෘත‍්‍රීම ශ්වසන යන්ත‍්‍රයක් රෝහල්වලට පරිත්‍යාග කිරීමෙන් ජිවිත රැසක් ෙබිරා ගන්නවා. එය පුණ්‍යකර්මයක්.”  යැයි  ද වැඩිදුරටත් පැවැසීය.

– නිපුන් ඒකනායක

17 views

One Comment to “රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජනවාරි මස සිට වෙනස් කරයි..”

  1. “monawa wenas kalath wedak nehe mee yahapana eti molt tika wenas wenne nethiwa——lankawata wena sethak nehe me yahapalanaya -rata winasa karanawa witharai–

Main News