රජයේ-පුද්ගලික සියළු ආයතන දින කිහිපයක් වහන්න අවධානය…

March 15, 2020 at 3:00 pm | lanka C news
රජයේ-පුද්ගලික සියළු ආයතන දින කිහිපයක් වහන්න අවධානය…

රජයේ සහ පෞද්ගලික සියලු ආයතන දින කිහිපයක් වසා තැබීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ව්‍යාප්තිය පාලනය කිරීමෙන් අනුව අරමුණින් මේ පිලිබදව සාකච්ඡා කෙරේ.

දැනටමත් රජයේ පාසල් සහ පුද්ගලික අධ්‍යාපන ආයතන සියල්ලම වසා දමා ඇති අතර හෙට දිනයද රජයේ විසින් ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට නම් කර ඇත.

ඒ අනුව වර්ධනය වන තත්ත්වයන් තවදුරටත් සලකා බලමින් ඉදිරි පැය කිහිපය තුල මේ පිලිබදව තීන්දුවක් ගන්නා බව රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

305 views

12 Comments to “රජයේ-පුද්ගලික සියළු ආයතන දින කිහිපයක් වහන්න අවධානය…”

  1. සාධාරණ මිනිසා says:

    තත්ත්වය යහපත් වූ විට මේ වෙනුවෙන් දින කීපයක් ස්වෙච්ඡාවෙන් වැඩ කරමු !

    • Corania says:

      පිස්සුද ඕයි?

    • lotus says:

      නිරෝධායන මධ්‍යස්ථානවල කණ්ඩායම් වශයෙන් දැමූ නිසා ඒවා කොරෝනා බෝ කිරීමේ මධ්‍යස්ථාන බවට පත් වුණා. මේ හත් දෙනාට කොරෝනා හැදුනේ කොහෙදිද කියල රටට හෙළි කරන්න. ඇයි වේලි වේලි තියෙන හෝටල් ටිකක් අරගෙන තනි තනිව නිරෝධායනය කරන්න බැරි.
      චන්දෙට ඉදිරිපත් කරන අය දැක්කම, හොරු අල්ලපු ඇල්ලිල්ල දැක්කම, ආර්ථිකය කළමණාකරණය වෙන විදිහ දැක්කම, පරිසරය ආරක්ෂා කරන විදිහ දැක්කම, කුඩු තොග පිටිං බාන හැටි දැක්කම එක දවසක් හරි චන්දෙ කල් යනවා කියන්නේ ආණ්ඩුව අප්‍රිය වේගෙන හොම්බෙන් යන්න වෙන සීන් එකක් කියල කට්ටිය දන්නවා. මුන්ට රටට හෙන ගැහුවත් බලේ අඩු නැතුව ඕනි.

    • Lasantha says:

      දැන් මිනිස්සු ව්‍යාපාරික ස්ථානවලට නැතුව මේ බැංකුව ඇරලා තිබ්බාම චෙක් වලට සල්ලි දාන්නෙ කොහෙද ඒවට සහන කාලයක් දෙනවා නම් තමයි හොඳ

  2. සරා says:

    අවශ්‍යතාවය අනුව එය කල යුතුමයි.‌ෙමොකද සියළු කැප කිරිම් කර අවශ්‍ය තීන්දු අවශ්‍ය ‌ෙවෙලාවට ගත යුතුමයි.දැක්කානේ චීනය ඔවුන්ගේ සියළු ආර්ථික කටයුතු පැත්තකට දමා මුළු ෂඩ්ඩඩවුන් කර කරපු ක්‍රියාවලිය.ඒකේ ප්‍රතිපල මාස 2න් දැන් ලැබිලා.ඔවුන් මුලින් රට ඒ සදහා ‌ෙයොමු කරපු නිසා තමයි ඉක්මන් ප්‍රථිපල ලැබුනේ.වැනෙන තීන්දු ගත්තා නම් තවම චිනය අනතුරේ.‌ෙමෙනවා කරන්නත් ‌ෙපෙර රටේ මානව සම්පත රැක ගත යුතුයි.එය රැකුනොත් තමයි රටට පැවැත්මක් තියෙන්නේ.

  3. 77 UNP says:

    කොරෝනා වෛරසය මර්දනයට ගන්නා මෙම පියවර පිළිබඳව විරුධනොවෙන අතරම මේ තීරණය සමඟම බැඳී ඇති අනෙකුත් ප්‍රශ්නත් නිරාකරණය නොකලොත් මහා අවුල් ජාලයක් වෙනවා. ඉදිරි දින යෙදූ චෙක්පත් නියමිත දිනට බැංකු කරා යොමුවෙනු ඇති නමුත් නිවාඩු දිනවල ව්‍යාපාර කටයුතු සිදු නොවීම නිසා සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලින් ගෙවීම් සිදු නොවීම නිසා අදාල චෙක්පත් සඳහා ගිණුමට මුදල් දැමීමට නොහැකි වීමෙන් චෙක්පත් අගරුවීම වැඩිවෙනු ඇත. මෙවැනි ගැටළු නිරාකරණය සඳහා පිළියම් ලබාදීම රජයේ වගකීමයි.

  4. කැබි නරියා says:

    සතියක් මුලින් නිවාඩු දිය යුතුයි….. තත්ත්වය සලකා බලා මාසයක් පමණ රට වසා දැමිය යුතුයි…..

  5. Saradiel says:

    තැබෑරුම් වහන්න අමතක නොකරනු

  6. sanjaya mahesh says:

    දැන්ම නිවාඩු දුන්නොතින් අවුරුදු නිවාඩුව නැතිවෙනවානෙ 🙁

  7. Aniwa says:

    The fact is that it would take minimum of 12-18 months until a vaccine is found. So there’s no point locking down an entire country. For how long are we going to do this. We just need to look after the older generation who has underlying conditions. No need to panic, our people need to realise the truth.

  8. මොන අවුරුද්ද කන්නත් ජීවත් වෙලා ඉන්න එපයි සංගොන්ජෝ.

  9. Podi eka says:

    ඇඳිරිනීතිය දැම්මනං තමා වැඩේ හරියටම හරි

Main News