රජයේ මැදිහත් වීමෙන් වතු කම්කරුවන්ට ඉතිහාසයේ වැඩිම වැටුප් වර්දකය ලබාදුන්නා..- තොණ්ඩමන්

January 27, 2019 at 8:40 am | lanka C news
රජයේ මැදිහත් වීමෙන් වතු කම්කරුවන්ට ඉතිහාසයේ වැඩිම වැටුප් වර්දකය ලබාදුන්නා..- තොණ්ඩමන්

රජයේ මැදිහත් විමක් නිසා වතු කම්කරුවන්ට ඉතිහාසයේ වැඩිම වැටුප් වර්ධකයක් ලබාදිමට හැකි වු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය හමුවේදිය.

මෙම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වු ආරුමුගන් තොණ්ඩමන් මන්ත්‍රිවරයා කියා සිටියේ වතු කම්කරුවෙකුගේ මුලික වැටුප රු 200 කින් සහ පැමිණිමේ දිමනාව රු 50 කින් සහ අමතරව නෙලන තේ දළු කිලෝවක් සදහා රු15 ක් වශයෙන් නව වැටුප් වැඩි කිරිම සිදු කල බවයි.

මේ අනුව වතුකම්කරුවෙකුගේ මුලික වැටුප රු 700 දක්වා ඉහල යන අතර එම වැටුප එක් දිනක සේවයට වාර්තා කලද එම වැටුප ලැබෙන බවයි  තොණ්ඩමන් මහතා කියා සිටියේ.

වතු කම්කරුවන්ට ලබාදුන් නව වැටුපට වැඩියෙන් යම් මුදලක් ලබා දිමට කිසියම් පාර්ශවයක්  ඉදිරිපත් වන්නේ නම්  එ සදහා තම පක්ෂයේ පුර්ණ සහයෝගය ලබාදෙන බවද තොණ්ඩමන් මහතා පැවසිය.

වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වසර දෙකකට බල පැවැත්වෙන සේ ඉදිරි සතියේදි දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කරන බවත්, එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමෙන් පසු මාස තුනක හිග වැටුප්ද වතු කම්කරුවන්ට ලැබෙන බවයි තොණ්ඩමන් මහතා කියා සිටියේ.

වතු කම්රුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු සමාගම්වලට විරෝධය පා තොණ්ඩමන් මන්ත්‍රිවරයා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ  ජෙෂ්ඨයන් මාස තුනක් තිස්සේ කළු ඇදුම් පැළද දැක් වු විරෝධය ඊයේ (25) සිට අවසන් කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

121 views

2 Comments to “රජයේ මැදිහත් වීමෙන් වතු කම්කරුවන්ට ඉතිහාසයේ වැඩිම වැටුප් වර්දකය ලබාදුන්නා..- තොණ්ඩමන්”

  1. Udarata Menike says:

    වෙස්මූනු දාගෙන උඩුබුරලන එන්ජීඕ කාක්කෝ, සමලින්ගිකයෝ, ගනිකාවෝ සහ තට්ටයෝ දන් වතු කම්කරුවන්ට ඉඩදී අයින් වෙයව්, බොර දියේ මාළු බාන්නේ නැතිව.

  2. Love nature says:

    යන්ත්‍ර මාර්ගයෙන් තේ කොල කැඩීම ආරම්බ කල යුතුය විශේෂයෙන් පිරිසිදු බාවය සදහා

Main News