ගනුදෙනු විශාල ප්‍රමාණයක් වෙනවා යනු ආර්ථිකය හොදයි කියන එකයි.. වසංගතය මැදත් අපි සංවර්ධනය කරන්නේ ඒකයි…

February 23, 2022 at 8:40 am | lanka C news
ගනුදෙනු විශාල ප්‍රමාණයක් වෙනවා යනු ආර්ථිකය හොදයි කියන එකයි.. වසංගතය මැදත් අපි සංවර්ධනය කරන්නේ ඒකයි…

‘රජයේ මුදල් නිකම් බෙදනවා වෙනුවට, වඩා සුදුසු එම මුදල් වැඩකරන මිනිසුන්ට කරන ගෙවීම් හරහා රටේ ආර්ථිකයට එක් කරනා එකයි ’ යයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඒ් මහතා මෙම අදහස් පළ කර සිටියේ, දිනපතා අනුරාධපුරයට ඇදී එන දහස් ගනන් මගීන්ට පහසුකම් සලසන නව බස් නැවතුම්පොළ අසල රුපියල් මිලියන 1176 ක ආයෝජනයකින් ඉදිකිරීමට නියමිත දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම ව්‍යාපෘතිය 2023 සැප්තැම්බර් මස අවසන් කිරීමට නියමිතය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා, ‘‘ රටක ආර්ථික ක්‍රියාවලිය කියන්නේ ගනුදෙනු වල එකතුවක්. යමෙක් ලබා දෙන සේවාවට හෝ භාන්ඩයකට තවකෙනෙක් ගෙවීමක් කරනා විට එතන ගනු දෙනුවක් සිද්ධවෙනවා. රටේ ගනු දෙනු විශාල ප්‍රමාණයක් සිදුවෙනවා කියන්නේ ආර්ථිකය තුළ යහමින් මුදල් හුවමාරු වෙනවා කියනා එකයි. සංචාරකයෝ යම් ප්‍රදේශයකට ඇවිත් එහි තිබෙන භාන්ඩ මිළදී ගන්නා විට එහෙමත් නැත්නම් එහි තිබෙන සේවාවන් මිළදී ගන්නා විට එම ප්‍රදේශයේ ආර්ථිකය ශක්තිමත් වෙනවා මොකද අළුතින් ඒ ප්‍රදේශයට මුදල් ගලා එන නිසා. මේ හේතුව නිසා අපට විදේශීය සංචාරකයෝ වගේම දේශීය සංචාරකයොත් වැදගත්. සාමාන්‍යයෙන් රට තුල ඕනෑම වෙලාවක බහුතරයක් අපි දකින්නේ දේශීය සංචාරකයෝ. ඒ අය රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා.

අනුරාධපුරය කියන්නේ ඓතිහාසික නගරයක්. අපේ රටේ වැදගත් පූජා භූමි රාශියක් මෙහි පිහිටා තිබෙනවා. මේ නගරය සංවර්ධනය කරන්න ඒ වගේම පූජා භූමින් සංවර්ධනය කරන්න රජය පසුගිය කාලේ විශාල මුදල වැයකලා. මගේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේත් ව්‍යාපෘති ගනනාවක් නිම කලා. අදත් අපි ව්‍යාපෘති තුනක් අවසන් කොට විවෘත කලා. දැන් අපි මේ ආරම්භ කරන්නේ අනුරාධපුරයට දිනපතා ඇදී එන දහස් ගනන් විදේශ හා දේශීය සංචාරකයන්ට පහසුකම් සලසන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්. මා මුලින් කී ආකාරයට රටේ ආර්ථිකයට ඍජු හා වක්‍ර දායකත්වයක් මේ ව්‍යාපෘති හරහා අපි ලබා දෙනවා.

අපේ රටේ විදේශ රටවලින් ලබා ගන්නා දීර්ඝ කාලීන ණය මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති රාශියක් තිබෙනවා. නමුත් මේවා ගැන නිසියාකාරව සොයා නොබැලුවොත් මේ ව්‍යාපෘති කාලයක් තිස්සේ මහජන මුදල් නාස්ති කරමින් ඇදි ඇදී යනවා. වර්ථමාන රජය බලයට පත්වුනාට පසු එවැනි ව්‍යාපෘති ගැන සොයා බලා ඒවා කඩිනම් කරනා ලෙස ජනාධිපතිතුමා සෑම අමාත්‍යාංශයකටම උපදෙස් දුන්නා. ඒ අනුව සොයා බැලුවිට නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතෙත් එවැනි ව්‍යාපෘති කිහිපයක්ම අපි හඳුනාගත්තා. ඒ ව්‍යාපෘති බාරව සිටි අකාර්යක්ෂම නිලධාරීන් ඉවත් කොට ඒවා ප්‍රතිසංවිධානය කොට වේගවත් කරන්නට අපි කටයුතු කලා. අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘති අපේ රජය යටතේ වේගවත් වෙලා තිබෙන්නේ මේ අනුවයි. අද අපි ආරම්භ කරන බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමත් කාලයක් තිස්සේ සැලසුම් මට්ටමේ හිරවී තිබුන එවන් ව්‍යාපෘතියක්. නමුත් අපි දැන් එය පටන් ගෙන වසර 2 ක් ඇතුලත් නිම කරන්නට බලා පොරොත්තු වෙනවා. ජනාධිපති තුමාගේ ධුර කාලය තුල විශාල සංවර්ධනයක් මේ ප්‍රදේශයට ගෙන එන්නට අපි කටයුතු කරනවා.

සමහර වෙලාවට මිනිස්සු අපෙන් අහනවා රටේ මේ තරම් අමාරුකම් තිබියදි සංවර්ධන කටයතු කරන්නේ ඇයි කියා. එය ආර්ථික විද්‍යාව නොදන්නා කම නිසා අසන ප්‍රශ්නයක්. රටක ආර්ථික දුෂ්කරතාවක් තිබෙනා විට මිනිසුන්ගේ අතේ මුදල් හිඟවෙනවා. මිනිසුන් මුදල් වියදම් නොකරන කොට එය ආර්ථිකයට බලපානවා. මොකද එක් අයෙක් වියදම් කරනවා කියන්නෙ තව කෙනෙකුට ආදායමක්. මේ වෙලාවේ රජය වියදම් නොකර හිටියොත් විශාල පිරිසකට ආදායම් අහිමි වෙනවා. සංවර්ධන ක්‍රියාවලියක් හරහා රජය පැති කිහිපයකින් ආර්ථිකය නංවා ලන්නට උදව් කරනවා. එක පැත්තකින් අපි අනාගතයේ බොහෝ කාලයක් භාවිතයට ගත හැකි සම්පත් ගොඩනගනවා. ඒවාට අද යන වියදමට වඩා විශාල මුදලක් අනාගතයේ වැය කරන්නට වෙනවා අපි ඒ සංවර්ධන කටයුතු ප්‍රමාද කලොත්. අනික් අතට රජය යොදවන මුදල් අවසානයේ යන්නේ ජනතාව අතටමයි. මේ ව්‍යාපෘති වලට සම්බන්ධ වන ආයතනවලට , ඒවාට විවිධ සේවා සපයන තවත් ආයතනවලට, ඒවායේ වැටුප් ලබන සේවකයන්ට, සේවා සපයන අතරමැදියන්ට, ඔවුන් ලබන ආදායම හරහා ඒ අය බඩු භාන්ඩ හා සේවා ලබා ගන්නා තවත් ආයතනවලට හා පුද්ගලයන්ට මේ ආදායම බෙදී යනවා. රජය සමගම ගනුදෙනු කරන ආයතන ඔවුන්ගේ ලාබයෙන් කොටසක් බදු විදියට රජයටම ආපහු ගෙවනවා. මේ සියළු ආකාර වලින් මුදල් යන්නෙ අවසානයේ ජනතාව අතටමයි. අමාරු කාලයක් කියා රජයේ මුදල් ටික නිකම් බෙදුවොත් එය ආර්ථිකයට උදව්වක් වෙන්නේ නැහැ. මේ ක්‍රමයට වැඩ කරන මිනිස්සු අතට මුදල් බෙදී ගිහින් එය ආර්ථිකය සක්‍රීය වන්නට උපකාරයක් වෙනවා” යැයි පැවසීය.

මේ අවස්ථාවට ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.පී.එස්. කුමාරසිරි, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, අනුරාධපුර නගරාධිපති සෝමදාස, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල්(විශ‍්‍රාමික) උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින් විශාල පිරිසක්ද සහභාගී වූහ.

ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්

11,294 views

10 Comments to “ගනුදෙනු විශාල ප්‍රමාණයක් වෙනවා යනු ආර්ථිකය හොදයි කියන එකයි.. වසංගතය මැදත් අපි සංවර්ධනය කරන්නේ ඒකයි…”

  1. කිරිමල්දෙනිය says:

    ඔබලා වැනි වියත්තු වදාපු අම්මලා ට තෙරුවන් සරණයි
    අපි ඒ උදවිය උදේ හවා මතක් කරන බව කියන්න .
    නඩු ටිකෙන් ගොඩ ගිය එකට සුබ පැතුම් …

  2. julie says:

    යකෝ.. උබ ලංකාවෙ නෙමේද ඉන්නෙ. ශෙඩ්වල තෙල් නෑ. පැය 5ක් කරන්ට් එක නෑ.. මූ බයිලා කියනවා..

  3. 0.00069 BIYYO says:

    යකෝ.. උබ ලංකාවෙ නෙමේද ඉන්නෙ. ශෙඩ්වල තෙල් නෑ. පැය 5ක් කරන්ට් එක නෑ.. මූ බයිලා කියනවා..
    ඔබලා වැනි වියත්තු වදාපු අම්මලා ට තෙරුවන් සරණයි
    අපි ඒ උදවිය උදේ හවා මතක් කරන බව කියන්න .
    නඩු ටිකෙන් ගොඩ ගිය එකට සුබ පැතුම් …

  4. Gorilla says:

    අද දවසට පැය 4 ක් විදුලිය නැ. වරෙන්කො චන්දෙ ඉල්ලන් ගූගහල පන්නනේ.

  5. Nuwan says:

    පලයං යන්න කාලකන්නියා. තොපිට හෙන ගහන්න ඕන මේ රටට කරන අපරාධ වලට

  6. Raj kolla says:

    මිනිස්සුන්ට කන්න හාල් ටික නෑ.
    ගෑස් නෑ.
    ලයිට් නෑ.
    වාහනේට පෙට්‍රල් නෑ.
    ගේ කෑල්ලක් හදා ගන්න වෙනසක් කර ගන්න
    සිමෙන්ති නෑ. ටයිල් නෑ.
    ජීවිත කාළෙම මහන්සි වෙලා හම්බ කරපු
    සල්ලි වලින් වාහනයක් ගන්න විදියක් නෑ.
    ගොවියාට පොහොර ටික නෑ.
    අමාරුවෙන් හදා ගන්න එළවළු ටික
    සාධාරණ මිළකට විකුණගන්න විදිහක් නෑ.
    දරුවෙක්ව පිටරටක ඉගෙනුමකට යවන්න
    ඩොලර් ටික ගන්න විදියක් නෑ.
    රට රස්සාවකට යන්ඩ යන මිනිහෙකුට
    කිසිම විදිහකින් උදව්වක් කරන්නෑ.
    ඒ වුණාට සව් බාගේ බේරෙනවා.
    කයිවාරු පම්පෝරි කියවනවා.

    • Rohan says:

      Raj kollo, Buuru sajiyage walle ellala thiyena 20,000. kataia wetenakam…uda balaagena hitapan.
      umba usa nam murakaara..kota nam kamkaru, asuchi walawalwala gilila comment karana umbala
      ratata mahaa saapayak,

  7. sajith පුතා says:

    නොදකකින් තෝ. මමත් ඡන්දය දුන්න තොට

  8. මරතේනිස් අයියා says:

    මේ අයට නේද අපේ කට්ටිය වියත්තු කියල කිව්වේ…..?😆😆😆😆😆😆

    • nalin says:

      Marathelis aiye,,,,,,oba kiyana de ekka mama ekanga wenawaa.
      wiyathun kiyanne ,,,gon ranja, hiruni, harin, kimbula, pacha ranawaka, wage kalliya,

Main News