රජයේ රැකියා දීම පාපයක්.. ආයතන කඩා වැටෙනවා..- මංගල

August 19, 2018 at 3:50 pm | lanka C news
රජයේ රැකියා දීම පාපයක්.. ආයතන කඩා වැටෙනවා..- මංගල

රජයේ රැකියාවක් ලබා දීම පාපයක් බවත් තමන්ද ඒ පාපයේ කොටස්කරුවෙක් බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

ඇමතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ මාතර උයන්වත්තේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

ජනතාව දේශපාලකයාගෙන් ඉඳුල් කන යුගයක් අවසන් කරමින් අනාගතය තම දෑතට ගන්නා යුගය ආරම්භ වී ඇති බවත් රැකියා ඉල්ලමින් තරුණ තරුණියන් ඇමතිවරුන්ගේ කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටින විට අවසන් කර යුතුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

අද වන විට රජයේ රක්ෂාවල් නොමැති බවත් 1000කට පඩි ගෙවිය හැකි කාර්යාලයක 3000ක් පමණ සේවකයන් සිටින බවත් රජයේ ආයතන දිගින් දිගටම පාඩු ලබන්නටත් එම ආයතන කඩා වැටෙන්නටත් මෙම හේතුවද බලපාන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

115 views