රජයේ වතු 17ක්, කර්මාන්ත ශාලා 03ක් විකුණයි..

December 14, 2016 at 8:02 am | lanka C news
රජයේ වතු 17ක්, කර්මාන්ත ශාලා 03ක් විකුණයි..

ආණ්ඩුව විසින් රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත්ව ඇති වතු 17ක් හා කර්මාන්ත ශාලා 03ක් විකුණා දැමීමට සූදානම් වන බව ලංකා වතුසේවා සංගමය පවසයි.

සංගමයේ සභාපති ධම්මික ජයවර්ධන පවසන්නේ මේ හේතුවෙන් වතු නිලධාරීන් සහ වතු සේවකයන් 9000 කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇති බවයි.

වතු විකුණා දැමීම සදහා මේ වන විට ඒවායේ ඇති විශාල ශාක ගණනය කිරීම් අරඹා ඇති බවද ඔහු සදහන් කරයි.

292 views
Main News