රජයේ වෛද්‍ය නිලධාරී සංගමයද විමල් වීරවංශ මන්ත්‍රීවරයා වගේමයි..- සෞඛ්‍ය ඇමති

June 6, 2017 at 6:39 am | lanka C news
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයද විමල් වීරවංශ මන්ත්‍රීවරයා වගේමයි..- සෞඛ්‍ය ඇමති

ඩෙංගු රෝගීන් සදහා ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය රජයේ රෝහල්වල නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නගන චෝදනා සාවද්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පානදුර ප්‍රදේශයේ දුප්පත් පවුල් 80 කට වියළි ආහාර මලු පිරිනැමීෙමි අවස්ථාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධ රජයේ රෝහල්වල නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සිදු කරන්නේ අමූලික බොරුවක්. එම සංගමයේ නිලධාරීන් පාර්ලිමෙින්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ කෘති එළිදැක්වීමට ද සහභාගි වුනා කියලා මට දැනගන්න ලැබුනා. එම නිසා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා වගේමයි. රජයේ රෝහල්වල මෙම ඖෂධය අවශ්‍ය තරම් තිඛෙනවා. අගහරුවාදා රාත්‍රීයේ තවත් ඖෂධ තොග තායිලන්තයෙන් ලංකාවට ලැඛෙනවා. වසර ගණන් තියාගන්න ඖෂධ තොග ලැඛෙන්නේ නැහැ. මෙම ඖෂධය වෙළෙදපොලෙන් මිලදී ගන්නත් බැහැ. තායිලන්ත රජයෙන් විතරයි ලබාගන්න පුළුවන්. අවශ්‍ය තරම් ඖෂධ තොග ලබාදෙන්න තායිලන්ත රජය පොරොන්දු වී තිඛෙනවා. ඖෂධ නොමැති බවට බොරු ප්‍රචාර සිදු කරන වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්දැයි මට ප්‍රශ්ණයක් තිඛෙනවා.”

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නිසි පරිදි සහන නොලැඛෙන බවට පාර්ලිමෙින්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයක් පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහදී අදහස් පළ කරන ලදි.

“ගංවතුර ආධාර රජය විසින් නිසි පරිදි ඛෙදා දෙනවා. රජය සහ ස්ෙවිචිඡා සංවිධාන ආධාර ඛෙදා දුන්නේ නැතිනම් කවුද ඛෙදා දුන්නේ. ඉදිරියටත් ජන ජීවීත ගොඩනැගීමට සහයෝගය ලබාදෙනවා. අපි දැක්කා විමල් වීරවංශලා සහ රාඡපක්ෂලා මොනවත් නැතිව අත වන වනා අවතැන් වූවන් බලන්න යන හැටි.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

20 views

7 Comments to “රජයේ වෛද්‍ය නිලධාරී සංගමයද විමල් වීරවංශ මන්ත්‍රීවරයා වගේමයි..- සෞඛ්‍ය ඇමති”

  1. Sri lankan says:

    Suduwella people’s Bank eke 4 denekuta dengue..

  2. බන්ඩා says:

    අවතැන් උන ජනතාවගෙ ඔිිනැ එපා කම් සොයා බැලුව නම් ඔහුන්ට අතරට ගිහින් සහන බෙදල දුන්න නම් යහපාලකයින්ට ලෙහෙසියෙන් චන්ද දිනන්න පුලුවන් වෙන්න ඔිනා. කට මෑත නැතුව දැන් අවුරැදු දෙකක් කල් දමපු චන්දය වහාම තියපියව්.

  3. Mlt says:

    Ithin oya kaiwaru okkoma karanawanam health staff okkoma ekka (gmoa, gnoa) mey meetings tiyandako rajitha amathithumo…ay bayai da hora ahu wei kiyala

  4. සෙල්ලං සේන​ says:

    විමල් වීරවංශ ඒ පොත් ලියන්න සියළු තොරතුරු ලබා ගත්තෙ චතුර සේනාරත්නගෙන් කියල අනිද්ද පත්තරේ තියනවලු ඕං.

  5. Alfi says:

    Minister Ragitha is bogus news broadcaster

  6. gajaba says:

    අපිත් දැක්කා ඔබ තුමා අර තෙවපෙරුම මන්තිරි වගේම බැහැලා වැඩ කල හැටි, අර ඔබගේ මැටි ගොබ්බ පුතා නැෂනල් සුට් ගහලා, කිබුලා වගේ කට ඇර ඇර බෝට්ටුවේ නැගිලා මිනිසුන්න්ට උදව් කරන්න ගිය හැටි, අනේ මෝඩ ඇමතියෝ, පුතත් මැට්ටා, තාත්ත ගේ ජාන හරියටම කොපි කරරගෙන අරගෙන

  7. upul says:

    තාම ලෙලි සඉ ට ම් එකේ හිරවෙලාද? මොකෝ වෙලා තියෙන්නේ,

Main News