රජයේ සංස්ථා මාස අටට කෝටි 8,150ක පුද්ගලික බැංකුවලින් ණය අරන්
December 27, 2016 at 12:00 pm | lanka C news
ශ්රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා අනුම 2016 වසරේ මුල් මාස 8ක කාලය තුළදී පමණක් රජයේ සංස්ථා වාණිජ බැංකුවලින් කෝටි 8150ක ණය මුදලක් ලබාගෙන තිබේ.
ශ්රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි 560ක්, ලංකා පොහොර සමාගම කෝටි 400ක්, කොළඹ වාණිජ පොහොර සමාගම කෝටි 340ක්, ශ්රී ලංකා නැව් සමාගම කෝටි 340ක් වශයෙන් වැඩියෙන්ම ණය ලබාගත් ආයතන වෙයි.