රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

September 22, 2022 at 10:00 am | lanka C news
රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

අද වන විට රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවා ගැනීමටවත් ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා සිදුවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් මුදල් අච්චු ගැසීමට ද නොහැකි බව අමාත්‍යවරයා පැවසීය.

මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

“පවතින ආර්ථික අර්බුදයේ මාසිකව රජයේ වැටුප් බිල පවා ගෙවාගන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නෑ. අපි මේ සභාවේ කතා කළ යුතු ප්‍රශ්නය තමයි රාජ්‍ය ආදායම ඒ තරම් ඇනහිටීම කරැණුකොටගෙන මේ වර්ශයේ අපිට විශාල ගෙවීම් ප්‍රමාණයක් තිබෙනවා ගෙවාගන්න බැරිව.

උදාහරණයක් වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කරලා නිම වුණු වැඩ වලට මගේ ලග බිලි තියෙනවා බිලියන 100ට අධික ප්‍රමාණයක්. ඒ අය පත්වෙලා තිබෙන දුෂ්කරතාවය අපිට හොඳට තේරෙනවා. මොකද ණය වෙලා, බැංකු පොලී අරන් තමයි ඒ කොන්ත්‍රාත් අරන් තියෙන්නේ. කලින් ක්‍රමයට අච්චු ගහලා දෙන්නත් බෑ.

මොකද අපි මේ ණය ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහනක් යනකොට අපිට මූල්‍ය වැරදුනා කිව්වොත් තවදුරටත් ඒ යෝජනා කරැණු වලට යන්න බැරි තත්ත්වයක් තියෙනවා”

 

79,742 views

30 Comments to “රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..”

  1. Felix says:

    Gon Molayak Mee Baiaata Thiyenne.
    Treasury Bills Nikuth Karala, Salli Hoyapan, Print Karanna Behe Thamai. Meyagen Igen Gaththa Un Thama Ada Mee Wage Mooda Walakata Rata Edala Daala Thiyenne.

  2. gobbaya says:

    Oooka echchra loku prashnyak neveyi sir, thawa amathiwaru 50-60 pathkarala, rajee seewakayanta padi thaken demu?

  3. Sri Lankan says:

    Abolish Inland Revenue Dept which cannot collect tax money from taxable people.

    • Pronto says:

      Why are they not doing it? Mahindananda also revealed this fact in parliament two three days ago.but the Govt.is maintaining a dead silence! WHY THE GOVT; CANNOT DO IT???

  4. hik hik says:

    මෙහෙමත් තියාගෙන් ඇයි රජයේ වියදමින් මුන් ආච්චි බලන්න තොගපිටින් ගියේ.

  5. RW says:

    ඈ ප……තොපිට අපි පඩි ගෙවන්නේ ඔය කතන්දර අහගන්නද?.

  6. RITIGALA says:

    මොකද කරන්නේ..?? api monawa hari karanna balannam….

  7. Lucky says:

    මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්ට ගෙවන පඩි. උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර කවදත් රටට හම්බ කරලා දෙන්න ඉන්නේ පෞද්ගලික අංශයේ දිවා රෑ නොනිදා වැඩ කරන ඉතා සුලු පිරිස විතරමයි. උන්ව රැකගන්න එක දේශපාලන බල්ලෙක් නෑ. හැම රජයක්ම කරේ පෞද්ගලික අංශයට වැහෙනකන්ම ටැක්ශ් ගහලා ඒ සල්ලි වලින් රාජය සේවයේ ඉන්න නිකමුන් නඩත්තු කරපු එක. වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට රජයට කිසිම ප්ලැන් එකක් නැතත් සල්ලි අච්චු ගහ ගහා පින් බත් ගිලින රාජ්ය සේවකයෝ නඩත්තු කරන එක මූලික වග කීම කරගෙන තියෙනවා. ඒකෙන් මේ සරු කෙත තව තවත් වලපල්ලටම යනවා. පවුද්ගලික අංශයේ මහින්සිවෙලා වැඩකරන එකාගේ පඩියත් නිකන්ම දියාරුවෙලා යනවා. මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත රාජ්ය නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. පාඩු හෝ ලාබ ලබන සියලු රාජ්ය අංශ පෞද්ගලීකරනය කල යුතුයි. 95%ක් විතර ඉන්න පින්බත් කෙලින රාජ්ය සේවයේ නිකමුන්ට වන්දි වෙනුවට කසපාර 100ක් දී පන්නන්න ඕන. එහෙම කරොත් අඩුම ගානේ උන් ජෙප්පොන්ගේ පදේට උද්ගෝසන තිය තිය රට ගිනි තිය තිය ඉන්නෙ නැතිව, ස්වයන් රැකියාවක් හරි කරලා රටේ නිශ්පාදනයට සුලුවෙන් හෝ දායක වෙනවා. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති. සල්ලි අච්චු ගහ ගහා පින් බත් ගිලින උන් නඩත්තු කරපුවාම ඒකෙන් නහුතෙට නගින බඩු මිල එදා වේල දුක් මහන්සි වෙලා කුලී වැඩ කරලා හම්බ කරගන්න අහින්සකයා ගෙවන්නේ කොහොමද?

  8. kumi says:

    so why you fools appointed so many state ministers and other ministers and maintain them and their families as well when we are facing such a critical situation.

  9. වෙබ් බුවා says:

    පඩි නැති වුනොත් කන්නෙ තෝපේ මස්

    • Lalla says:

      රාජ්‍ය සේවයේ බහුතරය නිකමුන්.ඒ අය ඉවත්කර අත්‍යාවශ්‍ය සේවයට අවශ්‍ය අය පමණක් තබාගන්න. වෙන විකල්පයක් නෑ.මහින්ද සොරා රාජ්‍ය සේවයට ඔලුගෙඩි පුරවා කල විනාශය….

  10. මොළේ ඇතුව හරි දේ නොකොලොත් ඉවරම තමයි says:

    බොරුවට කැරකි කැරකි සාප්පු ගානෙ ගිහින් ඇදුම් දදා හැඩ බලමින් කාලය නාස්ති කරන නමුදු හරිහමන් සුදුසුකමක් හෝ වැඩ කිරීමේ හැකියාවක් නැති අයව දේශපාලකයන් විසින් පත් කළ සුළු තනතුරු ලිපිකරු තනතුරු වගේම නූගත් රාජ්‍ය හා වෙනත් ඇමතිවරුන්ගේ තනතුරුද වහා ඉවත්කරන්න. මුන්ට වන්දි ගෙවා ඉවත් කලත් පාඩු නෑ. නැතිනම් ලෙබනනය වගේ බැංකු කඩා වැටී හොරු මංකොල්ලකාරයො මහ දවාලෙත් මිනිස්සුන්ට වෙඩි තියන චිකාගෝවක් වේවි.

Leave a Comment

Main News