රජයේ සේවකයින්ට අපමණ අගයක්.. මාසික වැටුප දෙකට කඩා කෑලි දෙකකට දෙවතාවකදී දෙයි..

February 8, 2017 at 10:40 am | lanka C news
රජයේ සේවකයින්ට අපමණ අගයක්.. මාසික වැටුප දෙකට කඩා කෑලි දෙකකට දෙවතාවකදී දෙයි..

ඉතා නුදුරේදීම රජයේ සේවක මාසික වැටුප කොටස් දෙකකට ලබා දීමට සූදානමක් ඇති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සම්මේලනය කියා සිටී.

සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් 20-25 අතර දිනක ලබා දෙන මාසික වැටුපෙන් මූලික වැටුප පමණක් එම දිනට ලබා දී දීමනාවන් 5-10 අතර දිනකදී ලබා දීමට තීරණය කර ඇති බවයි.

ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටින්නේ මෙම තීරණය ඉතා අසාධාරණ බවත් ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට වුවද පසුබට නොවන බවත්ය.

131 views