රජයේ සේවක පඩි ගෙවන්න සල්ලි නෑ.. ආණ්ඩු කරන්නේ මා නොවේ අගමැති ඇතුළු පිරිසයි.. අරලියගහ මැදුර වටලන්න..- විරෝධතාකරුන්ට ජනපති කියයි..

April 9, 2019 at 1:20 pm | lanka C news
රජයේ සේවක පඩි ගෙවන්න සල්ලි නෑ.. ආණ්ඩු කරන්නේ මා නොවේ අගමැති ඇතුළු පිරිසයි.. අරලියගහ මැදුර වටලන්න..- විරෝධතාකරුන්ට ජනපති කියයි..

තවත් මාස කිහිපයක් ඇතුළත රජයේ සේවකයන්ට පඩි ගෙවීමට වත් නොහැකි තරමට ආණ්ඩුව අර්බුදයකට යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

එම අර්බුදය පැමිණි විට ජනාධිපති මන්දිරය වැටලීමට එන විරෝධතාකරුවන්ට අරලියගහ මන්දිරය වටලන්නැයි තමන් විසින් පවසන බවත් ආණ්ඩුව කරන්නේ තමන් නොව අගමැතිවරයා ප්‍රමුඛ කණ්ඩායම විසින් බවත් තමන් පවසන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ දී හමුවූ අවස්ථාවේදීය.

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමට කලින් පාර්ලිමේන්තුවේ දී මෙම හමුව සිදු වූ අතර ඊට සන්ධානය සියලු මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී විය.

මෙම අර්බුදයට ගත හැකි විසඳුම කුමක්දැයි සන්ධාන මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා ඇත්තේ ආණ්ඩුව වෙනස් කිරීම හැර වෙනත් පිළිතුරක් නැති බවයි.

52 views

15 Comments to “රජයේ සේවක පඩි ගෙවන්න සල්ලි නෑ.. ආණ්ඩු කරන්නේ මා නොවේ අගමැති ඇතුළු පිරිසයි.. අරලියගහ මැදුර වටලන්න..- විරෝධතාකරුන්ට ජනපති කියයි..”

  1. Open mind says:

    පොකට්කාරයා දුවන ගමන් පිටුපසින් එන එකාව පෙන්වා බේරෙන්ට හදනවා.

  2. baludanda says:

    rata yali goda naganna nam parajika wechcha RANIL,MAHINDA, MAITREE yana thundanama elawa dama( mun 70 penapu asamathkarayo) usas upadi ethi,nenawath, medahath honda paulaka keneku soyagena rata bara demu.ranil asamathma kalakanniyek, O.L sirisena moda kayyek, buddipalaya 50, mahinda ousthakalasevakayek darunnu paula raja karawanna dangalana hedging hora ithiriwa oba dannawa.

  3. හැකහැක says:

    විපක්ෂය උද්ඝෝෂනත් නෑ….පා ගමනුත් නෑ…රට ගිනි ගන්නවා වි.නා(මහින්ද) වයින් බිබී වීණා වයනවා.
    අය වැය පරැද්දුවේ නැත කියා ජනාධිපතිට බනිනවා ෂෝ එකට.

  4. HEKA heka mahathmaya,
    mahinda thama PASUGIYA wasara hathraka tisse rata winasa kala kumantranya karamin inne. me manussaya NEETHI WIRODEEWA PADI DEKAK GANNAWA.INNE NIKAN, KANNE, NIKAN,BONNE NIKAN, PETROL NIKAN, PHONE NIKAN, WATHURA NIKAN, WIDULIYA NIKAN ARAKSAWATA KOTIGANAN APE SALLI YANAWA
    BORUDA>??????????
    ITHIN MUN RATATA APATA ADAREDA???????

    sure meya plakaranne netha

Main News