රජයේ සේවක බදු සහන වාහන බලපත්‍ර යලිත්.. බදු සහන යතුරු පැදිත් දෙයි..
November 8, 2018 at 12:40 pm | lanka C news
පසුගිය රජය විසින් අත්හිටුවන ලද රාජ්‍ය සේවකයන්ට තීරු බදු සහන වාහන බලපත්‍රය නැවත වතාවක් ලබා දීමට නව රජය විසින් කටයුතු සම්පාදනය කරමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.
මේ සම්බන්දයෙන් දැනටමත් මුදල් අමාත්‍යංශයට අවහ්‍ය උපදෙස් ලබා දී ඇති බවද ඒ මහතා සදහන් කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
මේ අතර රජයේ සේවකයන් සදහා බදු සහන යතුරු පැදි ලබා දීමේ වැඩපිලිවෙල නැවත වතාවක් ආරම්භ කිරීමටද අවධානය යොමුව ඇත.